Sunday, March 18, 2018


අති පූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල අනු නාහිමි හා තිස් වසරක් සපිරෙන වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන



                                             


අති පූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල අනු නාහිමි
                          අප පිරිවෙන් ශ‍්‍රී නාමයෙහි කර්තෘ, අති පූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමි දහ නවවෙනි සියවසේ මුල් කාලයේ සිංහලේ විසූ අභීත බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි. උන් වහන්සේ අස්ගිරිය සංඝ සභාවේ අනුනායක ධූරය දැරූ අතර වඩාත් ප‍්‍රසිද්ධ වූයේ වර්ෂ 1815 දී උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ සිංහලේ පාලනය නිල වශයෙන් බි‍්‍රතාන්‍යයන්ට බාර දීමට ප‍්‍රථම ඉහළ නැංවූ බි‍්‍රතාන්‍ය කොඩිය :ඹබසදබ න්‍්ජන ත්‍ක්ට* බිම දමා නැවත සිංහලේ සිංහ කොඩිය ඉහළ නැංවීමෙනි. පසුව 1818 නිදහස් අරගයේදී උන්වන්සේ දන්ත ධාතූන් වහන්සේ දළදා මාලිගාවෙන් ඉවත් කර, නිදහස් අරගලයේ නායකයන් වෙත බාර දුන්හ.
ලක්දිව ඓතිහාසික මූලාශ‍්‍රයන් පිරික්සීමේ දී දුටුගැමුණු රජතුමාගෙන් පසු 1815 දක්වා කාලය තුළ කලින් කල පැවැති නිදහස් අරගලවල දී මහා සංඝ පීතෘවරුන්ගෙන් ලද දායක්තවය අතිමහත් ය. වලගම්බා රජු සමයේ පූජ්‍ය තිස්ස හිමිපාණන්, රාජසිංහ රජු පාලන සමයේ පූජ්‍ය දීඝ හිමිපාණන්, සීතාවක රජු සමයේ පූජ්‍ය රතනසේකර හිමිපාණන් වැනි සංඝ පීතෘවරුන් පිළිබඳ ඉතිහාසය කරුණු අනාවරණය කරයි. පූජ්‍ය රඹුක්වැල්ලේ රතනජෝති, පූජ්‍ය පොතුහැර රතනපාල, පූජ්‍ය කණුමලේ ධම්මදස්සි වැනි හිමිවරුන් නිදහස් සටනේ පෙරමුණ ගත් තවත් භික්ෂූන් වහන්සේලා ය. මේ සියලූ දෙනා වහන්සේලා අතරින් වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන් නිදහස් සටනේ කැපී පෙනෙන මහා හිමි නමකි.


                            වයඹ පළාතේ කුරුණැගල දිස්ත‍්‍රික්කයේ වාරියපොල ග‍්‍රාමයේ ශ්‍රී සුමංගල නා හිමියන් උපත ලැබූ අතර උන්වහන්සේගේ පියා හේරත් මුදියන්සේලාගේ බමුණාකොටුවේ රාළ වේ. ශ්‍රී සුමංගල හිමියන් උපත ලබන්නේ බමුණාකොටුවේ රාළහාමිලාගේ කිරිහාමි යන ගිහි නාමයෙනි. වාරියපොල ශ්‍රී සුමංගල නමින් උන් වහන්සේ පැවැදි බව ලැබූ හ. උන් වහන්සේගේ ගුරු හාමුදුරුවන් වන්නේ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ඉදවලූගොඩ ධම්මපාල හිමිපාණන් ය. වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන් පසු කලකදී උපසම්පදාව ලබාගෙන ධර්ම ශාස්ත‍්‍රීය කටයුතු වල මනා පරිචයකින් යුතුව ඉතා දක්‍ෂ බෞද්ධ භික්‍ෂුවක් වශයෙන් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ උත්තරීතර තනතුරක් වු මහානායක පදවියට පමණක් දෙවැනි වූ අනුනායක තනතුර ද දරමින් ලක්දිව සම්බුද්ධ සාසනයත් සීහල දෙශයත් රැුක ගැනීමේ නොනිමි අභීත අරගලය දියත් කරන්නට යෙදුනා හ.
  අප අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උදාර ශාසනික මෙහෙවර මෙන් ම ජාතික සේවය සටහන් කිරීමේදී එදා 1815 මාර්තු මස 02 වැනි දා ඓතිහාසික මහනුවර දළඳා මාළිගාව අබියස මහ මලූවේ දී සිංහල ඉංග‍්‍රීසි සමගි ගිවිසුම් අත්සන් කිරීමට පෙර නියමිත මුහුර්තයට දෙපක්ෂය විසින් දෙරට ජාතික කොඩිය අහසට නැංවීමට තීරණය කොට තිබුණේ දෙපක්ෂයේ ම එක්ඟතාවෙනි. එහෙත් නියමිත වේලාවට මිනිත්තුවකට වුව ද පෙරාතු ව ඉංග‍්‍රීසි කොඩිය ඔසවමින් මහත් විෂමාචාරයක යෙදුණු සුදු නිලධරයෙකුගේ මෙම නොහොබිනා ක‍්‍රියාව දැක එ් වනවිට සිදුවන්නට යන මේ ඛේදජනක සිද්ධියෙන් කම්පනයට පත් ව තේවා කටයුතුවලින් මඳක් බැහැර ව සිදුවන ක‍්‍රියාදාමය නිරීක්‍ෂණය කරමින් සක්මනෙහි යෙදී සිටි දළදා තේවා භාර දැඩි ආත්ම විශ්වාසයෙන් ජාත්‍යනුරාගයෙන් තෙදවත් වූ වාරියපොල සුමංගල නායක ස්වාමීන්ද්‍රයෝ අභීත අනභිභවනීය කේශර සිංහරාජයෙකුගේ ලීලාවෙන් එක්වර ම වේගවත් පියවර මනිමින් එතැනට සැපත් ව ඉංග‍්‍රීසි කතිර කොඩිය පහත හෙළා සිංහ කොඩිය අහසට එසවූයේ මෙසේ සිහනද දෙමිනි.
''තොපට තොපේ කොඩිය දැන් ම කෙසේවත් මේ කන්ද උඩරට ඔසවන්නට නීතියෙන් ඉඩක් නැහැ. තොපට මේ නියමය කලේ කවුද? මේ සිංහලේ රට, තවමත් මේ රට තොපට භාර දෙන්නට බැහැ. වේලාව පැමිණෙන තුරු ඉවසන්නට තරම් ආත්ම විශ්වාසයක් සුදු ජාතීන්ට නැද් ද?''
ජාතික හැඟීම් උත්සන්න වීමෙන් තර්ජනස්වරයෙන් ප‍්‍රශ්න කළහ. අනතුරුව උන්වහන්සේ ඉංග‍්‍රීසි කතිර කොඩිය පහත්ට ඇද තවත් කන්ද උඩරට නිත්‍යනුකූල බලය හිමි සිංහල ජාතියට බව පවසා මහත් සේ උද්ඝෝෂණය කරන්නට වුහ. සිංහල කොඩිය එසවූහ. නියමිත වේලාවට පෙරාතුව කොඩිය නො එසවිය යුතු බවට කරුණු ගෙනහැර පෑහ. ඉංග‍්‍රීසිහු වහා නැවතුණහ. තම වරද තේරුම් ගත්හ. ඇහැලේපොල නිලමේ ඇතුළු උඩරට නිලමේවරු වහා එතැනට එක් වූහ. තවත් බොහෝ භික්ෂූන් වහන්සේලා ද රැුස් වූහ.
අනතුරුව දෙපක්ෂය සමථයකට පැමිණ නියමිත වේලාවේ ඉංග‍්‍රීසි සිංහල කොඩි නැවත අහසට ඔසවා ගිවිසුම ප‍්‍රකාශයට පත් කරන ලදි.
මෙම අභීත කේශර සිංහ නාදයේ  ාදා්ංකාරය අදටත් අප  දෙසවන්හි රැව් පිළිරැව් දෙමින් ජාතිමාමකත්වය ඔදව                                                        
                                                                                   තිස් වසරක් සපිරෙන වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන
                   
                                           

           ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ආරම්භය අනුරාධපුර මහා විහාර පිරිවෙනයි. එතැන් සිට වත_මානය දක්වා අවුරුදු 2300 කට අධික කාලයක් තුළ පිරිවෙන් අධ්‍යාපනය තුළින් ලංකාවේ ගිහි පැවිදි හැම දෙනාටම සිදුවූ සේවය අපමණය. 1979 අංක 64 දරණ පිරිවෙන් අධ්‍යාපන පනත ම`ගින් පිරිවෙන් අධ්‍යාපන ක‍්‍රමය සංශෝධනය කරනු ලැබීමෙන් පසු පිරිවෙන් අධ්‍යාපනයේ නව ප‍්‍රබෝධයක් ඇති විය. පිරිවෙන් ශිෂ්‍යයාට හා ගුරුවරයාට මෙතෙක් නො ලැබුණු වරප‍්‍රසාද රාශියක් ද ඒ තුළින් ලැබුණි.




                            අපේ පිරිවෙනේ ආරම්භය 


   
ශාස්ත‍්‍රාචාර්ය රජකීය පණ්ඩිත සද්ධම_ වාගීෂ්වර මාමුණුවේ ශ‍්‍රී සුමංගල සිරිනිවාසාභිධාන වයඹ පළාතේ ප‍්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහනසේ
            ජාතියේ වීරවර වාරියපොල ශ‍්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේගේ උදාර භික්‍ෂු සවන නේතෘත්වය දැරූ වාරියපොල පුරාණ රජමහා විහාරය, කදිරාගල පුරාණ විහාරය මල්වාන රාජගිරිලෙන් රජමහා විහාරය හෙට්ටිගම ශ‍්‍රී සුදර්ශනාරාමය යන විහාර ගණයෙහි ආධිපත්‍යය ඉසුලූ ශාස්ත‍්‍රාචාර්ය රජකීය පණ්ඩිත සද්ධම_ වාගීෂ්වර මාමුණුවේ ශ‍්‍රී සුමංගල සිරිනිවාසාභිධාන වයඹ පළාතේ ප‍්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහනසේගේ ඒකායන පැතුම වූයේ දැන උගත් කම් වලින් හෙබි ගුණවත් සිල්වත් භීක්‍ෂු පිරිසක් ඇති කිරීමයි. ඒ පරමාර්තය මුල් කරගෙන වාරියපොල ශ‍්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උපහාරයක් වශයෙන් 1988 ජනවාරි 01 වන දින වාරියපොල ශ‍්‍රී සුමංගල පිරිවෙන් ආරම්භ කරනු ලැබීය. පසුගිය තිස් වසර තුළ ඉතාමත් සාර්ථක අන්දමින් ආදි කතෘ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පරමාර්ථයන් මල්ඵල ගැන්වෙන අන්දමින් අධ්‍යන හා අනධ්‍යන කටයුතු පවත්වාගෙන යන බව පවසන්නේ ඉමහත් සතුටිනි.

         ශිෂ්‍ය භීක්‍ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන හා අධ්‍යන හා අනධ්‍යන කටයතු පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් සොයා බලමින් ආත්ම පරිත්‍යාගයෙන් ක‍්‍රියා කරන විහිරාධිපති හා කෘත්‍යෘධිකාරී පිරිවෙන් අධක්‍ෂ දර්ශනපති තුඹුල්ලේ ශ‍්‍රී සීලක්‍ඛන්ධාභිධාන වයඹ පළාතේ ප‍්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිරිවෙන වෙනුවෙන්  ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානමින් කටයතු කිරීම නිසා දිනෙන් දින පිරිවෙන දියුණුව වර්ධනය වීමට හේතුවී ඇත.මේ හේතුව නිසා ලංකාවේ විවිධ දිසාවන් හී ගරුතර මහා සංඝරත්කය මෙම පිරිවෙන පිළිබඳව ඉමහත් විශ්වාසයක් ඇති කොට ගෙන තම ශිෂ්‍ය භීක්‍ෂූන් වහන්සේලා මෙම පිරිවෙනට භාර දී ඇත.

පුණ්‍යානුමෝදනාව

       පිරිවෙනේ නඩත්තුව පෝෂණය ප‍්‍රාර්ථනා කරමින් ස්ථාන පංසල් භේදයකින් තොරව වාර්ෂිකව දන් පැන් සපයන සම්මාන දායක පිරිසටත් 1989 අග භාගයේ සිට පිරිවෙනේ නඩත්තුව පෝෂණය සඳහා අපගේ විහාරස්ථාන වල දායක පිංවතුන් පමණක් නොව අවට ගම්වාසීන් විෂාල පිරිසකගේ සහයෝගය අපට ලැබී ඇත. මෙහිදී පිරිවෙන තමන්ගේ ම පොදු විහාරස්ථානයක්  ලෙස සිතීමට තරම් අවට ගම් හිතෛෂී බොහෝ දෙනා ක‍්‍රියා කරන බව ප‍්‍රීතියෙන් සඳහන් කළ යුතුය.
         භික්‍ෂූන් වහන්සේ නමක් හැටියට ප‍්‍රතිපත්ති ගරුකව ගුණවත්ව කටයතු කරන්නේ නම් අපගේ බෞද්ධ ජනතාව පැවිදි අප වෙනුවෙන්  ඕනෑම කැප කිරීමක් කිරීමට තරම් සූදනම්ව සිටින බව මේ කාලය තුළ අපට පැහැදිලි වූ කරුණකි. අද අපේ පිරිවෙන අපි අපට බරක් නැතුව පවත්වාගෙන යන්නේ අදත් මේ ස්ථානයේ රැුස්වී සිටින මේ දායක කාරකාදීන් අපේ පිරිවෙට වාර්ෂිකව දන් පැන් දෙමින් පිරිවෙන් නඩත්තු කරන නිසාය. අපි ඒ පිරිස අපේ පිරිවෙනේ සම්මාන දායකයන් ලෙස ගරු කරමු. අපේ අධක්‍ෂක නායක ස්වාමීන් වහන්සේට පිරිවෙනේ අනෙකුත් සංවර්ධන කටයතු හා උන් වහන්සේ යටතේ පවත්නා මල්වාන කදිරාගල හෙට්ටිගම යන විහාරස්ථාන කටයතු කරගෙන යා හැකි තත්වයක් උදා වී තිබෙන්නේ විෂාල භික්‍ෂු පිරිසක් නඩත්තු වන මේ පිරිවෙන භාරය මේ දායකකාරකාදීන් භාරගෙන ඇති නිසාය. ඒ නිසා ශ‍්‍රද්ධා භක්තියෙන් අපේ පිරිවෙනට වාර්ෂිකව දන් පැන් සපන සම්මාන දායක දායිකාවන්ට අපේ පුණ්‍යානුමෝදනාව හිමි කරමු.

           එමෙන්ම පිරිවෙනේ ආරම්භයේ සිට මේ අවස්ථාව දක්වාම අපේ පිරිවෙනේ දියුණුවට හැම අතින් ම ආශිර්වාද කරන අපව ධෛර්‍යමත් කරන අපේ ප‍්‍රදේශවාසී මහා සංඝරත්නයට අපි පිං දෙමු.
අප පිරිවෙනේ ශිෂ්‍ය නමලාගේ භාරකාර ගුරුවර හාමුදුරුවන් වහන්සේලා නිතරම පිරිවෙනේ කටයතු සොයා බලමින් අවශ්‍ය දෑ මොනවාදැයි සොයා බලමින් අප කෙරෙහි දක්වන සෙනෙහෙ බර අනුග‍්‍රහයත් අපි කිසිසේත් අමතක නොකරමු. ආරම්භයේ සිට අපේ පිරිවෙනේ කටයතු වලදී මේ ප‍්‍රදේශයේ හෑම දෙනාගේම භේදයෙන් තොරව අපට ගැබෙන සහයෝගය අපි සාදරව සිහිපත් කරමු.


1 comment:

  1. Very Impressive. It is happy to see about the Wariyapola Sri Sumangala Pirivena in this manner. Well done Ven. Sugandhaseela. Carry on.

    ReplyDelete