Tuesday, May 8, 2018

                     දඹදෙණි සාහිත්‍ය පිළිබඳ විමසුමක්





 කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්‍ෂක, ප‍්‍රාචීන       පණ්ඩිත, 
  බොරළුගොඩ සුමංගල හිමි

මෙහි පළවන ලිපිවල අදහස් හා මත ඒ ඒ ලේඛකයන් සතු බව සැළකිය යුතු ය.
මෙහි පළවන ලිපිවල අන්තර්ගතයන් ප‍්‍රාචීන පණ්ඩිත හා                                                            විශ්වවිද්‍යාල විභාග සඳහා අදාළ වේ. 




මිනිසා තමා සතු සුවිශේෂී බුද්ධිය යොදා ගනිමින් මිනිස් පරිණාමය ඇරැුඹි දිනයේ පටන් අද දක්වා ඇති නිර්මාණ පුදුම සහගතය  එම නිර්මාණ තුළින් අද ලෝකයා කෙතරම් සුඛෝපභෝගී ජීවිත ගත කරනවාද යන්න ඉතා කාර්යබහුලව ජීවිතය නැමති ධාවන තර`ගයේ යෙදෙන අපට මොහොතකට ඉන් නිදහස් වී සිතා බලන විට වැටහේ. එසේ මිනිසා තාක්ෂණයෙන් දියුණු වූවා සේ ම මිනිසා විසින් නිපදවු නිර්ව්‍යාජ අකලංක නිර්මාණයක් ලෙස විශ්ව සාහිත්‍ය පෙන්වා දිය හැකිය. ඒ අනුව ලොව පවතින රටවල තම රටේ පවතින උතුම්ම වස්තුව ලෙසින් සාඩම්බරව කියවා රස විඳින්නේ තම රට සතු සාහිත්‍යයයි. එසේ ඇති වූ සාහිත්‍ය ස්වකීය රට තුළ සුවිශාල පරිවර්තයන්ට ද ඉවහල් වූ බව ඉතිහාසය සාක්‍ෂි දරයි. 

මෙසේ ලෝකයේ නොයෙකුත් රටවල් තුළ සාහිත්‍යයන් බිහි වන විට ලක්දිව ද මහාර්ග  සාහිත්‍යයක් ගොඩ නැගී තිබුණි. මහා මහින්ද හිමියන්ගෙන් ලක්්දිව සිංහල සාහිත්‍යය ඇරඹුණු බව කෙතරම් මත ගැටුම් තිබුණත් අප පිළිගත යුතුම ය. නමුදු එම සාහිත්‍යය බිහි කිරීමේ සම්පූර්ණ ගෞරවය භික්ෂූන් වහන්සේලාට හිමිවිය යුතු බව කිය යුතු නැත. මෙරට සංස්කෘතිය මෙන්ම සාහිත්‍යය ද ගොඩනැගුනේ බුදු දහමේ ආභාෂයෙනි. එහි මූලාරම්භය හෙළටුවා බිහිවීම යි. බුද්ධඝෝෂ හිමියන්ට අනුව මහා පච්චරිය, කුරුන්දි, බෙල්ලි, මහාට්ඨකතා නම් වෙත්. අටුවා නම් අර්ථ කථනයන්ය. මෙම සිංහල අටුවා බිහිවූයේ ක‍්‍රිස්තු පූර්ව යුගයේදී වන අතර ලක්දිව එසේ ඇරඹි මුල් මුල්ම හා විශාලම අට්ඨකථාව වන්නේ මහා අට්ටකථාවයි. එමෙන්ම දෙවෙනි අටුවාව වන මහා පච්චරිය අටුවාව මහා පහුරක සිට ලියැවෙන්නට ඇති බවත්, එබැවින් මහා පච්චරිය නම් ලද බවත් වියත්හු පවසති. වළගම්බා රාජ්‍ය කාලයේ ඇති වූ බැමිණිතියා නම් නිය`ගයේ දී වෙනත් දේශයකට යාම් සඳහා දඹකොළ පටුනට එක්ව එහිදී තැනූ පහුරක සිට භික්ෂූන් වහන්සේලා අනා අනාග අනාගත යහපත් උදෙසා මෙය රචනා කරන ලදැයි සඳහන් වේ.

මේ ආකාරයට ආරම්භ වූ සිංහල සාහි්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යන් ම`ගින් අනුරාධපුර යුගයේ සිට වර්තමානය දක්වා සිංහල සාහිත්‍යය දීප්තිමත් කිරීමට සමත්ව ඇත. උක්ත සඳහනට අනුව අනුරාධපුර යුගයෙන් ආරම්භ වූ සිංහල සාහිත්‍ය එතැන් පටන් පොලොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, මහනුවර යන යුගයන්හිදී සංවර්ධනයන්ට ද පරිහාණියන්ට ද නතු වෙමින් සම්භාව්‍ය ගමනක් පැමිණ තිබේ. එලෙසින් ගමන් කළ සිංහල සාහිත්‍යය අති විශිෂ්ට ස්වර්ණමය යුගයන් කිහිපයක් පසු කොට පැමිණ තිබේ. එ් අනුව පොළොන්නරු යුගයෙන් පසු ඇති වන දඹදෙණි යුගයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. අනෙකුත් අනෙකුත් යුගයන් අතරින් දඹදෙණි යුගය සන්ධිස්ථානයක් බවට පත්වන්නේ මෙම කාල පරාසය තුළ බිහිවූ විශිෂ්ට ගණයේ සාහිත්‍ය කෘති නිසාය.

දඹදෙණි යුගය

සිංහල සාහිත්‍යය වංශකතාවේ විවිධ යුග අතරින් දඹදෙණි යුගය විද්වතුන්ගේ වැඩිම අවධානයක් යොමුවිය යුතු කාල පරිච්ෙඡ්දයක් බව අපගේ හැඟීම යි. දඹදෙණි යුගය එ් අයුරින් වැඩි බහුමානයට බදුන් වීම නිතැතින් ම සිදු විය යුතුයැයි අප කියන්නේ ප‍්‍රධාන කරුණු දෙකක් පාදක කොට ගෙනය.  


  • කාලිංඝ මාඝගේ දැඩි ආක‍්‍රමණයෙන් බිඳ වැටුණු අනුරාධපුර පොළොන්නරු යුගවලින් පසුව රජරට මුළුමනින් ම විදේශ ආධිපත්‍යයෙන් මුදවා ගැනීමේ ක‍්‍රමෝපායන් සැලසුම් කෙරෙන්නේ දඹදෙණිය කේන්ද්‍රස්ථානය කොට ගෙනය.
  • සිංහල සාහිත්‍යය වංශයේ විවිධත්වයෙන් යුතු විවිධ  ශෛලියෙන් යුතු සාහිත්‍ය කෘති සම්භාරයක් දඹදෙණි යුගයේදී බිහි වීම.
  • පූජාවලිය සද්ධර්මරත්නාවලිය වැනි බණ පොත් නිර්මාණය වීම.
  • අලංකාරවාදයේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන කව්සිළුමිණ හා කාව්‍ය නිර්මාණය වීම. 
  • එළු සඳැස් ලකුණ වැනි සිංහල පාලි යන භාෂා දිත්වයෙන් ම ඡුන්දස් ග‍්‍රන්ථ බිහිවීම.
  • ධම්මපද සන්න්‍යය රූපසිද්ධි සන්න්‍යය වැනි සන්න්‍යය ග‍්‍රන්ථ හා සාහිත්‍යයට එක් වීම.
  • ප‍්‍රයෝගරත්නාවලිය වැනි වෙද පොත් නිර්මාණය වීම.
  • හත්ථවනගල්ල විහාර වංශය වැනි ගද්‍ය පද්‍ය ද්වයෙන් ම සමන්විත චම්පු කාව්‍යය නිර්මාණය වීම. 
  • පොත් පත උගත් අය ප‍්‍රයෝජනයට ගන්නා ග‍්‍රන්ථ භාෂාව වශයෙන් හා 
  • එවැනි ඉගෙනීම්ක් නැති සාමාන්‍ය ගැමියන් ප‍්‍රයෝජනයට ගන්නා ව්‍යවහාර භාෂාව වශයෙනි.

මාඝ ආක‍්‍රමණයෙන් පීඩාවට පත් පොලොන්නරුවේ සියලූ භික්ෂූන් වහන්සේලා දඹදෙණියට වැඩම වූ දෙවන පරාක‍්‍රමබාහු රජතුමා එවිට විදේශගතව සිටි භික්ෂූන් ද නැවත මෙරටට ගෙන්වා විහාරස්ථාන ප‍්‍රතිසංස්කරණය කරමින්, පිරිවෙන් අධ්‍යාපනය ගොඩ නංවමින්, ධර්ම ශාස්ත‍්‍රීය මෙහෙවරකට අවශ්‍ය පසු පසුබිම් සකස් කරමින්, විශාල අනුග‍්‍රහයක් දැක්වී ය. මෙසේ ධර්ම ශාස්ත‍්‍රීය මෙහෙවරකට අවශ්‍ය පසු පසුබිම නිර්මාණය වීමෙන් පසු රචිත විශිෂ්ට ගණයේ කෘතියක් ලෙස මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත‍්‍ර හිමියන් බුදුරදුන්ගේ අඅරහං බුදු ගුණය පාදක කොටගෙන රචිත පූජාවලිය පෙන්වා දිය හැක. පූජාවලිය කළ බුද්ධපුත‍්‍ර හිමියන් ලියු ඇතැම් වර්ණනා සිත් ගන්නා සුළුය.  මාරයුද්ධයට අනතුරුව කළ මර`ගන විලාපය කාගේ වුවද ස්ත් අවුස්සන රස බඳුනකි

  ”යහලූ සිද්ධාර්ථ නම් කුමාරයාණෙනි, තොප වසන්තයා බඳු වූ කාන්ති ඇති කෙනෙක. පන්තිස් හැවිරිදි හෙයින් නව යෞවනයෙහි පිහිටි රන්වන් වූ ශරීර අත් කොනක් වුව. සියලූ ස්ත‍්‍රීන්ගේ පේ‍්‍රම තොප කරා මැ හයාගන්නා කොනකුව” 

පූජාවලියේ අවසානයට විජය රජුගේ පටන්  දෙවන පැරකුම්බා රජ දවස දක්වා රජවරුන් පිළිබඳ කරන කෙටි විස්තරය මහාවංශයේ දැක්වෙන කෙටි විස්තරයට බෙහෙවින් සමාන බව නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමියන් හිමියෝ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය නමැති තම ග‍්‍රන්ථයේ සඳහන් කරති. 

තවද දේශීය ගැමි උපමා භාවිතා කොට පොදු ජන සමාජයට ඔබින ලෙස ධර්මසේන හිමියන් රචිත සද්ධර්මරත්නාවලිය මෙම යුගයේ බිහිවූ තවත් සුවිශේෂී කෘතියකි. මෙම විශිෂ්ට කෘතිය පිළිබඳ අදහස් දක්වන මාර්ටින් වික‍්‍රමසිංහ ශූරින් පවසන්නේ, බුත්සරණ පූජාවලිය වැනි ග‍්‍රන්ථ රචනයට වහල් වූ ධර්ම දේශකයන්ගේ භාෂාව කතා කීමට උචිත ලෙස සකස් කරන ලද්දේ සද්ධර්මරත්නාවලිය රචිත ධර්මසේන හිමියන් විසින් බවයි.  ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනා කිරීමට ධම්මපදයේ අටුවාවන්ට විවරණ සැපයීමට රචිත පාලි ධම්මපදට්ඨ කථාව ගුරූපදේශ කරගත්  මුත් පාලි ක‍්‍රම අතහැර දෙසට බසට එක ලෙස මැනැවින් ගෝචර වන ආකාරයෙන් සද්ධර්මරත්නාවලියේ කතා වස්තු පෙළ තබා තිබේ. ධම්මපදට්ඨ කථාවට අමතරවව ධර්මසේන හිමියන් අප්රධාන වශයෙන් මිළින්ද පඤ්හ, සුත්ත නිපාත, අට්ඨ කථා ආදිය සද්ධර්මරත්නාවලිය ශෝභාමත් කිරීමට යොදාගෙන ඇති අයුරු දක්නට ලැබේ.

  සද්ධර්මරත්නාවලිය සේම විසිරී පැවති බෞද්ධ කථා රාශියක් එක්තැන් කරමින් වේදේහ හිමියන් විසින් රචිත රසවාහිනීය ද, වාචිස්සර හිමි රචිත ලීලානන්ද දීපනය, සච්ච සංකේප සිංහල සන්න්‍යය, පාලි ථූපවංශය විනිශ්චය ටීකාව, සීමාලංකාර සංග‍්‍රහය ද, මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත‍්‍ර හිමියන් රචිත යෝගාර්ණවය ද, ආනන්ද වනරතන හිමියන් ලියූ පාලි ව්‍යාකරණ සිංහල සන්න්‍යය ආදියෙන් ද දඹදෙණි සාහිත්‍ය යුගය සුපෝෂණය වී ඇත.

එමෙන්ම සිංහල ව්‍යාකරණය පිළිබඳ අපට හමුවන පැරැුණිම ග‍්‍රන්ථය වන වේදය හිමියන් විසින් රචිත සිදත් සඟරාව බිහිවන්නේ ද මෙම යුගය තුළදී ම ය. සිංහල ව්‍යාකරණ ග‍්‍රන්ථයක් වූ සිදත් සඟරාව මෑතක් වන වන තුරු ම සිංහලයට තිබූ එකම ව්‍යාකරණ ග‍්‍රන්ථයේ විය. සිදත් සඟරාව රචිත වීමෙන් පශ්චිම  ව සිංහල භාෂාව මහත් වෙනසකට ලක් වී ඇති බව දැකගත හැකිය. ඉන් අනතුරුව ග‍්‍රන්ථ රචනයට යොමු වූ සෑම කතුවරයෙක් ම භාෂාවේ යෙදුම් පිළිබඳ පෙරටත් වඩා වැඩි සැලකිල්ලක් දැක්වීමට උනන්දු වී ඇති අයුරු විද්‍යමාන වෙයි. නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමියන් ට අනුව සිදත රචනා වීමෙන් අනතුරුව භාෂාව ක‍්‍රම දෙකකට වර්ධනය වී ඇත.

මෙසේ ප‍්‍රභේද ද්විත්වයක් වශයෙන් බෙදීම සිදු වූයේ සිදත් සඟරා කරණයෙන් පසුව බව පැහැදිලි ව පැවසීමට හේතු ලෙස ධර්මකීර්ති හිමියන් පවසන්නේ සීගිරි ගී රචනයේ දී එවැනි ප‍්‍රභේදයක් දක්නට නොලැබීමයි.
සිංහලහල ව්‍යාකරණයේ අග‍්‍රගණ්‍ය කෘතිය වන ඉහත කී සිදත් සගරාව රචනා වූවා සේම අලංකාරවාදයේ මුදුන්මල්කඩ නමැති කව්සිළුමිණ හෙවත් පද්‍ය සාහිත්‍යය සුවඳවත් කරන වර්ණවත් පුෂ්පය විකසිත වූයේ ද දඹදෙණි යුගය තුළදීම ය. එය තනි පුෂ්පයක් කීමට ද වඩා පුෂ්පයන් සමූහයක ගෙන් සැදුම්ලත් උත්කෘෂ්ට නිර්මාණයක් බව කීම වඩාත් නිවැරදියි. ඒ පුෂ්පයන් වර්ණයෙන් සුවඳින් හැඩයෙන් අගයෙන් විවිධාකාර ය. සත්තකින්ම එය සාහිත්‍ය නැමැති වෘක්ෂයෙහි සුපිපි මුදුන් මල් කඩයි. මෙම විශිෂ්ට නිර්මාණයෙහි කතුවරයා පිළිබඳ යම් යම් මත්භේද පවතී. එහෙත් ඉතා සූක්ෂමව ග‍්‍රන්ථය පිරික්සීමේදී පෙනී යන්නේ මෙම පුෂ්පය සුපුෂ්පිත වී ඇත්තේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවෙනි පැරකුම්බා රජු අතින් බවයි. එ් බව ග‍්‍රන්ථය අවසන දැක්්වෙන මෙම ගීතය සනිදර්ශිතයි.


                                 ” සියබස් සකු මගධ    - මහත් සයුරු තෙරපන්

                            සරසවිය නම් කලිකල්  - දෙව්සිරි කල අයදමෙන් ”

                          ” සඳකුල කැන් කොත්     - පහන් දෙරනන් නන් වන්
                            මෙත් කිත් පතල කලිකල්  - සවැනි නිරිඳු කලෙ මෙ” 

මෙම මහා කාව්‍යයෙහි සර්ග පහළොවක් හා ගී සත්සිය හැත්තෑවක් පමණ මන්විතය. එකල බොහෝ සෙයින් ප‍්‍රචලිත පැවතුනේ ජාතක කථාවක් හෝ බෝසත් සිරිතේ වැනුමක් උපයෝගී කරගනිමින් තම නිර්මාණය එළි දැක්වීමයි. ඒ බැව් මුවදෙව්දාවත, සසදාවත වැනි කාව්‍ය නිර්මාණ කැඩපත්ක් සේ සාක්ෂි දරයි.ඒ අනුව ”කව්සිළුමිණ දැනට අපට ලැබී ඇති ජාතක කතාවක් පදනම් කරගනිමින් ලියූ ප‍්‍රථම මහා කාව්‍යයි ”   එ් අනුව තම නිර්මාණයට කුස ජාතක කථාව තෝරා ගැනීමට කතුවරයා  ප‍්‍රතිභාපූර්ණ හා විචක්ෂණ ඤාණයකින් හෙබ විය. මහා කාව්‍ය සම්පාදනයේදී කුසජාතකයෙහි උපයුක්ත කරුණු කාරණා මුතු පබළු එකිනෙක් මාලයකට ගළපන්නා සේ සරසා ඇත්තේ මහා කාව්‍ය ලක්ෂණ යන්ට අනුගත වෙමිනි.  ඉහත කී පරිදි සර්ග පහළොවක් හා ගී හත්සිය හැත්තෑවක් පුරා දිවෙන  කුස - පබා පේ‍්‍රම වෘතාන්තය විටෙක විරහවෙන් ද විටෙක ශෘංගාරයෙන් ද ඔප්නැංවෙමින් දිග හැරෙයි. ”බෞද්ධ සහ සාහිත්‍යයේ දක්නට ලැබෙන උසස්ම පේ‍්‍රම කතාව මෙය විය යුතුය”  

  එ් අනුව උක්ත කරුණු විමසීමේදී කව්සිළුමිණ කාව්‍ය රසාස්වාදය මිනිස් සිත් සතන් සනහන අපූරු පේ‍්‍රම වෘත්තාන්තයක් පාඨක සිත් තළ කිඳා බැස්මට සමත් වී ඇටි  බව මනාව පසක්වේ.
  ඉහත දැක්වූ උත්කෘෂ්ට ග‍්‍රන්ථ හැරුණු කොට ඡුන්දස් ශාස්ත‍්‍රයට අදාළ විස්තර ඇතුළත් කොට භද්‍රා නම් යතිවරයෙකු විසින් රචිත එළුසඳැස් ලකුණ නම් ග‍්‍රන්ථය නම් ද මෙම යුගයේ රචිත තවත් සුවිශේෂී ග‍්‍රන්ථයකි. පද්‍ය බන්ධනයේදී ඡුන්දස් යෙදිය යුතු අක්ෂරය නියම කිරීමත්, විරිත් භාවිතයෙත්් මෙහි විස්තර වේ. එසේම එම යුගයේ ම රචිත කතෘ අවිනිශ්චිත ලකුණුසර නැමැති ග‍්‍රන්ථය ද සිංහල සම්බන්ධව රචනා වූවකි. තවද පියුම්විල නැමැති කෝෂ ග‍්‍රන්ථය ද විනය පිටකයට අයත් කංඛාවිතරණී අටුවාවට ලියන ලද අර්ථ කථනයක් වූ කංඛාවිතරණී පිටපොත ද මෙම කාලවකවානුව තුළම  රචනා වී ඇත. මෙලෙස දඹදෙණි සාහිත්‍ය යුගය පිළිබඳ පද ගැළපීමක දී අමතක කළ නොහැකි සුගන්ධවත් පුෂ්පයක් බඳු සාහිත්‍ය නිර්මාණයක් අපට මුණ ගැසේ. එනම්     ”දඹදෙණි කතිකාවතයි.” පොළොන්නරු යුගයේ බිහි වූ පොළොන්නරු කතාකාවතින් පසුව සිංහල සාහිත්‍ය තුළ බිහි වූ සෙවන කතිකාවත මෙය වේ. එකල විසූ භික්‍ෂූන් වහන්සේගේ පැවැත්මට අදාළ වන පරිදි සංඝ සම්මුතියක් ම`ගින් සකස් කර ගත් ව්‍යවස්ථා සමූහයක් වන මෙය දෙවන පැරකුම්බාවන්ගේ අනුග‍්‍රහයෙන් සංඝරක්ඛිත හා දිඹුලාගල මේධංකර යන හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පිළියෙල වූවකි.
පූර්වෝක්ත කාරණා සලකා බැලීමේ දී කාලිංඝ - මාඝ ආක‍්‍රමණය නිසා නිවීගිය සාහිත්‍ය ප‍්‍රදීපය සැල්වීමට විශිෂ්ට මෙහෙවරක් ඉටු වූ කාලවකවානුවක් ලෙස දඹදෙණි යුගය පෙන්වා දිය හැකිය. පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, කව්සිළුමිණ, සිදත් ස`ගරාව, වැනි අති විශිෂ්ට ග‍්‍රන්ථ නැමැති පුෂ්පයන්ගේ සුගන්ධය ඊට පෙර ඇති වූ පරසතුරු නිසා ඇති වූ දුර්ගන්ධය මුළුමනින් ම ක්‍ෂය කර දැමීමට ඉවහල් වී ඇති අයුරු දඹදෙණි යුගයේ සිංහල සාහිත්‍ය සුපරික්‍ෂාකාරීව විමසා බලන්නෙකුට පෙනී යයි. මේ ආකාරයට දඹදෙණි යුගයේ විසූ ශ්‍රේෂ්ඨ ප`ඩිවරුන්ගේ අනුග‍්‍රහය මත සුපුෂ්පිත වූ සාහිත්‍යයේ ස්වර්ණමය යුගයන් අතරින් දඹදෙණි සාහිත්‍යය යුගයද සුවිශේෂී ස්ථානයකලා සැලකිය හැකි බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. 



ආශ‍්‍රිත ග‍්‍රන්ථ


01 සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය, ධර්මකීර්ති ශ‍්‍රී, නිවන්දම - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
02 පූජාවලිය - (සංස්.* ඤාණවිමල හිමි, කිරිඇල්ලේ. 
03 සිංහල සාහිත්‍යයේ නැ`ගීම, වික‍්‍රමසිංහ මාරිටින් - සරස පෞද්ගලික සමාගම
04  විමර්ශන සහිත කව්සිළුමිණ - කේ. ජයතිලක, ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ, කොළඹ,  1992.
05   සිංහල සාහිත්‍ය ලතා - අමරවංශ හිමි, කොත්මලේ - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
06 සම්භාව්‍ය සිංහල සාහිත්‍ය සම්ප‍්‍රදාය හා පොදු ජන රුචිය - තිලකරත්න, මිණුවන් පී. - ඇස්. ගොඩගේ සහ            සහෝදරයෝ.
07 සිංහල සාහිත්‍ය වංශය, සන්නස්ගල, පුඤ්චිබණ්ඩාර, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 

Saturday, March 24, 2018

Pālibhāsājjhanavisaye Bhāsāpayogānaṃ Ramaṇīyatā


Āyasmā Yakkaduwagāmajo Sugunasīlo




Abstract

The word Pāli is used as a name for the language of the Theravada canon. According to the Pāli Text Society's Dictionary, the word seems to have its origins in commentarial traditions, wherein the Pāli (in the sense of the line of original text quoted) was distinguished from the commentary or vernacular translation that followed it in the manuscript. It is well known that ‘an idiom is a word or phrase which means something different from its literal meaning. Idioms are common phrases or terms whose meaning are changed, but can be understood by their popular use.’ Likewise, idioms are used for the language diversity in each language. Here, in this article written in Pāli, it is expected to give a brief comparative study on the substantiality of ‘Idioms’ used in Pāli and English languages. 



     
වාරියපොල ශ්‍රී සුමංගල මහ පිරිවෙන මගින් එළි දක්වන්නට යෙදුණු තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි උපහාර අංකය - 2018 ශ්‍රී සුමංගල ශාස්ත්‍රීය සංග්‍රහයදැන් ඔබටද ලබාගත හැක.
මෙහි පළවන ලිපිවල අන්තර්ගතයන් ප්‍රාචීන පණ්ඩිත නව විෂය නිර්දේශය හා විශ්ව ව්ද්‍යාල විභාග වලට අදාළ වේ.
The contents of the articles published in this Academic Journal fall in the scope of Prachina Panditha & University examinations.

Contact us :- 
                          wariyapolasrisumangalapiriwena@gmail.com
 0715422384    

ඍග්වේදය පිළිබඳ විමසුමක්


වාරියපොල ශ‍්‍රී සුමංගල පිරිවෙන්හි ආචාර්ය,
ශාස්ත‍්‍රවේදී ප‍්‍රසන්න රණතුංග මයා 


Abstract


The Ṛg Veda is a collection of Vedic Sanskrit hymns counted among the four Hindu religious texts known as the Vedas. The Ṛg Veda was likely composed between roughly 1700–1100 BCE, making it one of the oldest texts of any Indo-Iranian language, one of the world's oldest religious texts. It was preserved over centuries by oral tradition alone and was probably not put in writing before the Early Middle Ages. The Ṛg Veda is considered to be amongst the earliest religious texts still revered by a living tradition. It consists of 1,028 hymns composed in Vedic Sanskrit, many of which are intended for various sacrificial rituals. These are contained in 10 books, known as Mandalas. This long collection of short hymns is mostly devoted to the praise of the gods. However, it also contains fragmentary references to historical events, notably the struggle between the early Vedic peoples (known as Aryans) and their enemies. This article is composing to discuss the facts that chronology of Ṛg Veda, its origin and evolution, the content of Ṛg Veda, language, literary and social characteristics of Ṛg Veda etc.




වාරියපොල ශ්‍රී සුමංගල මහ පිරිවෙන මගින් එළි දක්වන්නට යෙදුණු තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි උපහාර අංකය - 2018 ශ්‍රී සුමංගල ශාස්ත්‍රීය සංග්‍රහයදැන් ඔබටද ලබාගත හැක.
මෙහි පළවන ලිපිවල අන්තර්ගතයන් ප්‍රාචීන පණ්ඩිත නව විෂය නිර්දේශය හා විශ්ව ව්ද්‍යාල විභාග වලට අදාළ වේ.
The contents of the articles published in this Academic Journal fall in the scope of Prachina Panditha & University examinations.

Contact us :- 
                          wariyapolasrisumangalapiriwena@gmail.com
 0715422384    

Thursday, March 22, 2018

පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියන්ගේ ශාස්ත‍්‍රීය සේවය පිළිබඳ 
විමර්ශනාත්මක අධ්‍යයනයක්

ගෞරව ශාස්ත‍්‍රවේදී කිතගම සමිත හිමි


Abstract

Venerable Ambalangoda Polwatte Buddhadatta Mahanayake Thera (A.P. Buddhadatta) (1887–1962) was a Theravada Buddhist monk and a professor of Buddhist philosophy at Vidyalankara University. In 1954, he was the first Sri Lankan monk to be awarded as the Agga Mahā Paṇdita by Burma (Myanmar). He was a member of the inaugural staff of Nalanda College, Colombo and a member of the Ananda College staff. Because of his number of substantial texts composing on Pali language and literature, Ven. Buddhadatta Thera, can be identified as the most veteran Pali scholar in the recent past era of Sri Lanka. He enters to the academic writings in 1903.  As the sources indicate, in his great academic career from 1903 to 1962, he has compiled 87 texts on Pali language and Buddhist studies. English Translation of Seḷalihiṇi Saṃdesha is an example for that. But, in the course of time, some of written scriptures have been disappeared. He has written 1155 articles for newspapers. The texts and editions which year compiled by Ven. Buddhadaththa Thera can be categorized as follows: Grammatical texts for the teaching of Pāli language, canonical texts, lexicons, editions and translations, texts on biographies, texts on history, Pāli literature and philosophy, texts written to the Pāli text society in England etc. It is noteworthy that it's not an easy task to collect relevant information of the academic compilations of this veteran Pāli scholar. This article mostly elucidates the academic compilations by Ven. A.P. Buddhadatta which are not popular among present Pāli Academicians.      




වාරියපොල ශ්‍රී සුමංගල මහ පිරිවෙන මගින් එළි දක්වන්නට යෙදුණු තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි උපහාර අංකය - 2018 ශ්‍රී සුමංගල ශාස්ත්‍රීය සංග්‍රහයදැන් ඔබටද ලබාගත හැක.
මෙහි පළවන ලිපිවල අන්තර්ගතයන් ප්‍රාචීන පණ්ඩිත නව විෂය නිර්දේශය හා විශ්ව ව්ද්‍යාල විභාග වලට අදාළ වේ.
The contents of the articles published in this Academic Journal fall in the scope of Prachina Panditha & University examinations.

Contact us :- 
                          wariyapolasrisumangalapiriwena@gmail.com
 0715422384    

Sunday, March 18, 2018

A Study on Buddhist Concept of ‘Anusāsanā’ and Western Counseling


Ven. Moragahaulpatha WimalaBuddhi
Undergraduate, Department of Pali and Buddhist studies
University of Sri Jayawardenepura



සක්‍ෂේපය

                                             
සමස්ත මානව වර්ගයා ම ප‍්‍රාරම්භක අවධියේ පටන් තාක්‍ෂණයෙන් දියුණු මිනිසා දක්වා ම ගත් විට කායික හා මානසික ආබාධවලින් පෙලීම ම සාමාන්‍ය තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකි ය. මෙහි දී සුළු මානසික ගැටලූ දරුණු මානසික ආබාධ බවට පත් වී මිනිසා සිය දිවි නසා ගැනීම වැනි තත්ත්වයන්ට ගොදුරු වීම ද වර්තමාන ලෝකයේ දැකිය හැකි තත්ත්වයකි. මිනිසා මෙම තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා සහ එදිනෙදා ජීවිතයේ දී මුහුණ දෙන මානසික පීඩනයන් කළමනාකරණය කරගෙන සාර්ථක ජීවිතයක් සඳහා ‘උපදේශනය’ ප‍්‍රායෝගිකව යොදාගත හැකි ක‍්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. බටහිර උපදේශනය බටහිර මනෝවිද්‍යාවේ විෂය ශාඛාවක් ලෙස සංවර්ධනය වී වර්තමානයේ මිනිසාගේ එදිනෙදා ජීවිතයේ ඇතිවන මානසික ගැටලූ නිසි ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය විෂයක් බවට පත්ව තිබේ. බටහිර මනෝවිද්‍යාව උපදේශනයේ එක් එක් අංගයන් ගැන විමසා බලන විට පැහැදිලි වන්නේ මීට වසර 2500 කට පෙර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය බටහිර උපදේශනයේ ඇති උපදේශන ගුණාංග ඉක්මවා යන ප‍්‍රායෝගික දේශන ක‍්‍රම රාශියක් ඇති බවයි. බෞද්ධ උපදේශනයේ දී උපදේශනය සඳහා යෙදී ඇති වචනය වන්නේ ‘අනුශාසන’ යන්න යි. බටහිර උපදේශනය පුද්ගලයාගේ මෙලොව යහපත වෙනුවෙන් පමණක් ක‍්‍රියාත්මක වන විට බෞද්ධ උපදේශනය පුද්ගලයාගේ මෙලොව පරලොව යහපත මෙන් ම නිර්වාණාවබෝධය දක්වාම වේ. දහම බුදු දහමේ එන විවිධ භාවනා ක‍්‍රම, උදාහරණ ලෙස සතිපට්ඨාන භාවනාව වර්තමාන මනෝවිද්‍යාවේ මනෝ චිකිත්සන ක‍්‍රම ලෙස ද භාවිත වේ. ඒ අනුව බුදු දහමේ ‘අනුශාසන’ යන්න බටහිර උපදේශනය ඉක්මවා යන ප‍්‍රායෝගික මනෝවිද්‍යාත්මක ක‍්‍රමයක් ලෙස හඳුනාගත හැකිය.








වාරියපොල ශ්‍රී සුමංගල මහ පිරිවෙන මගින් එළි දක්වන්නට යෙදුණු තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි උපහාර අංකය - 2018 ශ්‍රී සුමංගල ශාස්ත්‍රීය සංග්‍රහයදැන් ඔබටද ලබාගත හැක.
මෙහි පළවන ලිපිවල අන්තර්ගතයන් ප්‍රාචීන පණ්ඩිත නව විෂය නිර්දේශය හා විශ්ව ව්ද්‍යාල විභාග වලට අදාළ වේ.
The contents of the articles published in this Academic Journal fall in the scope of Prachina Panditha & University examinations.

Contact us :- 
                          wariyapolasrisumangalapiriwena@gmail.com
 0715422384






පරෝක්‍ෂ ලිට් අතිශයාර්ථක සහ ඉච්ඡාර්ථක ආදී ක‍්‍රියාරූප සාධනයේ දී හමු වන ධාතූ මූලයන්හි ද්විත්‍වය සම්බන්ධ පවතින ප‍්‍රධාන නීති පිළිබඳ විමසුමක්.



 මහනුවර අස්ගිරි මහා විහාර මහ පිරිවනේ ආචාර්ය, ශාස්ත‍්‍රපති,
දර්ශනශූරී උපාධි අපේක්‍ෂක, රාජකීය පණඩිත 
ගගුරෑවේ අස්සජි හිමි

Abstract

The Sanskrit verbal system is very complex, with verbs inflecting for different combinations of tense, aspect, mood, number, and person. Participial forms are also extensively used. Sanskrit has ten classes of verbs divided into two broad groups: athematic and thematic. Furthermore, Sanskrit verbs are conjugated in three persons (as in English): first, second, and third person. Verbs also have three numeric forms: singular, dual, and plural. Any verb that refers to only two objects must be in the dual from. As aforesaid, there are ten lakārs in Sanskrit, five of which are used most commonly today and five which tend to be "reserved" for writing or for formal speech. Among the five common lakārs: laṭ (लट्) - denotes present tense e.g., "अस्ति" ("he/she/it is). laṅ (लङ्)  denotes a past action; e.g., "अनमत्" ("he bowed"). lṛṭ (लृट्) - denotes a future action e.g., "क्रेष्यसि" ("you will buy"). In Sanskrit language, the terms ‘Tiṅnta’ and ‘Tibādī’ are used to denote aforementioned verbs of ‘Parokṣa liṭ atiṡayārthaka and icchārthaka’. Here, in this article, it is accepted to discuss that the basic rules connected to the duality of verb roots of Parokṣa liṭ atiṡayārthaka and icchārthaka-verb formations.  



වාරියපොල ශ්‍රී සුමංගල මහ පිරිවෙන මගින් එළි දක්වන්නට යෙදුණු තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි උපහාර අංකය - 2018 ශ්‍රී සුමංගල ශාස්ත්‍රීය සංග්‍රහයදැන් ඔබටද ලබාගත හැක.
මෙහි පළවන ලිපිවල අන්තර්ගතයන් ප්‍රාචීන පණ්ඩිත නව විෂය නිර්දේශය හා විශ්ව ව්ද්‍යාල විභාග වලට අදාළ වේ.
The contents of the articles published in this Academic Journal fall in the scope of Prachina Panditha & University examinations.

Contact us :- 
                          wariyapolasrisumangalapiriwena@gmail.com
 0715422384




ඡන්දසෙහි ලක්‍ෂ්‍ය ලක්‍ෂණ


බී.ඒ. එම්ෆිල්, (කැලණිය) රාජකීය පණ්ඩිත
 පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (කොළඹ)
කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය,
පූජ්‍ය බලදොර ඉන්දජෝති හිමි





Abstract


The word Chandas is to be represented vital part in both Vedic and Classical Sanskrit Literature. From the time of uncertain history, in Indian tradition, it is believed that knowledge has been passed down by memorizing the mantras from generation to generation orally. Pupils pursued their preceptors in the same thread. Obviously, something in lyrical form is easier of memorizing. For this sole reason, most of Sanskrit scriptures are written in verse form. It is hardly any mantra, found in the Vedas, is bereft of Chandas. Study of metrics is not confined to Vedic Literature. Most of our Classical Sanskrit composers also used the chandas as the spirit of the work. Chandas is a vidyā so that we can say, it is the science of metre. From our childhood we knowingly or unknowingly are drawn towards the soothing aura of rhythmic composition being passionate to the rhythm unconsciously.  Chandas being the science of rhythm became a very important part in ancient education system as well. Chandas, one of the most adorable subjects, is to recognize in this survey. 



වාරියපොල ශ්‍රී සුමංගල මහ පිරිවෙන මගින් එළි දක්වන්නට යෙදුණු තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි උපහාර අංකය - 2018 ශ්‍රී සුමංගල ශාස්ත්‍රීය සංග්‍රහයදැන් ඔබටද ලබාගත හැක.
මෙහි පළවන ලිපිවල අන්තර්ගතයන් ප්‍රාචීන පණ්ඩිත නව විෂය නිර්දේශය හා විශ්ව ව්ද්‍යාල විභාග වලට අදාළ වේ.
The contents of the articles published in this Academic Journal fall in the scope of Prachina Panditha & University examinations.

Contact us :-
 wariyapolasrisumangalapiriwena@gmail.com
 0715422384