Sunday, March 18, 2018

ජයතු සදා සුමඟුල් නාමය පවතු


වාරියපොල ශී‍්‍ර සුමංගල පිරිවෙන් ආදි ශිෂ්‍ය ගෞරව ශාස්ත‍්‍රපති 
අත්තිඩියේ පුඤ්ඤරතන හිමි
අන්තර්ජාතික බෞද්ධ භාවනා මධ්‍යස්ථානය
ලොස්ඇන්ජලීස් නුවර
කැල්ෆෝනියා ප‍්‍රාන්තය 
ඇමරිකා එක්සත් ජනපදය





පළකර  සතත සඟ ගුණ පිලිවෙත්   මහරු
දුලකර  සසුන පොබයන හදවත් රුසිරු
මනහර දසුන දනවන ගුණයුත්       මිතුරු
දිනකර ඔබයි මෙසසුන තෙදවත්   සොඳුරු

පෙල වුද හෙලේ සුදු අදිරද බල           පතුරා
සෙල විද බොලේ සුමඟුල් හිමි ළඟ   සතුරා
බල තෙද මලේ පෑ සුරුවිරුකම         අතුරා
හෙල දද දිලේ වාරියපොල නම         මතුරා

දැක්මන් දනගෙ හික්මෙන්නට යෙදූ   මග
සක්මන් පිළමෙ ඉක්මන්කොට සැදූ   රඟ
රැුක්මෙන් දැයත් සාසනයත් පිදූ  හුඟ
රුක්මෙන් ඔබත් සිහිලයි පත්මුදූ  නුග

එක් කළ පවුරු ජීවන මං තලාවේ
දුක් පිරි පව්ව බිඳලූ හරි වෙලාවේ
සිප් කිරි පෙව්ව සව් සත්දම්          කලාවේ
පාමොක් දිසා ඔබ  මේ තක්           සලාවේ

බුදු සව් සරසවිය පොබ කළ         මහැඳුරුය
සිදු කළ මෙහෙය පද බැඳ පවසනු      බැරි ය
යෙදුයෙන් සතත බුදු පුතුනට දී           විරිය
සැදු පිරිවෙනකි මෙය යා කළ සරසවිය

දුලකර දැයයි සසුනයි මේ  මහා            සාර
කුල ගුරු ඔබයි පෙන්වාලූ යහ             පාර
හෙල සකු මගධ පාරංගත පැණ            සාර
සියපත ඔබයි විලමත පිපි ගුණ             සාර

භවතු සකල සිරි විදු පියසෙම  වසතු
වසතු බුදු පුතුන් සව් කෙලෙසුන්     හරතු
හරතු සියලූ දොස් නිති වේවා         ජයතු
ජයතු සදා සුමඟුල් නාමය              භවතු

No comments:

Post a Comment