දඹදෙණි සාහිත්‍ය පිළිබඳ විමසුමක්
කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්‍ෂක, ප‍්‍රාචීන පණ්ඩිත,
බොරළුගොඩ සුමංගල හිමි
මෙහි පළවන ලිපිවල අදහස් හා මත ඒ ඒ ලේඛකයන් සතු බව සැළකිය යුතු ය.
මෙහි පළවන ලිපිවල අන්තර්ගතයන් ප‍්‍රාචීන පණ්ඩිත හා විශ්වවිද්‍යාල විභාග සඳහා අදාළ වේ.
මිනිසා තමා සතු සුවිශේෂී බුද්ධිය යොදා ගනිමින් මිනිස් පරිණාමය ඇරැුඹි දිනයේ පටන් අද දක්වා ඇති නිර්මාණ පුදුම සහගතය එම නිර්මාණ තුළින් අද ලෝකයා කෙතරම් සුඛෝපභෝගී ජීවිත ගත කරනවාද යන්න ඉතා කාර්යබහුලව ජීවිතය නැමති ධාවන තර`ගයේ යෙදෙන අපට මොහොතකට ඉන් නිදහස් වී සිතා බලන විට වැටහේ. එසේ මිනිසා තාක්ෂණයෙන් දියුණු වූවා සේ ම මිනිසා විසින් නිපදවු නිර්ව්‍යාජ අකලංක නිර්මාණයක් ලෙස විශ්ව සාහිත්‍ය පෙන්වා දිය හැකිය. ඒ අනුව ලොව පවතින රටවල තම රටේ පවතින උතුම්ම වස්තුව ලෙසින් සාඩම්බරව කියවා රස විඳින්නේ තම රට සතු සාහිත්‍යයයි. එසේ ඇති වූ සාහිත්‍ය ස්වකීය රට තුළ සුවිශාල පරිවර්තයන්ට ද ඉවහල් වූ බව ඉතිහාසය සාක්‍ෂි දරයි.
මෙසේ ලෝකයේ නොයෙකුත් රටවල් තුළ සාහිත්‍යයන් බිහි වන විට ලක්දිව ද මහාර්ග සාහිත්‍යයක් ගොඩ නැගී තිබුණි. මහා මහින්ද හිමියන්ගෙන් ලක්්දිව සිංහල සාහිත්‍යය ඇරඹුණු බව කෙතරම් මත ගැටුම් තිබුණත් අප පිළිගත යුතුම ය. නමුදු එම සාහිත්‍යය බිහි කිරීමේ සම්පූර්ණ ගෞරවය භික්ෂූන් වහන්සේලාට හිමිවිය යුතු බව කිය යුතු නැත. මෙරට සංස්කෘතිය මෙන්ම සාහිත්‍යය ද ගොඩනැගුනේ බුදු දහමේ ආභාෂයෙනි. එහි මූලාරම්භය හෙළටුවා බිහිවීම යි. බුද්ධඝෝෂ හිමියන්ට අනුව මහා පච්චරිය, කුරුන්දි, බෙල්ලි, මහාට්ඨකතා නම් වෙත්. අටුවා නම් අර්ථ කථනයන්ය. මෙම සිංහල අටුවා බිහිවූයේ ක‍්‍රිස්තු පූර්ව යුගයේදී වන අතර ලක්දිව එසේ ඇරඹි මුල් මුල්ම හා විශාලම අට්ඨකථාව වන්නේ මහා අට්ටකථාවයි. එමෙන්ම දෙවෙනි අටුවාව වන මහා පච්චරිය අටුවාව මහා පහුරක සිට ලියැවෙන්නට ඇති බවත්, එබැවින් මහා පච්චරිය නම් ලද බවත් වියත්හු පවසති. වළගම්බා රාජ්‍ය කාලයේ ඇති වූ බැමිණිතියා නම් නිය`ගයේ දී වෙනත් දේශයකට යාම් සඳහා දඹකොළ පටුනට එක්ව එහිදී තැනූ පහුරක සිට භික්ෂූන් වහන්සේලා අනා අනාග අනාගත යහපත් උදෙසා මෙය රචනා කරන ලදැයි සඳහන් වේ.
මේ ආකාරයට ආරම්භ වූ සිංහල සාහි්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යන් ම`ගින් අනුරාධපුර යුගයේ සිට වර්තමානය දක්වා සිංහල සාහිත්‍යය දීප්තිමත් කිරීමට සමත්ව ඇත. උක්ත සඳහනට අනුව අනුරාධපුර යුගයෙන් ආරම්භ වූ සිංහල සාහිත්‍ය එතැන් පටන් පොලොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, මහනුවර යන යුගයන්හිදී සංවර්ධනයන්ට ද පරිහාණියන්ට ද නතු වෙමින් සම්භාව්‍ය ගමනක් පැමිණ තිබේ. එලෙසින් ගමන් කළ සිංහල සාහිත්‍යය අති විශිෂ්ට ස්වර්ණමය යුගයන් කිහිපයක් පසු කොට පැමිණ තිබේ. එ් අනුව පොළොන්නරු යුගයෙන් පසු ඇති වන දඹදෙණි යුගයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. අනෙකුත් අනෙකුත් යුගයන් අතරින් දඹදෙණි යුගය සන්ධිස්ථානයක් බවට පත්වන්නේ මෙම කාල පරාසය තුළ බිහිවූ විශිෂ්ට ගණයේ සාහිත්‍ය කෘති නිසාය.
දඹදෙණි යුගය
සිංහල සාහිත්‍යය වංශකතාවේ විවිධ යුග අතරින් දඹදෙණි යුගය විද්වතුන්ගේ වැඩිම අවධානයක් යොමුවිය යුතු කාල පරිච්ෙඡ්දයක් බව අපගේ හැඟීම යි. දඹදෙණි යුගය එ් අයුරින් වැඩි බහුමානයට බදුන් වීම නිතැතින් ම සිදු විය යුතුයැයි අප කියන්නේ ප‍්‍රධාන කරුණු දෙකක් පාදක කොට ගෙනය.
- කාලිංඝ මාඝගේ දැඩි ආක‍්‍රමණයෙන් බිඳ වැටුණු අනුරාධපුර පොළොන්නරු යුගවලින් පසුව රජරට මුළුමනින් ම විදේශ ආධිපත්‍යයෙන් මුදවා ගැනීමේ ක‍්‍රමෝපායන් සැලසුම් කෙරෙන්නේ දඹදෙණිය කේන්ද්‍රස්ථානය කොට ගෙනය.
- සිංහල සාහිත්‍යය වංශයේ විවිධත්වයෙන් යුතු විවිධ ශෛලියෙන් යුතු සාහිත්‍ය කෘති සම්භාරයක් දඹදෙණි යුගයේදී බිහි වීම.
- පූජාවලිය සද්ධර්මරත්නාවලිය වැනි බණ පොත් නිර්මාණය වීම.
- අලංකාරවාදයේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන කව්සිළුමිණ හා කාව්‍ය නිර්මාණය වීම.
- එළු සඳැස් ලකුණ වැනි සිංහල පාලි යන භාෂා දිත්වයෙන් ම ඡුන්දස් ග‍්‍රන්ථ බිහිවීම.
- ධම්මපද සන්න්‍යය රූපසිද්ධි සන්න්‍යය වැනි සන්න්‍යය ග‍්‍රන්ථ හා සාහිත්‍යයට එක් වීම.
- ප‍්‍රයෝගරත්නාවලිය වැනි වෙද පොත් නිර්මාණය වීම.
- හත්ථවනගල්ල විහාර වංශය වැනි ගද්‍ය පද්‍ය ද්වයෙන් ම සමන්විත චම්පු කාව්‍යය නිර්මාණය වීම.
- පොත් පත උගත් අය ප‍්‍රයෝජනයට ගන්නා ග‍්‍රන්ථ භාෂාව වශයෙන් හා
- එවැනි ඉගෙනීම්ක් නැති සාමාන්‍ය ගැමියන් ප‍්‍රයෝජනයට ගන්නා ව්‍යවහාර භාෂාව වශයෙනි.
මාඝ ආක‍්‍රමණයෙන් පීඩාවට පත් පොලොන්නරුවේ සියලූ භික්ෂූන් වහන්සේලා දඹදෙණියට වැඩම වූ දෙවන පරාක‍්‍රමබාහු රජතුමා එවිට විදේශගතව සිටි භික්ෂූන් ද නැවත මෙරටට ගෙන්වා විහාරස්ථාන ප‍්‍රතිසංස්කරණය කරමින්, පිරිවෙන් අධ්‍යාපනය ගොඩ නංවමින්, ධර්ම ශාස්ත‍්‍රීය මෙහෙවරකට අවශ්‍ය පසු පසුබිම් සකස් කරමින්, විශාල අනුග‍්‍රහයක් දැක්වී ය. මෙසේ ධර්ම ශාස්ත‍්‍රීය මෙහෙවරකට අවශ්‍ය පසු පසුබිම නිර්මාණය වීමෙන් පසු රචිත විශිෂ්ට ගණයේ කෘතියක් ලෙස මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත‍්‍ර හිමියන් බුදුරදුන්ගේ අඅරහං බුදු ගුණය පාදක කොටගෙන රචිත පූජාවලිය පෙන්වා දිය හැක. පූජාවලිය කළ බුද්ධපුත‍්‍ර හිමියන් ලියු ඇතැම් වර්ණනා සිත් ගන්නා සුළුය. මාරයුද්ධයට අනතුරුව කළ මර`ගන විලාපය කාගේ වුවද ස්ත් අවුස්සන රස බඳුනකි
”යහලූ සිද්ධාර්ථ නම් කුමාරයාණෙනි, තොප වසන්තයා බඳු වූ කාන්ති ඇති කෙනෙක. පන්තිස් හැවිරිදි හෙයින් නව යෞවනයෙහි පිහිටි රන්වන් වූ ශරීර අත් කොනක් වුව. සියලූ ස්ත‍්‍රීන්ගේ පේ‍්‍රම තොප කරා මැ හයාගන්නා කොනකුව”
පූජාවලියේ අවසානයට විජය රජුගේ පටන් දෙවන පැරකුම්බා රජ දවස දක්වා රජවරුන් පිළිබඳ කරන කෙටි විස්තරය මහාවංශයේ දැක්වෙන කෙටි විස්තරයට බෙහෙවින් සමාන බව නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමියන් හිමියෝ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය නමැති තම ග‍්‍රන්ථයේ සඳහන් කරති.
තවද දේශීය ගැමි උපමා භාවිතා කොට පොදු ජන සමාජයට ඔබින ලෙස ධර්මසේන හිමියන් රචිත සද්ධර්මරත්නාවලිය මෙම යුගයේ බිහිවූ තවත් සුවිශේෂී කෘතියකි. මෙම විශිෂ්ට කෘතිය පිළිබඳ අදහස් දක්වන මාර්ටින් වික‍්‍රමසිංහ ශූරින් පවසන්නේ, බුත්සරණ පූජාවලිය වැනි ග‍්‍රන්ථ රචනයට වහල් වූ ධර්ම දේශකයන්ගේ භාෂාව කතා කීමට උචිත ලෙස සකස් කරන ලද්දේ සද්ධර්මරත්නාවලිය රචිත ධර්මසේන හිමියන් විසින් බවයි. ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනා කිරීමට ධම්මපදයේ අටුවාවන්ට විවරණ සැපයීමට රචිත පාලි ධම්මපදට්ඨ කථාව ගුරූපදේශ කරගත් මුත් පාලි ක‍්‍රම අතහැර දෙසට බසට එක ලෙස මැනැවින් ගෝචර වන ආකාරයෙන් සද්ධර්මරත්නාවලියේ කතා වස්තු පෙළ තබා තිබේ. ධම්මපදට්ඨ කථාවට අමතරවව ධර්මසේන හිමියන් අප්රධාන වශයෙන් මිළින්ද පඤ්හ, සුත්ත නිපාත, අට්ඨ කථා ආදිය සද්ධර්මරත්නාවලිය ශෝභාමත් කිරීමට යොදාගෙන ඇති අයුරු දක්නට ලැබේ.
සද්ධර්මරත්නාවලිය සේම විසිරී පැවති බෞද්ධ කථා රාශියක් එක්තැන් කරමින් වේදේහ හිමියන් විසින් රචිත රසවාහිනීය ද, වාචිස්සර හිමි රචිත ලීලානන්ද දීපනය, සච්ච සංකේප සිංහල සන්න්‍යය, පාලි ථූපවංශය විනිශ්චය ටීකාව, සීමාලංකාර සංග‍්‍රහය ද, මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත‍්‍ර හිමියන් රචිත යෝගාර්ණවය ද, ආනන්ද වනරතන හිමියන් ලියූ පාලි ව්‍යාකරණ සිංහල සන්න්‍යය ආදියෙන් ද දඹදෙණි සාහිත්‍ය යුගය සුපෝෂණය වී ඇත.
එමෙන්ම සිංහල ව්‍යාකරණය පිළිබඳ අපට හමුවන පැරැුණිම ග‍්‍රන්ථය වන වේදය හිමියන් විසින් රචිත සිදත් සඟරාව බිහිවන්නේ ද මෙම යුගය තුළදී ම ය. සිංහල ව්‍යාකරණ ග‍්‍රන්ථයක් වූ සිදත් සඟරාව මෑතක් වන වන තුරු ම සිංහලයට තිබූ එකම ව්‍යාකරණ ග‍්‍රන්ථයේ විය. සිදත් සඟරාව රචිත වීමෙන් පශ්චිම ව සිංහල භාෂාව මහත් වෙනසකට ලක් වී ඇති බව දැකගත හැකිය. ඉන් අනතුරුව ග‍්‍රන්ථ රචනයට යොමු වූ සෑම කතුවරයෙක් ම භාෂාවේ යෙදුම් පිළිබඳ පෙරටත් වඩා වැඩි සැලකිල්ලක් දැක්වීමට උනන්දු වී ඇති අයුරු විද්‍යමාන වෙයි. නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමියන් ට අනුව සිදත රචනා වීමෙන් අනතුරුව භාෂාව ක‍්‍රම දෙකකට වර්ධනය වී ඇත.
මෙසේ ප‍්‍රභේද ද්විත්වයක් වශයෙන් බෙදීම සිදු වූයේ සිදත් සඟරා කරණයෙන් පසුව බව පැහැදිලි ව පැවසීමට හේතු ලෙස ධර්මකීර්ති හිමියන් පවසන්නේ සීගිරි ගී රචනයේ දී එවැනි ප‍්‍රභේදයක් දක්නට නොලැබීමයි.
සිංහලහල ව්‍යාකරණයේ අග‍්‍රගණ්‍ය කෘතිය වන ඉහත කී සිදත් සගරාව රචනා වූවා සේම අලංකාරවාදයේ මුදුන්මල්කඩ නමැති කව්සිළුමිණ හෙවත් පද්‍ය සාහිත්‍යය සුවඳවත් කරන වර්ණවත් පුෂ්පය විකසිත වූයේ ද දඹදෙණි යුගය තුළදීම ය. එය තනි පුෂ්පයක් කීමට ද වඩා පුෂ්පයන් සමූහයක ගෙන් සැදුම්ලත් උත්කෘෂ්ට නිර්මාණයක් බව කීම වඩාත් නිවැරදියි. ඒ පුෂ්පයන් වර්ණයෙන් සුවඳින් හැඩයෙන් අගයෙන් විවිධාකාර ය. සත්තකින්ම එය සාහිත්‍ය නැමැති වෘක්ෂයෙහි සුපිපි මුදුන් මල් කඩයි. මෙම විශිෂ්ට නිර්මාණයෙහි කතුවරයා පිළිබඳ යම් යම් මත්භේද පවතී. එහෙත් ඉතා සූක්ෂමව ග‍්‍රන්ථය පිරික්සීමේදී පෙනී යන්නේ මෙම පුෂ්පය සුපුෂ්පිත වී ඇත්තේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවෙනි පැරකුම්බා රජු අතින් බවයි. එ් බව ග‍්‍රන්ථය අවසන දැක්්වෙන මෙම ගීතය සනිදර්ශිතයි.
” සියබස් සකු මගධ - මහත් සයුරු තෙරපන්
සරසවිය නම් කලිකල් - දෙව්සිරි කල අයදමෙන් ”
” සඳකුල කැන් කොත් - පහන් දෙරනන් නන් වන්මෙත් කිත් පතල කලිකල් - සවැනි නිරිඳු කලෙ මෙ”
මෙම මහා කාව්‍යයෙහි සර්ග පහළොවක් හා ගී සත්සිය හැත්තෑවක් පමණ මන්විතය. එකල බොහෝ සෙයින් ප‍්‍රචලිත පැවතුනේ ජාතක කථාවක් හෝ බෝසත් සිරිතේ වැනුමක් උපයෝගී කරගනිමින් තම නිර්මාණය එළි දැක්වීමයි. ඒ බැව් මුවදෙව්දාවත, සසදාවත වැනි කාව්‍ය නිර්මාණ කැඩපත්ක් සේ සාක්ෂි දරයි.ඒ අනුව ”කව්සිළුමිණ දැනට අපට ලැබී ඇති ජාතක කතාවක් පදනම් කරගනිමින් ලියූ ප‍්‍රථම මහා කාව්‍යයි ” එ් අනුව තම නිර්මාණයට කුස ජාතක කථාව තෝරා ගැනීමට කතුවරයා ප‍්‍රතිභාපූර්ණ හා විචක්ෂණ ඤාණයකින් හෙබ විය. මහා කාව්‍ය සම්පාදනයේදී කුසජාතකයෙහි උපයුක්ත කරුණු කාරණා මුතු පබළු එකිනෙක් මාලයකට ගළපන්නා සේ සරසා ඇත්තේ මහා කාව්‍ය ලක්ෂණ යන්ට අනුගත වෙමිනි. ඉහත කී පරිදි සර්ග පහළොවක් හා ගී හත්සිය හැත්තෑවක් පුරා දිවෙන කුස - පබා පේ‍්‍රම වෘතාන්තය විටෙක විරහවෙන් ද විටෙක ශෘංගාරයෙන් ද ඔප්නැංවෙමින් දිග හැරෙයි. ”බෞද්ධ සහ සාහිත්‍යයේ දක්නට ලැබෙන උසස්ම පේ‍්‍රම කතාව මෙය විය යුතුය”
එ් අනුව උක්ත කරුණු විමසීමේදී කව්සිළුමිණ කාව්‍ය රසාස්වාදය මිනිස් සිත් සතන් සනහන අපූරු පේ‍්‍රම වෘත්තාන්තයක් පාඨක සිත් තළ කිඳා බැස්මට සමත් වී ඇටි බව මනාව පසක්වේ.
ඉහත දැක්වූ උත්කෘෂ්ට ග‍්‍රන්ථ හැරුණු කොට ඡුන්දස් ශාස්ත‍්‍රයට අදාළ විස්තර ඇතුළත් කොට භද්‍රා නම් යතිවරයෙකු විසින් රචිත එළුසඳැස් ලකුණ නම් ග‍්‍රන්ථය නම් ද මෙම යුගයේ රචිත තවත් සුවිශේෂී ග‍්‍රන්ථයකි. පද්‍ය බන්ධනයේදී ඡුන්දස් යෙදිය යුතු අක්ෂරය නියම කිරීමත්, විරිත් භාවිතයෙත්් මෙහි විස්තර වේ. එසේම එම යුගයේ ම රචිත කතෘ අවිනිශ්චිත ලකුණුසර නැමැති ග‍්‍රන්ථය ද සිංහල සම්බන්ධව රචනා වූවකි. තවද පියුම්විල නැමැති කෝෂ ග‍්‍රන්ථය ද විනය පිටකයට අයත් කංඛාවිතරණී අටුවාවට ලියන ලද අර්ථ කථනයක් වූ කංඛාවිතරණී පිටපොත ද මෙම කාලවකවානුව තුළම රචනා වී ඇත. මෙලෙස දඹදෙණි සාහිත්‍ය යුගය පිළිබඳ පද ගැළපීමක දී අමතක කළ නොහැකි සුගන්ධවත් පුෂ්පයක් බඳු සාහිත්‍ය නිර්මාණයක් අපට මුණ ගැසේ. එනම් ”දඹදෙණි කතිකාවතයි.” පොළොන්නරු යුගයේ බිහි වූ පොළොන්නරු කතාකාවතින් පසුව සිංහල සාහිත්‍ය තුළ බිහි වූ සෙවන කතිකාවත මෙය වේ. එකල විසූ භික්‍ෂූන් වහන්සේගේ පැවැත්මට අදාළ වන පරිදි සංඝ සම්මුතියක් ම`ගින් සකස් කර ගත් ව්‍යවස්ථා සමූහයක් වන මෙය දෙවන පැරකුම්බාවන්ගේ අනුග‍්‍රහයෙන් සංඝරක්ඛිත හා දිඹුලාගල මේධංකර යන හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පිළියෙල වූවකි.
පූර්වෝක්ත කාරණා සලකා බැලීමේ දී කාලිංඝ - මාඝ ආක‍්‍රමණය නිසා නිවීගිය සාහිත්‍ය ප‍්‍රදීපය සැල්වීමට විශිෂ්ට මෙහෙවරක් ඉටු වූ කාලවකවානුවක් ලෙස දඹදෙණි යුගය පෙන්වා දිය හැකිය. පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, කව්සිළුමිණ, සිදත් ස`ගරාව, වැනි අති විශිෂ්ට ග‍්‍රන්ථ නැමැති පුෂ්පයන්ගේ සුගන්ධය ඊට පෙර ඇති වූ පරසතුරු නිසා ඇති වූ දුර්ගන්ධය මුළුමනින් ම ක්‍ෂය කර දැමීමට ඉවහල් වී ඇති අයුරු දඹදෙණි යුගයේ සිංහල සාහිත්‍ය සුපරික්‍ෂාකාරීව විමසා බලන්නෙකුට පෙනී යයි. මේ ආකාරයට දඹදෙණි යුගයේ විසූ ශ්‍රේෂ්ඨ ප`ඩිවරුන්ගේ අනුග‍්‍රහය මත සුපුෂ්පිත වූ සාහිත්‍යයේ ස්වර්ණමය යුගයන් අතරින් දඹදෙණි සාහිත්‍යය යුගයද සුවිශේෂී ස්ථානයකලා සැලකිය හැකි බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ
01 සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය, ධර්මකීර්ති ශ‍්‍රී, නිවන්දම - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
02 පූජාවලිය - (සංස්.* ඤාණවිමල හිමි, කිරිඇල්ලේ.
03 සිංහල සාහිත්‍යයේ නැ`ගීම, වික‍්‍රමසිංහ මාරිටින් - සරස පෞද්ගලික සමාගම
04 විමර්ශන සහිත කව්සිළුමිණ - කේ. ජයතිලක, ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ, කොළඹ, 1992.
05 සිංහල සාහිත්‍ය ලතා - අමරවංශ හිමි, කොත්මලේ - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
06 සම්භාව්‍ය සිංහල සාහිත්‍ය සම්ප‍්‍රදාය හා පොදු ජන රුචිය - තිලකරත්න, මිණුවන් පී. - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
07 සිංහල සාහිත්‍ය වංශය, සන්නස්ගල, පුඤ්චිබණ්ඩාර, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ,