Wednesday, May 9, 2018

ධම්පියා අටුවා ගැටපදයේ අර්ථ වර්ණනා ක‍්‍රම හා භාෂා ලක්‍ෂණ




ගෞරව ශාස්ත‍්‍රවේදී, වාරියපොල ශ‍්‍රී සුමංගල පිරිවෙන් ආචාර්ය,

නන්දන වන්නිනායක මහතා

© මෙහි ශාස්ත‍්‍රීය සංග‍්‍රහයේ පළවන ලිපිවල අදහස් හා මත ඒ ඒ ලේඛකයන් සතු බව සැළකිය යුතු ය.
මෙහි පළවන ලිපිවල අන්තර්ගතයන් ප‍්‍රාචීන පණ්ඩිත හා විශ්වවිද්‍යාල විභාග සඳහා අදාළ වේ. 





               ධම්පියා අටුවා ගැටපදයත් සිඛවළඳ හා සිඛවළඳ විනිසත් සිංහල ගද්‍ය මුල් ස්වරූපය කියාපාන කෘති දෙකකි. මේ පොත් දෙක ම දහවැනි සියවසට අයත් බව ධම්පියා අටුවා ගැට පදය හා සිඛවළඳ විනිස සංශෝධනය කොට පළ කළ සර් ඞී. බී. ජයතිලක මහතා පෙන්වා දෙයි. ධම්පියා අටුවා ගැටපදය පිළිබඳ ශාස්ත‍්‍රීය විවේචනයක් සපයන කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියෝ ද මේ මතය ස්ථිර කරති. දැනට අනුරපුර යුගයේ විද්‍යමාන සාහිත්‍ය කෘති තුනෙන් එකකි මෙය.  

ධම්පියා අටුවා ගැටපදයේ කතුවරයා කවරෙක්ද යන්න ග‍්‍රන්ථයේ ම ”අබා සලමෙවන් කසුබ් මහ රජහු දහම්පියා අටුවාවට කළ සන්න්‍යයයි” යනුවෙන් දක්වා ඇත. එ් අනුව පස් වැනි කසුප් රජතුමා මෙහි කතුවරයා බව පැහැදිලිය. මෙය පාලි ධම්මපදට්ඨ කථාවෙහි එන ඇතැම් ගැටලූ පදවලට ලියූ ගැටපදයකි. ධම්මපදය මෙන් ම අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් එයට ලියූ අටුවාව ද ජනප‍්‍රිය පාලි ග‍්‍රන්ථයක් විය. එවක මෙහි විසූ සෑම බෞද්ධයෙකුම පාහේ මේ ග‍්‍රන්ථ දෙක මහත් ආදරයෙන් පරිශීලනය කළ බව පෙනේ. පාලිය පිළිබඳ එතරම් දැනුමක් නැති බොහෝ ජනයාගේ ප‍්‍රයෝජනය පිණිස ගැටපදයක අවශ්‍යතාවය අවබෝධ කරගත් පස්වැනි කාශ්‍යප රජතුමා එහෙයින් ම මෙය රචනා කළේ ය.

දහවැවැනි සියවසේ සිංහල භාෂාවේ තත්ත්වය දැන ගැනීමට ධම්පියා අටුවා ගැටපදය තරම් උපකාරීවන වෙනත් ග‍්‍රන්ථයක් නැත. සිංහල භාෂාවේ උපත, වැඞීම, ව්‍යාප්තිය, සංකලනය ආදී භාෂාව පිළිබඳ සෑම වැදගත් කරුණුක් ම දැන ගැනීම සඳහා මේ ගැටපදයක් ගැටපදයෙන් ලැබෙන්්නේ මහත් පිටුබලයකි. සිංහලයේ මාතෘ භාෂාව සේ සැලකෙන පාලි හා සංස්කෘත භාෂා ඇසුරෙන් මේ වකවානුව වන විට වඩාත් බලපෑම් සිදු වූයේ පාලියෙනි. එ් නිසා ම මෙකල භාෂාවන්හි පාලි තත්සම ශබ්ද වඩාත් බහුල විය. ධම්පියාව පාලි අටුවාවට කළ විස්තර ග‍්‍රන්ථයක් හෙයින් මෙහි භාෂාවෙහි වෙනසක් ඇතිවී යැයි පිළි ගැනීම දුෂ්කරය.

ගැටපදයකින් ගැටපදයක් ලිහිල්කොට අවබෝධයට පහසු වන පරිදි ලිවීම් මිස එයට වඩා වැඩි යමක් බලාපොරොත්තු විය හැකි නොවේ. ගැටපදයක් ලිවීමේ පරමාර්ථය ද එයයි. ධම්පියා අටුවා ගැටපදයෙහි සමහර කරුණු නිසා එකල පැවති භාෂාවේ තත්ත්වය හා කතුවරයාගේ නිර්මාණ ශක්තිය බොහෝ දුරට පැහැදිලි කරගත හැකිය. නිදසුනක් ලෙස, ”සකක භවනං, කමපි” යන පද දෙකට ගැට පදයේ විස්තර දක්වන්නේ මෙසේය. 

  • සකක භවනං - ප`ඩු ඇඹල් සල එවු, කමපි - කැපී ගිරා රජහු ලෙහි උපන් ගුණෙන් සක් විමන් කිසෙයින් කපායත්. ආශ‍්‍රය කම්පියෙන් කපියෙත්මය. ආධිපත්‍ය මාත‍්‍රයෙන් කපියෙත් ම සහ පොළොවේ මෙර ගල් අපිස් ගුණෙන් කපුත්, භ‍්‍රමණ සැකැ මැරි පි`ඩු සෙයින් තදාශ‍්‍රිත සක්විමන් කප්නේ යි. ආශ‍්‍රය කම්පා නම් අයෝ ද්‍රව්‍ය සන්නිධානයෙහි අයස්කාන්ත කප්න සෙයින් ආශ‍්‍රසය සල නැතිව මැ අපිස් ගුණෙන් සක් විමන් කප්නේ’යි යන ආධිපත්‍ය කම්පා නමි.” 

මේ විස්තරයෙන් කසුප් රජුගේ රචනා ශෛලිය හා විද්‍යා ඥානය කෙබඳුදැ’යි තරමක් දුරට වටහා ගත හැකිය. එකල විසූ උගතුන් ලෝහ ද්‍රව්‍ය හා කාන්දම් ගැන දැනගෙන තිබූ බවත්, යම් යම් දේ ගැන විවිධ අයුරින් සිතන්නට පුරුදු වූ බවත්, විද්‍යානුකූලව සිතීමේ හැකියාවෙන් යුක්ත වූ බවත් ධම්පියා අටුවා ගැට ගැටපදයේ එන මේ එක ම පාඨයෙන් වුවද හෙළිවෙයි.

ධම්පියා  අටුවා ගැටපදය එකම කතා ශරීරයකින් යුත් ගද්‍යයක් නොවන නිසා එය කියවා රසවිඳිය හැකි ග‍්‍රන්ථයක් නම් නොවේ. එතකුදු වුව අනුරපුර යුගයේ භාෂා තත්ත්වය වාක්‍ය ප‍්‍රයෝග ව්‍යාකරණ නීති රීති ශබ්ද ව්‍යවහාර පිළිබඳ සමීක්ෂණයක යෙදෙනෙකුට පමණක් නොව, භාෂාවේ වැඞීම සොයන්නෙකුට ද එයට වැඩි ප‍්‍රයෝජනයක් මෙයින් සිදු වනවා නොවනුමාන ය. ප‍්‍රාකෘත යුගයේ පටන් ඇතැම් වචනවල පරිණාමය, එසේම පාෂාණීභූත ඇතැම් වචන හා අද අප‍්‍රකට ඇතැම් වචනවල තේරුම් ද සොයාගත හැක්කේ මෙවැනි ග‍්‍රන්ථවල උපකාරයෙනි. කතුවරයා ග‍්‍රන්ථයෙන් දක්වන්නා වූ විවධ භාෂා ලක්ෂණයන් ධම්පියා අටුවා ගැටපදයෙන් විමසා බලමු.

අර්ථ වර්ණනා ක‍්‍රමය සඳහා එකම ක‍්‍රමවේදයක් අනුගමනය නොකළ කතුවරයා විවිධ සංකීර්ණ මාර්ගයන් අනුගමනය කළ බව ග‍්‍රන්ථය පරිශීලනය කිරීමෙන් හඳුනාගත හැකිය. මෙවන් ගැටපදයක දී එකම ක‍්‍රමවේදයක් අනුගමනය කිරීම අසීරු කරුණක් වනවා පමණක් නොව අශාස්ත‍්‍රීය ද වේ. විස්තර කරන පද එකම තරාතිරමේ නොවීම පමණක් නොව ඇතැම් එ්වා සරල වීම, සමහර පද ගූඪ වීම ද මෙවැනි මගක් ගැනීමට හේතුවේ. මෙයින් ඇතැම් තැන් දීර්ඝව ද, තවත් සමහර තැන් කෙටියෙන් ද, අර්ථ දැක්වීමෙන් පමණක් ද විස්තර කරන අතර ව්‍යාකරණ විධි දැක්වීමෙන් පමණක් ද මෙතුමා ඇතැම් විට සෑහීමකට පත්වේ.

පාලි වචනයට සිංහලෙන් අරුත් දීම.
පාලි වචනයට පාලියෙන් අරුත් දීම.
පාලි වචනයට සිංහලෙන් අරුත් දී සිංහලෙන් විස්තර කිරීම.
පාලි වචනයට සිංහලෙන් අරුත් දී පාලියෙන් විස්තර කිරීම.
පාලි වචනය කෙලින්ම විස්තර කිරීම.
පාලි වචනය සිංහලෙන් හා පාලියෙන් මිශ‍්‍රව විස්තර කිරීම.
පාලි වචනයේ ව්‍යාකරණ විභාග කිරීම.

යනුවෙන් අර්ථ වර්ණනා ක‍්‍රමය මේ අයුරින් කොටස් කළ හැකිය. මේ අර්ථ වර්ණනා ක‍්‍රම සොළොසක් පමණ විද්‍යමාන වන නිසා ඔහුගේ ප‍්‍රතිභා භා ශක්තිය මොනවට ප‍්‍රකට වේ. මේ සංකීර්ණ ක‍්‍රම අතුරින් කතුවරයා අනුගමනය කළ ජනප‍්‍රියම ක‍්‍රමය බව පෙනෙනුයේ පාලි වචනයට සිංහලෙන් අර්ථ දැක්වීමේ ක‍්‍රමයයි. එහි දී ඔහු සෑහීමකට පත්වූයේ මීට වඩා වැඩි විස්තරයක් එම වචනයට අනවශ්‍ය වූ හෙයිනි. එසේ වුවත් අවශ්‍ය වූ තැනතැනදී දීර්ඝ විස්තර සැපයීමට ද පසුබට නොවීය. අර්ථ වර්ණනා ක‍්‍රම අතර පාලියෙන් සිංහලට අර්ථ දැක්වීමේදී එක් අර්ථයක් හෝ අර්ථ දෙකක් දුන් බව අවස්ථා ඇත. එ්වා කාලික හෝ පූර්ව කාලික හෝ විය හැක. මෙසේ එක් වදනකින් අරුත් සැපයූ අවස්ථා කිහිපයක් මෙසේය.

  • පාලි වචනයට සිංහලෙන් අරුත් දීම.

x හිතං - හිතව 
x සකකචචං - ඇදුරුව 
x උදධනෙ - ළිප 
x ඝනමංසං - තුල් මස් 

  • පාලි වචනයට සිංහලෙන් තේරුම් දෙකක් දීමෙදී දක්නට ඇති ලක්ෂණයක් නම් මින් මුල් වචනය වඩාත් පැරණි එකක් වීම හා එය පාලි වචනයට ඉතා කිට්ටු බවත් ය.

x චිතකං - සියා, දර සෑ 
x සාවය - අස්ව, ගිවිස්ව 
x පාද මූලකං - සීවිල්ලකු, මෙහෙකරුවක්හු 
x ජෙටඨමූල මාසෙ - ජෙටුමුල් මස්හි, පොසොන් මස්හි 
x දෙසනාකූටංගණහි - දෙස්නෙහි මුදුන්ගති, දෙසුවන් නිමවිය.

  • මේ අරුත් බිනීමෙහිදී වෙනත් මුහුණුවරක් කතුවරයා අනුගමනය කර ඇත. එනම් පාලි වචනයට සිංහල අරුත් දී එහි පාලි වචනය ද සඳහන් කිරීමය.

x මසසු කමමං - මස්ලියන කම්, මසසු ලෙඛනං 
x කණිටඨා - නග, සඞගරකඛිත නාම භාගිනෙයේ‍යා 
x කිං තණහා - කිමෙක්හි තණ්හාය, කිසමිං තණහා 

  • පාලි වචනය පැහැදිලි කිරීමට පාලි වචකයක්ම දීම.

x අපරභාගෙ - අපර කාලෙ 
x මහෙ සකඛාය - මහානුභාවාය 
x වනසපතිං - වනජෙටඨකං 
x හෙටඨා භාගං - රුකඛමූලං 

  • ඇතැම් පදයකට සිංහල තේරුම් දුන්නාක් මෙන්ම පාලි වචනයටද එවැනි පර්යාය නාමයන් යෙ¥ තැන් දක්නට ඇත.

x අපපාහාරතාය - නිරාහාරතාය - මන්‍දාහාරතාය 
x සීල විපතතිං - සීල භෙදං - සීල විනාසං 

  • පාලි වචනයට සිංහලෙන් අරුත් දී සිංහලෙන් විස්තර කිරීම.

x පණණසාලං - පන්හල් - උළු සියන් තණ සියන් හොතුජ් පණ්හල් ආරෙන් කළ සෙනසුන් පණ්හල්       නමි. 
x බුදධ චකඛුනා - බුදු ඇසින් - ආසයානුසය ඤාණ හා ඉන්‍ද්‍රීය පරාවරතා ඤාණ බුදධ චකඛු නම්. 
x සුඤඤාගාරෙ - විවත් සෙනස්නෙහි ඉත්‍ථි පුරුසාදී සම්බාධ නැති සෙනස්නෙහි යූසේ යි.

  • පාලි වචනයට සිංහලෙන් අරුත් දී පාලියෙන් විස්තර කිරීම.

x කුටුමබිකං - කෙළෙඹියක්හු - කුටුමබං බොගො, තං එතසස අත්‍ථීති කුටුමබිකො. 
x කොමාර භචෙචා - රජ කුමරහු විසින් පුස්නා ලදුයේ - කුමාරෙන භතො කුමාර භතො සො එවං කොමාර භචෙචා.  
x අසතථඝාතකා - සතින් නොහනනුවෝ - සතෙථන හනනතීති සතථඝාතකා,(න සතථඝාතකා* අසතථඝාතකා. 

  • පාලි වචනයට පාලියෙන් අරුත් දී පාලියෙන් විස්තර කිරීම.

x චතුමධුරං - සපපි නවනීත මධු සකඛරා. 
x ”චකඛුපාලෙත්‍ථරනති - නටඨ චකඛුමෙකං ථෙරං. සොහි ඵලිතචකඛූති වා ඵලිතසදදසස පරනිපාතො චකඛු ඵලිතොති වා වතතබෙබ එකාරසස පකාරං අකාරසස දීඝතතං තකාරසස ලොපං ඉකාරසස අකාරං කත්‍වා නිරුතතිනයෙන චකඛුපාලොති වුතෙතා” 

  • මෙපමණකින් නොනවතින කතුවරයා පාලි වචනය කෙලින්ම විස්තර කරන්නේ මෙසේය. 

x පවෙණි රජජං - පුතත පරමපරාය වලඤජනක රජජං. 
x තිනනං උතූනං - හෙමනතගිමහවසසානං. 
x සොක පරෙකසස - සොකෙන අභිභූතසස පුතත වියොගජා සොකං. 
x පාලි වචචනය සිංහලෙන් හා පාලියෙන් මිශ‍්‍රව විස්තර කිරීම.
x කරජකායං - කරතොජාතං කරජං - කරෙවා ජාතං මෙහි කර ශබ්දයෙන්  ශුක‍්‍ර ශ්‍රෝණිත කියනු කිරීයතෙ විපපකිරීයතෙ ඉති කරං. කුචඡුිතානං කේසාදීනං ආයො ආකාරොති කායො, කරජොච සො කායො කරජකායො. 
x ථිර චෙතසා - තහවුුරු සිතැතියහු විසින් - විවට පැකි ධම්හි පිහිට සිත් තහවුරු සිත් නම් ථිර චෙතො යසස සො ථිරචෙතො තෙන ථිර චෙතසා. 
x අධිකරණං - අධිකරණ, අධිකරණීයතො වූපසමනීයතො අධිකරණං, තුමහට යම් කවර කිසයෙක් අධිකරණිය බැවින් අධිකරණය නම්. මෙතැන අකෙකාසන පරිභාසන. 
මෙය සිංහල පාලි මිශ‍්‍රව වර්ණනා කිරිමක් නොව පදාර්ථය පාලි භාෂාවෙන් දක්වා සිංහලෙන් අදහස සුඵුට කළ තැන් වශයෙන් ද දැක්විය හැක.

  • මෙසේම පදාර්ථය සිංහල භාෂාවෙන් දක්වා එහි විග‍්‍රහ විස්තර වර්ණනා ආදිය පාලියෙන් හෝ පාලි සිංහල උභය භාෂාවෙන් ම හෝ දැක්වූ අවස්ථාද ඇත.

x මරණබ්‍යසනං - මරණදුක් - බ්‍යසසති ඛිපති සූඛනති බ්‍යසනා.  නොහොත් මරණ විතැස් විචජිනදිත්‍වා අසනං ඛිපනං බ්‍යසනා.
x වොසසගගරතො - වීමෙහි ඇළුනෙමි, වොසසජජනං අතතනි යසස වත්‍ථුසස පරෙසං පරිචචජනං, තත්‍ථරතො වොසසගගරතො. 
x මසසුකමමං - මස්ලියන කම් - මසසුලෙඛනං කමමං 
x පාලි සිංහල හැරුණු කොට විස්තර දැක්වීමේ දී සංස්කෘතයෙන් දැක්වූ අවස්ථාද අර්ථ වර්ණනා ක‍්‍රම අතර හමුවේ.
x හටඨ පහටෙඨා - තුටුපහටුයේ, හටඨ නම් සතුටු, පහටඨ නම් ප‍්‍රකර්ෂයෙන් සතුටු. 
x අනනතමන ධාතුකො - නොවැසිය මහා සැහැවියෝ නොහොත් වී සොම්නසින් නොගන්නාලද සිත් සැහැවියෝ පළමු විකල්පයෙහි අන්ත ශබ්ද පරඛ්‍යා වෘතාර්ථ කියා දෙවන විකල්පයෙහි ගෘහිතාර්ථ කියා...... 
x ධනචෙඡුදං - ද්‍රව්‍යක්‍ෂය 

  • පාලියට සිංහලෙන් හෝ පාලියෙන් වාච්‍යාර්ථයෙන් පිටත් අරුත් දැක්වීමද අර්ථ වර්ණනා අතර දක්නට පුළුවන.

x තථා කත්‍වා - යටඨිකොටිං ගහෙත්‍වා 
x සාත්‍ථිකා - වාසනාධානතො ඵලභවභොගනිපඵාදනතො 

මෙහි ”තථා කත්‍වා” යන්නෙහි වාච්‍යාර්ථය ”එසේ කොට” යනු වූවත් එය නොදී ”යටඨිකොටිං ගහෙත්‍වා” යි වෙනත් අරුතක් දී ඇත. ”සාත්‍ථිකා” යන්නෙහි අරුත ”සාර්ථක” යන්නයි.එසේ නොකියා සාර්ථක වන්නේ කෙසේද යන්නට පිළිතුරු වශයෙන් එන ”වාසනාධානතො ඵලභවභොගනිපඵාදනතො” යන්න අරුත් වශයෙන් ඉදිරිපත් කරයි.
සිංහලෙන් හා පාලියෙන් තේරුම් දෙකක් දෙන විට දී ”යිසේ යි” ,   ”යූසේ යි” වැනි වදනක් බොහෝවට යොදා ගන්නා බවද පෙනේ.

එසේ ම තෝරාගත් වචනවල අරුත් තේරුම් කිරීම පමණක් නොව එහි ව්‍යකරණ ලක්‍ෂණ වූ විභක්ති, නිපාත, සමාස, කෘදන්ත සේම ධාතු විච්ඡේද කොට පෙන්වීම ද කරනුු ලබයි. ව්‍යාකරණ දැක්වීම් වලදී කතුවරයා අමුතු ම`ගක් ගතතේ ය. අර්ථවර්ණනා වලදී පාලියට හුරු රීතියක් අනුගමනය කළ අතර ව්‍යාකරණ ක‍්‍රම දැක්වීමේදී විශේෂයෙන් ක‍්‍රියාවල ධාතු කීමේදී සංස්කෘතය අනුගමනය කරන ලදි. ධාතු සංස්කෘතයෙන් කී අතර සමාස විග‍්‍රහය පාලියෙන් දැක්වී ය. 

x ගිලානො - ගුලින් පී සොම්නස් ඇතියෙමි. ෙගෙල හෂ_යෙ යන ධාතුයි. 
x මඤෙඤ - යනු නිපාතයි. 
x අජජතගෙග - තකාර ආගම. අගෙග යනු ආද්‍යත්‍ථ_යෙහි නිපාත. 
x පුතත සොකං - මධ්‍ය පද ලොප් සමස්. 
x පාදෙ - පා ස`ගළුවන් - උපයෝග බහු වදන්. 
x හිරඤඤ සුවඤඤසස - පූරණත්‍ථ_ සාමි වචන. 
x සාදා - කරණාර්ථයෙහි පංචමී. 
x දළහං - යනු ක‍්‍රියා විශේෂණ යි. විරියං යන කම_ට විශේෂණ එම. 

ධම්පියා අටුවා ගැටපද කතුවරයා මේ අර්ථ වර්ණනා ක‍්‍රමයන්ට අමුතුව ගමන් කළ තැන් ද පෙනේ. සමහරවිට ඔහු පද විවේචන කරයි. සිය මතයද දක්වයි. එසේ ඔහු තීරණයට බසින්නේ ග‍්‍රන්‍ථාන්තරයන් හා සැසඳීමෙනි. එයින් කතුවරයාගේ රචනා විලාසයත්, ග‍්‍රන්‍ථාන්තර ඥානයත්, ධම_ඥානයත්, විවේචන බුද්ධියත් මනාව හෙළිවෙයි. පාඨකයාට පුළුල් අවබෝධයක් ලබාදීම සේම ගැටපදයකින් තේරුම් ගැනීමට අසීරු වචනවල අර්ථ දැක්වීම පමණක් නොව ඒ වචන පිළිබඳ පැහැදිලි විස්තරයක් ද කිරීමට ඇවැසි වූ නිසා මේ ක‍්‍රම අනුගමනය කරන්නට ඇතැයි සිතිය හැකි ය. 

x අටඨටඨ කහාපණෙ ලබතීති - පොතැ ලියති. ‘නිබදධං අටඨ කහාපණෙ’යී හෙළු අටුවායෙහි කියූ බැවින් ‘අටඨ කහාපණෙ ලබති’ යනු හඹා. 
x මිචඡුාදිටඨිකසස ගෙහෙ වසමානායාති ඉදමපන සීහලටඨකථාය අභාවතො චිනෙතතබබං. 
x සාමාවතියා මාගන්‍දියා මරණ දීපන වත්‍ථු’යී ලියත්. ‘සාමාවතියා වත්‍ථුනාම පඨමං’ යී මහ අටුවාවෙහි ආ බැවින්  ‘සාමාවතියා වත්‍ථු යනු මතු හඹයි. 
x ‘ආපතතියා අදසසනෙ’ යන පාඨය ‘ආපතතියා අදෙසෙන’ කියා තිබූ බව ද පෙනේ. කතුවරයා එය බැහැර කරනුයේ එහි එන ‘උකෙඛපනීය කමමං අකාසි’ යන්නට ‘අදෙසනාය’ යන්න නොගැළපෙන බවට සාධක ද දක්වමිනි.
තවත් තැනකදී පාඨකයාගේ විමර්ශන ඤාණය දියුණු කරවන අදහසින් මෙන් සාමාජික ශාස්ත‍්‍රීය සාමයික තොරතුරු ද විස්තර වශයෙන් දැක්විමට මොහු දැරූ  ප‍්‍රයත්නය ප‍්‍රශස්ත වේ.
x තම්බපණණි - යන වදනෙහි ව්‍යාකරණ නිරුක්තිය ද ගෙන හැර පාමින් කතුවරයා කරන විස්තරය කෞතුක රසය ඉස්මතු කරවයි.   ”විදෑ රජහු ලක් දිව බට දා බිම එබූ අත් පැහැ බලා පිරිවරවූවෝ තම්බපණ්ණී යුහුල. එයින් නම් දිව් ලක් දිව් තම්බපණණි නම් විය යෙත්” 

  • එසේම සිංහල යන නම වූයේ කවර නිසාද යන්න හෙළි කරන්නේ මෙසේය.

x සීහබාහු රජ සිහකු මරා - සීහළ නම් වී ”සීහං ලූනාවා ඉති සීහළො” විදෑ කුමරු ඒ ඔහු දරු බැවින් ‘සීහළ’ නම් වි. සෙසුවෝ එවුහු පිරිවර බැවින් ‘සීහළ’ නම් වූහු. 

  • එසේම කාලීන චාරිත‍්‍රයක්ද හෙළි කරයි.

x ස්වාමීන්ට අඹුවන් ඉලියනු අඹු මිනිසුන් නො පියවිනු යන අභිප‍්‍රාය.(තම ස්වාමියාට තවත් අඹුවක් සොයා දීම අඹුවකට අයත් කාර්යයක් නොවන බව මින් දක්වයි. *

  • ගණිත ක‍්‍රමයන් දැක් වූ අවස්ථාද ඇත.

x නුහුයෙන් - නහුතයක් නම් දස දහයි. ( මෙය ධර්මප‍්‍රදීපිකාව වැනි ග‍්‍රන්ථ වල කොටි ප‍්‍රකෝටි ශත සහස‍්‍රයක් නහුතයෙක කියා දැක්වේ.*
ග‍්‍රන්ථයේ කථා වසුතූන් දැක්වීමේදී පාලි භාෂාවෙන් කොටසක් ද සිංහල භාෂාවෙන් කොටසක් ද නම් කර ඇත.

  • සිංහල භාෂාවෙන් දැක් වූ අවස්ථා කිහිපයක් මෙසේයි.

x කොසඹෑ වත්.
x මහාකාල මහ තෙරුන් වත්.
x දෙව්දත් තෙරුන් වත්.
x නන්‍ද තෙරුන් වත්.

  • පාලි භාෂාවෙන් දැක් වූ අවස්ථා කිහිපයක් මෙසේයි.

x චකඛුපාලථෙර වත්‍ථු
x මටටකුණඩලී වත්‍ථු
x කාළි යකඛනියා වත්‍ථු

මෙලෙස දක්වන්නට ඇත්තේ පාලි හා සිංහල භාෂා සාමයික ලෙස මේ යුගයේ තිබෙන්නට ඇති නිසා ය. කෙසේ වුව ද කතුවරයා කුමන බසක් හෝ ක‍්‍රමයක් උපකාර කරගෙන ඒ ඒ වචනයේ අර්ථ පැහැදිලි කිරීමට මනා පරිචයක් තුබුවා සේම, දක්‍ෂතාවයක් ද දැක් වූ බව පෙනේ. සංකීර්ණ අර්ථ වර්ණනා ක‍්‍රමයක් එළි දැක්කේද මේ නිසා ම විය හැක.

මෙම ග‍්‍රන්‍ථයේහි භාෂාව පිළිබඳ විමසීම සිංහල භාෂාවේ සංවර්ධනය පිළිබඳ නිරීක්‍ෂණය කරන්නට අතිශයින් වැදගත් වන බව පෙනේ. තත්ත්කාලීන ශිලා ලිපි භාෂාවේත්, ධම්පියා අටුවා ගැටපද භාෂාවේත් සමතත්වයක් ඇත. මළු ග‍්‍රන්‍ථයේම භාෂා තත්ත්වය ගැන පොදුවේ බලද්දී පාලි රීතියට බරව ගිය බවක් පෙනේ. පාලි තත්සම වචන බහුලව යෙදී ඇත. පාලි හා සිංහල වචනයන් එකිිනෙකට සසඳා බලන කල සිංහල වචනය පාලියට ඉතා කිට්ටුවෙන් බිඳගත්තක් බව හැ`ගයි. අතරින් පතර යෙදුණු සංස්කෘත වචන කීපයකුත් ක‍්‍රියා වල ධාතු සංස්කෘතයෙන් කීම හැර මෙහි භාෂාව සංස්කෘතයට සමබවක් නම් නැත. ඔහුගේ රචනා ශෛලිය මෙවැන් ඡේදයකින් විද්‍යමාන වෙයි.

x නිරොධ සමාපතතිං සමාපජජි - පඨමජඣන්හි පටා සමවැජැ සමවන් ඣන් විවසමින් ආකිඤචඤඤයින් පවා අවුජ් එ සමවැජැ නැ`ගී කටයුතු තව්කිස නිමවා නෙවසඤඤානාසඤඤා සමවැජැ ඒ දෙවැටෙකින් නවතා සිත් අපවත් නිරෝධ සමවැතට වනි. 

මෙයට හේතුව පාලි ග‍්‍රන්ථයක් අනුගමනය කළ නිසා කතුවරයා පාලි රීතියට හුරුවීමට වඩා සංස්කෘතය සිංහලය හා ගැටීමකට පත් නොවූ යුගයක් වීමයි. පොළොන්නරු යුගයේ සංස්කෘත බලපෑම තදින් තිබුණේ ද ඒ නිසයි. නමුත් ද්‍රවිඩ වචනයන් බහුල වශයෙන් බල නො පෑ බව මින් පැහැදිලි වෙයි.

සීගිරි පද්‍ය භාෂාවේ මෙන් ධම්පියා අටුවා ගැටපද භාෂාවේ ද ඇත්තේ අවිනිශ්චිත තත්වයකි.එකම රීතියකින් නොබැඳුණු අනියම් භාෂා ප‍්‍රයෝගත් විකල්ප යෙදුනුත් නිසා භාෂාව තැන්පත් වෙමින් පැවති අවධියක මේ ග‍්‍රන්ථය කළ බව වටහා ගත හැකිය. භාෂාව තැන්පත් වූ අවධියක ලියැවුණේ නම් එක වචනයේ එක අකුරේ විවධ රූප එක කතුවරයෙකුගෙන් ලියැවේයැයි සිතීම අසීරු කරුණකි. භාෂාව පිළිබඳ පරිවර්තන යුගයක රචිත යැයි හැෙ`ගන්නේ මේ නිසා ය. මෙම ග‍්‍රන්ථයේ ආදිම බ‍්‍රාහ්මීය ශිලා ලිපි වල භාෂා ලක්‍ෂණත්, ප‍්‍රාථමික හා මධ්‍යතන යුගයන්හි භාෂා ලක්‍ෂණත් ඇත. ව්‍යකරණ නීති රීති ආදියෙන් යුත් භාෂා ඉතිහාසය සොයන්නවුන්ට මෙම කෘතිය අන`ගි පිටුවහලක් බව නො කිය යුතුය.

ධම්පියා අටුවා ගැටපදයේ ඇතැම් අක්‍ෂරයන් හි වෙනස් කම් දක්නට ලැබේ. වර්තමාන ව්‍යවහාරයෙහි එන ”ද” වෙනුවට ”ජ” කාරය යොදා තිබේ.
x පුජන - පුදන
x ජුවන - දුවන
x සැජැහැ - සැදැහැ
x පහජති - පහදති
x මැජහන් - මැදහත්  
මේ ”ජ” කාර රූපය බොහෝ තන්හි ප‍්‍රකෘති වශයෙන් ද යෙදී තිබෙන බව පෙනේ. ” බෙහෙජ් ”,”ප‍්‍රජන ”, ” භෙසජජ ”, ” පුජන ” ආදී පාලි ශබ්දයන් ද ”ජ” කාර යුක්ත බැවින් ප‍්‍රකෘති වශයෙන් යෙදී තිබේ.

  • ”ච” ”ජ” වීම.

x ආචාර ගෝචර - ඇජර ගොජර
x කාමාවචර - කම් වැජරි
x කම් වජන්, මුජම් ආදිය ”කම්ම වාචා ” ”මුඤචාමි” යන පාලි ශබ්දයන්ගේ ”ච” කාරය වෙනුවට ”ජ” කාරය ආදේශ වූ තැන්ය.
  • ”ස ” ”ත” වීම.

මෙය කලාතුරකින් දක්නට ඇති ලක්‍ෂණයකි.ව්‍යවහාරයේ ඇතැම් වචන වල අදත් යෙදෙයි. ”සේවාව ඝ තේවාව” මෙනි. මෙම ග‍්‍රන්ථයේ ”සේසානං ඝ තෙසුනට” යන ප‍්‍රයෝගයේ මේ ලක්‍ෂණය යෙදී ඇත. ඇත් ” යන්නෙහි ප‍්‍රභවය හත්‍ථි ශබ්දයයි. එතෙකුදු වුවත් මෙමෙ පාලි ශබිදයෙන් ප‍්‍රථමයෙන් සිංහලට බිඳී ආවේ ” ඇත් ” කියා නොව ” හැත් ” කියාය. ධම්පියා අටුවා ගැටපදයෙහි ” හැත් ”  හැතුන් ”  ” හැතක්් ”  යනුවෙන් මේ ශබ්දයේ මුල් ස්වරූපයෙන්ද විභක්ථ්‍යන්තවද දක්නා ලැබේ. ” හත්‍ථි ” ශබ්දයෙන් බිඳුණු  ” හැත් ” යන්නෙහි ” හ ” කාරය කාලාන්තරයක් අනුච්ඡුාරණයට පැමිණීමෙන් වත්මන් ” ඇත් ” ශබ්දය සෑදී ඇත. මෙකල අභාවයට ගොස් ඇති මෙවැනි මුල් තත්භව වචන සිංහල භාෂාවේ සංවර්ධනය හා නිරුක්ති සම්බන්ධ පරීක්‍ෂණයේ දී අතිශයින් ප‍්‍රයෝජනවත් ය.

සිංහල ප‍්‍රාකෘත හා මධ්‍යතන යුගයන්හී යෙදී ඇති විබත් පස මෙහිද යෙදී ඇත. පෙර විබත් ” එ ” පස බ‍්‍රාහ්මී ලිපි වල ” ලෙණෙ ” ” පුතෙ ” වැන් තැන් වල යෙදුනකි. මේ ප‍්‍රත්‍යය මෙහිද ඇත. පෙර විබතට මෙහි ”එ, ආ, ඉ,  ඕ, හු, හ” යන ප‍්‍රත්‍ය යෙදී ඇත.
x එ - වඩක් ජෙනෙ/මහජෙනෙ කථා ඉතැයි 
x ආ - පිළසෙවා ( පිඨසපපි වා*/හැත් මුළු පරිණා ( යූථපති* 
x අ - මුත්න , බැන, ඇජන, උසබ 
x ඉ - පිළි, නැඳි, බැහැවි 

පෙර විබතට ” ඉ ” කාරය යෙදීම පැරණි සෙල්ලිපි වල ද ක‍්‍රමයකි.” එ ” කාරයෙන් අනතුරුව ඒ තැන ගන්නේ ” ඉ ” කාරයයි. ” පුති, රජි ” යනුවෙන් එය යෙදී ඇත. මේ ක‍්‍රමය මෙම ග‍්‍රන්ථයේ ද ඇති බව මින් පෙනේ.
x පිරි දරු/බමුණු/කොවැලි මහණු 

  • මේ ප‍්‍රත්‍ය ඒක වචන සඳහා යෙදුණු අතර ”  ඕ, ඔ, හු, හ ” බහු වචනය පිණිස යෙදුණි.

x  ඕ - හිමියෝ,/ඉඳු ගොව්වෝ,/කුල දරුවෝ,/නියැරි වැසියෝ 
x ඔ - ඇජුරො, ඇජුරො හෙල බසින් තැබූහ./දුරුනැයො 
x හු - නිවැසි මහණහු,/සඛරහු,/ගිරව්හු, 
x හ - හෙළහ හෙළහ යනු කිසෙනියත්්/දෙජනහ - ආචාර කුල පුත‍්‍රයහ 

  • කම් විබත සඳහා ඒක වචනයේදී ආ, හු, හ යන ප‍්‍රත්‍යයද බහු වචනයට ‘ අන් ’ ‘ උන් ’ ප‍්‍රත්‍යයද යෙදුණි.

x ආ - පැන ඇතියා /සුළුවටාවා 
x හු - නාලාගිරි ඇත් හු/මහ ඇතැක් හු 
x හ - තුරුකක් ඇතියහ/සිරුර වළජහ 
x අන් - ඉක්බිති ගෙහි දරුවන්  
x උන් - කොසඹෑයෙහි මහණුන් 

සපදන් විබතේ හා සබඳ විබතේ ප‍්‍රත්‍යය වල විවිධත්වයක් පෙනේ.ආදි සෙල්ලිපි වල යෙදුණු ප‍්‍රත්‍යය හා පසු කල ප‍්‍රත්‍යයන් ද මේ දෙ විබතට ම යෙදී ඇත. සපදන් විබත සඳහා යෙදුණ          ” අත්‍ථාය ” යන්නෙන් බිඳී ආ හටය,හට,අට,ට්,ට යන ප‍්‍රත්‍යය සියල්ලම මේ ග‍්‍රන්ථයේ ද ඇත.

සබඳ විබත සඳහා ද ” ස ” ප‍්‍රත්‍යයෙන් බිඳුණු හ,හු,ආ ප‍්‍රත්‍යයන් හා පසු කාලයන්හි එකතු වූ සම්බන්ධ විභක්ති සූචකයක් වූ ”ගේ ” ප‍්‍රත්‍ය ද යෙදී ඇත.

  • සපදන් විබත හා ප‍්‍රත්‍ය :- ධුර උසුලනු වහ 

x හටය - රා කෙළෙස් හටය/බිකු ස`ග හටය 
x හට - ගම් වළඳු හට/තුළා රක් හට/එවූ හට    
x හට් - කරන ලදු වහට්/ඇතියහට් 
x ට් - අසන් ගමට්/පරනාට්/මුනි බවට් 
x ට - අපවත් කරනු වට/අනුපාවටනුවට 

  • සබඳ විබත :- හ, හු, උ, ආ, අ, අය, ගේ

x හ - සිරි ඇතියහ/ජතුවහ/ඤණහ 
x උ - ආගම බුහුසු 
x හු - නැංගාහු/මිනිසක්හු 
x ආ - යුත් කැටියා/බණ කියැනුවා/දෙනුවා 
ප‍්‍රාකෘත යුගයේදී ” නිසය, පරෙතය” වැනි තැන් වල යෙදුණු ” අය ” ප‍්‍රත්‍ය ඉතිරි ලි`ගු සබඳ මේ අරුතට මෙහි යෙදී ඇත.

x නැඳය දුව විසින්/සුජය ඇස් 

  •      අදර විබත :- හි, ඇ, අ

x කුසල් අකුසල් ධම්හි/ඉකිළියෙහි 
x ඇ - වෙ පත් හැදැ/තඹෙන් දිවයැ/අ`ගුරටැ 
x ඇකැ/මෙහෙණවර 

නැඳය දුව විසින්, තොප කෙරෙන්, ඇවිටු, මෙම වැනි යැයි හ`ගවනු වස්, අද විය යුතු පී පාමොජ වස්, සහාවාස පිණිස, ඉධවත් හුගේ යන පදයන්ගේ පැනෙන ” විසින්, කෙරෙන්, කරා, ගේ, කෙරෙහි, වස්, පිණිස ” යන විභක්ති සූචක ද මේ යුගයේ භාෂාවට එක්වී ඇති බව ධම්පියා අටුවා ගැටපදයෙන් පෙනේ. සිදත් ස`ගරා කතුවරයා ලිංග භේදය හැඳින්වීමේ දී කී, ” නො පැනේ වහර වෙසෙසක් - පුම ඉතිරි ලි`ගු දෙක විනා ”යන අනුශාසනය ධම්පියා අටුවාවේ යෙදුම් දෙස බලා කීවක් යැයි සිතේ.ව්‍යවහාරයේදී පුං, නපුංසක ශබ්දයන්ගේ ප‍්‍රකට භේදයක් පෙනෙන්නට නැතැයි කීම ධම්පියා අටුවා ගැටපදය අනුව නම් ඇත්තකි.එහෙත් එතුමා නපුංසක ලි`ගුවක් නැතැයි එතන එතන නියා නැත. ධම්පියාවේ නපුංසක ශබ්ද  ද වරනැ`ගී ඇත්තේ පුං ලි`ගුවට සමානවය.

ඉඳුරො, රිය සියෝ, අට පිරි කරහුු  යන නිදසුන් වලින් එය පෙනේ.
ධම්පියා අටුවා ගැටපදයේ ක‍්‍රියා ද විභක්ති මෙන් ම පාලියට තත්සමව වරනැ`ගී ඇත. පාලි වරනැගිල්ලෙන් කෙලින් ම බිඳගත් ස්වරූපය එහි යෙදී ඇති ක‍්‍රියාවලින් පෙනේ.
x බිඳෙත් - භිජජනති 
x පිරිහෙත් - හායනති 
x කැපී - කමපි 
x පියනෙම් - පටිවිනෙය්‍යං 
x පැනමෝ - පටඨපෙම 
x දන්මි - ජානාමි 

  • පූව_ ක‍්‍රියා ප‍්‍රත්‍යය වශයෙන් සෙල්ලිපි වල ඇති ” බෙර පහරවයිදිනි ” ”පත් අරවයි ” ”පුජයි ” ආදී තැන්වල යෙදුණ අධි, ආධි වැනි පැරණි රූපද ඇ, අ, ආ රූපද ධම්පියා අටුවා ගැටපදයේ යෙදුණි.

x සිප් දක්වයි - සිපපං දසෙසත්‍වා 
x පැනවයි - පඤඤාපෙත්‍වා 
x ගෙනැ - පරියාදාය 
x හැරැු - සංහරිත්‍වා 
x යොජා - පයොජෙත්‍වා 
x බොජා - පරිවිසිත්‍වා 

  • උපකාරක ක‍්‍රියා පද පූව_ ක‍්‍රියා අර්ථය ගැනීමට යෙදී ඇත.

x කිණිත්‍වා - කැණැගෙන 

  • අනාගත ක‍්‍රියාව සඳහා ඇතැම් තැන් වල වර්තමාන රූපය ද අනාගත ප‍්‍රත්‍යය සහිත රූපය ද මේ සඳහා යෙදී ඇත.

x නපහරෙසසාමි - නොපහරමි 
x වංචෙසසාමි - වස්නෙම්, නළනෙම් 
x පටිකරෙසසාමි - දෙසමි 
x ආරොපෙසසාමි - අරවනෙම්,කරනෙමි 

  • ධම්පියා අටුවා ගැටපදයට පමණක් විශේෂ වූ ස්ත‍්‍රී ලිංග උත්තම පුරුෂයට යෙදුණ ”උම් ” ප‍්‍රත්‍යක් ද ඇත.

x උකකණඨිතා - උකැටියුම් 
x ඉදානි කථං ජීවිසසාමි - දැන් සම පියොවින් මතු ජෙණුයුම් කිසෙයින් ජෙමි. 
x අනාවාසා - වසන තැනක් නැතියුම්. 

  • මේ ප‍්‍රත්‍ය වෙනුවට පුල්ලිංගයට ”එම් ” ප‍්‍රත්‍යක් යෙදුණි.

x අභියාචිතො - යජන ලදයෙම් 
x ආවහනතං - එළි වනුයෙම් 

  • ” වූ ” යන අර්ථ ක‍්‍රියාව ස්ත‍්‍රී ලිංගයෙහිදි ” වී ” රූපය ගනී.

x හසාඛ‍්‍රමියෙහි සිත් අරියනු වී හි දුටුවන් සිත් ප‍්‍රසාද කරණු වී
යන්න නිදසුන්ය.
” සමබුදධසස මග ඤණින් සියුසස් තුමහ මෙ ජතුවහ 
දාරුසාකඨිකසස - දරුගැල්ලන්හ” 

වැනි පාඨ වලදී පාලි භාෂාවේ ” සස ” යන ඡුටඨි විභක්ති රූපයෙන් බිඳුණු ” හ ” ප‍්‍රත්‍යය දක්නට ලැබේ.පැරණි ශිලා ලිපි වල මේ ප‍්‍රත්‍යය දක්නට ලැබුණ ද දසවන සියවසේ ලිපි වල එය නො පෙනේ.විභක්තියම කාලාර්ථයක් සේ දැක්වීම මෙහි පෙනෙන තවත් ලක්‍ෂණයකි. පාල,ි සංස්කෘත ආදී භාෂා වල ද මධ්‍ය කාලීන භාෂාවේ ද මෙම ලක්‍ෂණය තූබූ බව මින් ප‍්‍රකට වේ.” කොතුහලෙ උපපනෙන - කුහුල් උපනුයෙහි ” යන්න නිදසුන්ය.” නහඹ ඇතුන් විසින් ” යන්නෙන් ශූන්‍ය ප‍්‍රත්‍යට ” විසින් ” පදය යොදා තෙවන විභක්ති කරගත් බවද පෙනේ.මේ ලක්‍ෂණය සෙල්ලිපි හෝ පැරණි භාෂාවේ අන් තැනක දක්නට නොමැත.

භාෂාවේ ඇති හලන්ත ස්වරූපය මේ ග‍්‍රන්‍ථයේ බහුලව දක්නට ඇත.
මණෙම්, දෙජ්, ජමුන්, ඇවිජ්, ලොමුජ්, වැනි වදන් නිදසුන්ය.
” බැමැ හාරජ් ” වැනි තැන් වලින් පෙනෙන්නේ ” ව ” වෙනුවට ” බ ” ආදේශ කළ බවකි.

  • ශ -ත වීම.

x සෙසානං - තෙසු වනං  ( මෙය බිඳී ආයේ, ශේෂ  ඝ සේස ඝ සෙස් ඝසෙසු ඝ තෙසයන අයුරිනි. *
සිදතෙන් නොපෙන් වූ ධ,ඛ,ථ වැනි මහාප‍්‍රාණ අක්‍ෂර මෙහි අන්තර්ගත බව සහ ඒ භාවිතය ද මෙහි පෙනෙන තවත් භාෂා ලක්‍ෂණයකි.
x ධමුරුවනට නමකර 
x අකඛි භෙදන 
x සෙඛජ හොතුජ් 

  • අර්ධ නාසිකාක්‍ෂර භාවිතය ද මෙහි දක්නට පුළුවන.

x සදධමමපද/කිලමතටඨාන

  • දීර්ඝාක්‍ෂර භාවිතයද දක්නට ඇත.

x ධමමපද - ධම්පියා 
x ලොකුතතර - ලොව්තුරා 
x සක මන - සිය මන       ආදිය නිදසුන්ය.

න,ණ දෙදෙන අවිශේෂව යෙදී ඇතත් වහරින් අත් හළ නොහැකි කාලාන්තරයක් තිස්සේ භාෂාවේ මුල් බැස ගත් ලක්‍ෂණයක් බව, 
x පුුන් ( පිරුණු* කලූ වණ ( කාලකණ්ණි * වැනි එම ලක්‍ෂණ ඇතුලත් වදන් වලින් පෙනේ.
අටුව, අන්ත, අලූත්, ඇතිළි, ඇප, කළය, කුණු මඩ ආදී කටවහරෙහි යෙදෙන නොයෙක් වදන් මෙහි ඇතුළත් වීම තවත් භාෂා ලක්‍ෂණයකි.

ධම්පියා අටුවා ගැටපදයේ වචන වලින්  පවා ප‍්‍රකට වන්නේ භාෂාවේ අවිනිශ්චිත තත්ත්‍වය යි. එකම රූපය විවධ ස්වරූපයෙන් යෙදී අත්තේ මේ නිසයි.

x ආචරිය =  ඇජුරු
           ඇජර
   ඇදුරු
   ඇජුරු 
x ගන්‍ධකුටි = ගදොළ
                     ගඳළි
                  ගඳකිළි 
x පලලඞක = පළ`ග
           පලක 

  ඇතැම් විට එකම පදයට අර්ථ වර්ණනා කළ තැන් වල ද මෙසේ විවිධ ආකාරයෙන් විස්තර කළ බව පෙනේ.
x යාව අරහනතා = රහත් ඵල පවා
 අරහත් ඵල දක්වා
 රහත් ඵල අවසන් කොට 
x ඛය වයං = යනුවෙහි කැමෙන් නස්නේ ඛයනම් එක් පැහැර නස්නේ වයනම්
   කිය හා විය,ක‍්‍රමයෙන් හෙනු කියනම් එකවට හෙනුනම් වියනම්
   කිණි මරණ හය් සන්තති මරණ පිරිගණිත් 
මේ අයුරින් බලන විට මේ ධම්පියා අටුවා ගැටපදයෙන් භාෂාවේ විකාශය පිළිබඳව උගතුන්ට ගත හැකි ප‍්‍රයෝජන විෂාලය.පාලි වචනය සම`ගම සිංහල වචනය යෙදී තිබීම මෙහි ඇති වැදගත්තමකි.එයින් පාෂාණිභූත සිංහල වචන වල තේරුම පාලි වචනය ඔස්සේ සොයාගත හැකිය.භාෂා රීතියේ විෂම ලක්‍ෂණ දක්නා හැකි බව පෙනේ.අත්‍ථ_ වර්ණනා වෙහිදී ද කතුවරයා එකම ම`ගක් අනුගමනය නො කළේය.භාෂා ප‍්‍රයෝග වදන් මාලාව අතින් ද සමබර බවක් නො පෙනෙන අතර අවදි කීපයකට අයත් භාෂා ලක්‍ෂණ එක් කළ කෝෂ ග‍්‍රන්‍ථයක් මෙනි ධම්පියා අටුවා ගැටපදය.සංක‍්‍රාමික යුගයට අයත් භාෂා ශෛලියක් වුව ද සිංහල භාෂා ඉතිහාසයේ සන්ධිස්ථානයක් සටහන් කරන ග‍්‍රන්ථයක් වශයෙන් මෙය අවිවාදයෙන් හඳුන්වා දීමට පුළුවන.මේ ගැටපදයේ විචිත‍්‍ර බව පෙනෙනුයේ ද මේ නිසාය.මෙතුළින් විහිදී යනුයේ ධම්පියා අටුවා ගැටපද කතුවරයාගේ භාෂා ඤාණයේත්, ග‍්‍රන්‍ථ ඤාණයේත් ආලෝකයයි.


ආශි‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය

01 සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය - නිවන්දම ධර්මකීර්ති හිමි.
02 දහම්පියා අටුවා ගැටපදය - (සංස්.* මැද උයන්ගොඩ විමලකිත්ති ස්ථවිර - 1967.
03 ධම්පියා අටුවා ගැටපදය - (සංස්.* මහාචාර්ය, ඞී.ඊ. හෙට්ටි ආරච්චි - 1974.