Thursday, June 28, 2018



ඡන්දසෙහි ලක්‍ෂ්‍ය ලක්‍ෂණ



බී.ඒ. එම්ෆිල්, (කැලණිය) රාජකීය පණ්ඩිත
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (කොළඹ)
කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය,

පූජ්‍ය බලදොර ඉන්දජෝති හිමි

                                                                                                                                                  © මෙහි ශාස්ත‍්‍රීය සංග‍්‍රහයේ පළවන ලිපිවල අදහස් හා මත ඒ ඒ ලේඛකයන් සතු බව සැළකිය යුතු ය.


මෙහි පළවන ලිපිවල අන්තර්ගතයන් ප‍්‍රාචීන පණ්ඩිත හා විශ්වවිද්‍යාල විභාග සඳහා අදාළ වේ. 

                                                   ඡන්දසින් තොර වූ ශබ්දයක් හෝ ශබ්දයකින් තොර ඡුන්දසක් හෝ නොමැති බව භරතමුනිවරයා නිගමනය කරයි.  ඡුන්දස හා ශබ්දය අතර සබඳතාවය කොපමණදැයි එයින් ගම්‍ය වේ. ඡුන්දසේ අපේක්‍ෂිතාර්ථය රිද්මයයි. ශබ්දයට රිද්මය ලැබෙන්නේ ඡුන්දස මගිනි. ශබ්දය හා රිද්මය සුසංයෝග කිරීම  මානව ඉතිහාසයේ මුල් යුගයේ පටන් පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකිය. පරිසරයේ සෑම හඩක් තුළම රිද්මයක් පැවතීම මානවයාට ද එදා පටන් දැනෙන්නට ඇත. ඔවුන් ද හ`ඩට රිද්මයක් දිය හැකි බව තේරුම් ගන්නට ඇත. ලිඛිත ඉතිහාසයට පැමිණෙන විට මිනිසා පද්‍යකරණයේ මුහුකුරා ගිය තත්ත්වයක් පෙන්නුම් කළේ එබැවිනි. වේදයෙහි ද රිද්මය භාවිත කොට තිබේ. ඍග් සාමන්හි පද්‍ය පමණක් නොව යජුර් වේදයෙහි ගද්‍යයෙහි පවා ඡුන්දස පෙනේ. පැරණි යුගයේ  මිනිසා තොරතුරු මතකයේ රඳවා ගත්තේ කටපාඩමෙනි. ඒ සඳහා තොරතුරු යම් රිද්මයකට පෙළගැස්වීම මතකයේ රඳවා ගැනීම පහසු කරවන්නක් විය. රිද්මය ස්වභාවයෙන් ප‍්‍රිය උපදවන්නකි. එබැවින් ප‍්‍රිය උපදවන රිද්මයට අනුව ශබ්ද පෙළගසා භාවිතයට ගැනීම මානව ඉතිහාසයේ භාෂා භාවිතය ඇරඹුමේ පටන් සිදු වන්නට ඇත.

නිරුක්තිය

                        ඍග්වේද සර්වානුක‍්‍රමණියෙහි ඡන්දස යනු මාත‍්‍රා ගණනින් නිර්ණය කිරීම ලෙස හඳුන්වයි.  අථර්වවේදයට අනුව අක්‍ෂර සංඛ්‍යාවෙන් ගණනය කිරීම ඡුන්දස් නම් වේ.  හලායුධයන් ද  ඡන්දස  යනු අක්‍ෂර සංඛ්‍යාව අනුව නම් කිරීමක් බව දක්වයි.  ජදේවගේ ඡන්දස් කෘතියට භාෂ්‍යක් සැපයූ හර්ෂථ වෘත්තයට ආධාර වූ වචන හා අක්‍ෂර සහිත බව ඡුන්දස් ලෙස දක්වයි.
                        ඡන්දසෙහි සම්භවය සම්බන්ධයෙන් විවිධ මත පළ වී තිබේ. ඡන්දෝවිචිති අනුව ඡන්දස් යන්න චද් ධාතුවෙන් (ක‍්‍රියාමූලයෙන්) සෑදුණකි. පාඨකයා පිනවීම්, ප‍්‍රමෝදයට පත්කිරීම් (gladdening/ delighting)
 අර්ථයෙනි. මෙහිදී ච යන්න ඡ බවට පත්ව තිබේ.  තවත් අදහසකට අනුව ඡුන්දස් යන්න ඡුද් ධාතුවෙන් නිපැයී තිබේ.  වැසීම් මුවහ කිරීම් (to cover)  අර්ථයෙනි. ඡන්දොමඤ්ජරියෙහි මෙය දෙඅයුරකින් විග‍්‍රහ කරයි.

  • ආවරණය කිරීම් අර්ථයෙන්  (to concea / to cover)  
  •  වැළැක්වීම් අර්ථයෙන්  (to Prevent) 
                        ඒ අනුව මිනිසා පවින් ආවරණය කරන අදහසක් ගම්‍ය වේ. සායන ද ඡන්දස ඡද් ධාතුවෙන් උපන් බව පවසයි. ආවරණය කිරීම් (to cover) අර්ථයෙනි.  යාස්ක නිරුක්ති අනුව ඡන්දස් ඡද් ධාතුවෙන් ඉපදුණේ වේ.  ඓතරේය ආරණ්‍යකයේ ඉතා පැහැදිලිවම ඡන්දස් යනු පවින් වළකන අර්ථයෙන් දක්වා තිබේ.  ඡන්දොග්‍ය බ‍්‍රාහ්මණයේ දැක්වෙන්නේ දෙවියන් මරණයේ භයෙන් ආරක්‍ෂා වීමට ඡන්දස් මැවූ බවයි. බොහෝ විද්වතුන්ගේ මතය ඡන්දස් යන්න පාණිනිගේ අර්ථකථනයට සමරූපී බවයි. ඔහු ඡන්දස් යනු සතුට ඉපදවීමේ (to please) අර්ථයෙන් දක්වා තිබේ. මේ අනුව ඡුන්දස් පිළිබඳව අර්ථකථන කීපයක් දැකිය හැකි අතර බොහෝ විද්වතුන් ඡද් හා ඡන්ද් යන ධාතු පිළිබඳව වැඩි අවධානය යොමු කරනු පෙනේ. මහාචාර්ය ඒ. සී. ශාස්ත‍්‍රි ඡද් (to cover) යාස්ක දැක්වූ  අර්ථයෙන් ඡන්දස්හි වෛදික අර්ථය සඳහාත් පාණිනි දැක්වූ  ඡන්ද්(to please) යන්න ලෞකික අර්ථය සඳහාත් වඩාත් ම යෝග්‍ය බව පෙන්වා දෙයි. 

භාවිතය

                                     පැරණි අධ්‍යාපන ක‍්‍රමවේදයෙහි වටිනා මෙහෙයක් ඡන්දස මගින් සිදු වී ඇත. ඡන්දස වේදාංගයන්හි විශේෂ විෂයයකි.  ඡන්දස වේදයේ මුඛය ලෙස හැඳින්වේ.  පාණිනි ආචාර්යවරයා ද ඡන්දස් වේදයේ පදනම ලෙස දක්වයි.  බෘහද්දේවතාහි කර්තෘ ශෞනක ද ඡන්දස නොදැන මන්ත‍්‍ර හා සම්බන්ධ කටයුතු කිරීම පාපක‍්‍රියාවක් බව දක්වයි.  ඡන්දස් දැනුමෙන් තොරව වේද අධ්‍යයනය පව් සිදු වන්නක් බව ඡන්දොග්‍ය බ‍්‍රාහ්මණය පැහැදිලිව දක්වයි.  වෘත්තයකින් තොරව මන්ත‍්‍රයක් සම්පූර්ණ නොවේ. එබැවින් මන්ත‍්‍ර හා ඡන්දස් අතර සමීප සබඳතාවක් පැවතීම ද විශේෂත්වයකි.  

සංවර්ධනය
                                    
                                ආරම්භයේදී ඡුන්දස වේදයට සීමා විය. ඡුන්දස වේදාංගයක් ලෙස සම්භාවනාවට පාත‍්‍ර වෙයි., වේදය ක‍්‍රමානුකූලව ඉගෙනීම පිණිස එයට උපකාර වශයෙන් විෂය හයක් දක්වා තිබේ. ශික්‍ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ඡන්දස්, ජ්‍යෝතිෂ යන ඒ හය වේදාංග වශයෙන් ප‍්‍රකටය. මේ හය චතුර්වේදයට අදාළව ම එය උදෙසාම කර තිබෙන හෙයින් වේදාංග නමින් ගැනේ. සාමාන්‍යයෙන් මෙය කොටස් වශයෙන් බෙදා බැලූ කළ පළමුවැනි හතරෙන් වේදය නිවැරදිව ඉගෙනීමට ද අනික් දෙකෙන් අවස්ථානුකූලව යාග, පූජා ආදිය කර ගැනීමට ද ඉවහල් වන සේ පිළියෙළ කර තිබෙන බැව් පෙනේ., 

                              ලෞකික සංස්කෘතයේ ඡන්දස පිළිබඳ අංගෝපාංග ද සංඛ්‍යායන ස්‍රෞත සූත‍්‍ර, නිධාන සූත‍්‍ර, ඓතරෙය ආරණ්‍යක, ඍග් ප‍්‍රාතිසාඛ්‍ය, සහ ඍග් හා යජුර්වේද අනුක‍්‍රමණිකා යනාදි වේද සාහිත්‍යයෙන්ම දැකිය හැකිය. එයිින් පෙනෙන්නේ සංස්කෘත ඡන්දස වෛදික යුගයේ පටන් ක‍්‍රමයෙන් සාකච්ඡවට ලක් වෙමින් සංවර්ධනය වූ බවයි. 

                                පිංගලනාග ඡන්දස් ශාස්ත‍්‍රයේ ආදි කර්තෘවරයායි. ඔහුම පතඤ්ජලී නමින්ද හැඳින්වෙන බවට මතයක් ද වේ. ශයිතව, කාශ්‍යප, කාත්‍යායන, මාණ්ඩව්‍යය ආදීන් ද ඡන්දස් ශාස්ත‍්‍රය සම්බන්ධයෙන් කටයුතු කළ මුනිවරු ලෙස සැලකේ. භරතමුනි නාට්‍ය ශාස්ත‍්‍රයේ ඡන්දස් පිළිබඳ දීර්ඝ විස්තරයක් දක්වයි. නාට්‍යශාස්ත‍්‍රයේ වෘත්ත ගැන සඳහන්වන කරුණු පිංගලට වඩා පැරණි බව කීත් පවසයි.  විෂධර නම් අයෙක් ද ඡන්දස් කෘතියක් කළ බව සැලකේ. රාජශේකර ඔහුගේ කාව්‍ය මීමංශාවෙහි ඡන්දසෙහි ඉතිහාසය පිළිබඳව අංශුමාත‍්‍ර වශයෙන් සාකච්ඡ කොට තිබේ. ඔහු ප‍්‍රථම කවියා නැතහොත් ඡන්දස් ශාස්ත‍්‍රයේ උත්පාදකයා ලෙස සැලකේ. කාව්‍යපුරුෂ ලෙස ද ඔහු හඳුන්වන්නේ එබැවිනි. නාමාර්ථය අනුව බලනකල විෂධර හා පිංගලනාග යනු එක් අයෙක්ම බව පැහැදිලි වේ. ඡන්දස් ශාස්ත‍්‍රයේ සංවර්ධනය  සම්බන්ධයෙන් කටයුතු කළ අයෙක් ලෙස මින් අනතුරුව කතා බහට ලක් වන්නේ ශූක‍්‍ර පිළිබඳවයි. ඔහු කාව්‍යරචනා කර තිබේ. තෙවැන්නා වාල්මිකී වේ. වරාහමිහිරගේ බෘහත්සම්හිතාවෙහි ඡන්දස් පිළිබඳ පරිච්ඡේදයක් ද වේ.  අග්නිපුරාණයේ වෛදික හා සංස්කෘත ඡන්දස් දෙවර්ගය පිළිබඳවම විස්තර වේ. එය පිංගල ඡන්දස් අනුවම අග්නිපුරාණය සංග‍්‍රහ කළ ගුරු කුලයේ දැක්වීමකි. විශේෂත්වය වන්නේ පිංගලනාගට වඩා වෙනස් සූත‍්‍ර මගින් ඉදිරිපත් කිරීමයි. බට්ටෝත්පල ඔහුගේ භාෂ්‍යයක ඔහුගේ ආදිතමයන් කළ ඡන්දස් පිළිබඳ උපුටාදැක්වීමක් කොට තිබේ. කීත් මහතා ද ඒ පිළිබඳව සඳහන් කර තිබේ.  නාරයන වෘත්තරත්තාකර භාෂ්‍යයේදී භාමහ විසින් ඡුන්දස් සම්බන්ධයෙන් කෘතියක් කළ බවට උපුටා දැක්වීමක් කර තිබේ. ඡන්දෝවිත්ති නම් කෘතිය දණ්ඩින්ගේ යන මතය මත භේදයට තුඩු දුන්නකි. පිංගලනාග යනු ජෛමිනී බව ශාවර භාෂ්‍යයේ දැක්වේ. ජයදේව නැමැත්තෙකු ද ජයදේවඡන්දස් නමින් කෘතියක් කරන ලදි.

                             කේදාරභට්ට ලක්‍ෂ්‍ය ලක්‍ෂණාත්මකව රචනා වෘත්තරත්නාකර නම් කෘතිය කරන ලදි. ඔහු ක‍්‍රි. ව. 1000ට පෙර විසූ බව සැලකේ. වෘත්ත රත්නාකරය අනුව මාගධී භාෂාවෙන් වුත්තොදය රචනා කළ අතර ශ‍්‍රී රාම චන්ද්‍ර කවිභාරතී විසින් වෘත්තරත්නාකරපඤ්චිකාව රචනා කළේය. හෙළ බසින් රචිත එළු සඳැස් ලකුණ ද වෘත්තරත්නාකරයෙහි පරිවර්තනයකි. ක‍්‍රි. ව. 6 සියවසේ ලියවුණ ඡන්දොවිත්ති නම් කෘතියක් ද වේ. ක්‍ෂේමේන්ද්‍ර 11 සියවසේ දී සුවෘත්තිලකා නම් කෘතියක් කරන ලදි. දමෝදර වාණීභූෂණ නමින් ද රත්නශේකර ඡන්දස්කෝශ නමින් ද ඡන්දස් කෘති සම්පාදනය කොට තිබේ. හේමචන්ද්‍ර ද ඡන්දොනුශාසන නම් කෘතියක් කොට තිබේ. නාරායණ නම් අයෙක් 1550 දී වෘත්තරත්නාකර නම් කෘතියක් කොට තිබේ. ගණදාසගේ ඡන්දෝමඤ්ජරිය ජනප‍්‍රිය කෘතියකි.  10 සියවස් වරවාණිනී නම් භාෂ්‍යය සමගින් කළ වාග්වල්ලභය  ශ‍්‍රී දුක්‍ෂාභඤ්ජනකවි නම් අය විසින් ලියන ලද්දකි. දෙවන වාග්භට ද 15 සියවසේදී ඡන්දොමඤ්ජරී නම් කෘතියක් කරනලදි. නාරායන වෘත්තරත්නාකරයේදී භාමහ ද ඡන්දස් සම්බන්ධ කෘතියක් කළ බවට උපුටනයක් දක්වයි.  වරරුචිගේ ව්‍යාකරණයට භාෂ්‍යයක් සැපයූ භාමහ කෙනෙක් ද වේ. මේ දෙදෙනා එක් අයෙක්දැයි දැන ගැනීමට සාක්‍ෂි දුර්ලභය. ඊශානදේවගේ ඡුන්දස්තුති නම් කෘතියක් වේ. හේමචන්ද්‍ර ඡන්දොනුශාසන නමින් කෘතියක් කොට තිබේ.  රාමචන්ද්‍ර චිරඤ්ජීව භට්ටාචාර්ය වෘත්තරත්නාවලී නම් කෘතියක් කරන ලදි. ප‍්‍රාකෘත ඡන්දස සම්බන්ධ පිංගලට අයත් කළ කෘතියක් ගැන කියවෙන නමුත් එය ක‍්‍රි ව. 14න් පසු රචනයක් බව විශ්වාස කෙරේ. වෘත්තජාතිසමුච්චය නම් මෑත කාලීන ප‍්‍රාකෘත කෘතිය වීරහඕක නම් අයෙකුගේ වේ. වීරහඕක විසින් පිංගල, භුජගධීප, විෂධර, වෘද්ධකවි, ශලභාහ සහ හාල ගැන සඳහන් කර තිබේ. එයින් ප‍්‍රථම දැක්වූ තිදෙනා ඡන්දස් ශාස්ත‍්‍රය සම්බන්ධයෙන් කටයුතු කළ අය වෙත්. වෘත්තමාලා නමින් ලෞකික සංස්කෘත සම්බන්ධ ඡන්දස් කෘතියක් කවිකර්ණපූර නම් අයෙක් රචනා කොට තිබේ. වෘත්තමුක්තාවලී වෛදික ඡන්දස සම්බන්ධයෙන් ලියූ නූතන කෘතියක් වේ. තව ද ධීරෙස්වාරාචාර්ය කළ වෘත්තමඤ්ජරී ඡන්දස සම්බන්ධ නූතන කෘතියක් වේ. ශ‍්‍රැතබෝධය කාලිදාසගේ කෘතියක් ලෙස සැලකෙන නමුත් ඒ බව සනාථ කිරීමට කරුණු නොමැති බවත් වරරුචිගේ කෘතියක් බව ඇතමෙකුගේ මතය බවත් කීත් පවසයි. 

වෛදික හා ලෞකික ඡන්දස් වර්ග

වේදයෙහි ඍච් හෝ මන්ත‍්‍ර නමින් හැඳින්වූ ඡන්දස් ගත පද්‍ය අඩංගු වේ. වේදයෙහි ප‍්‍රධාන වශයෙන් ගායත‍්‍රී, උෂ්ණික්, අනුෂ්ටුභ්, වෘහතී, පඕක්තී, ත‍්‍රිෂ්ටුභ් හා ජගතී යන ඡුන්දස් හමුවේ. ගායත‍්‍රී මුල් ඡන්දසයි. එහි අක්‍ෂර 24 කි. එහි පාදයකට අක්‍ෂරය බැගින් අක්‍ෂ 4ක් එක් කිරීමෙන් අනතුරුව එන උෂ්ණික් ඡන්දසට අක්‍ෂර 28කි. අනුෂ්ටුභ් ඡන්දසට අක්‍ෂර 32ක් ද වෘහති ඡන්දසට 36ක් ද පඕක්ති ඡන්දසට 40ක් ද ත‍්‍රිෂ්ටුභ් ඡන්දසට 44ක් ද ජගති ඡන්දසට 48ක් ද අක්‍ෂර සිද්ධිය වේ. මේ එක් එක් ඡන්දසක් නැවත ආර්ෂී, දෛවී, ආසුරී, ප‍්‍රජාපත්‍ය යාජුෂී, සාම්නි, ආර්චි, බ‍්‍රාහ්මි ලෙස අෂ්ටවිධ වේ. අග්නි පුරාණයේ ඒ ඒ අක්‍ෂර නියමයන් පිළිබඳව විස්තරයක් දැක්වේ. ඒ අනුව ගායත‍්‍රී දෛවීටය අක්‍ෂර එකක් ද ගායත‍්‍රී ආසුරියට අක්‍ෂර 15ක් ද විස්තර කෙරේ.  ඡන්දස් හා අතිච්ඡන්දස් ලෙස වෛදික ඡන්දස් වර්ග දෙකක් වේ.  ඡන්දස්හි මාත‍්‍රා 48 නො ඉක්මවයි. (ඇතැම් තැනෙක්හි කලාතුරකින් 50ක් හමු වේ.) අතිච්ඡන්දස්හි මාත‍්‍රා පනස් දෙකක් වේ. (ඇතැම් විට 106ක්වේ)
ඡන්දස් නැවත වර්ග දෙකකට බෙදේ.

   1. සච්ඡන්දස් (උදා - ගායත‍්‍රී)
   2. විච්ඡන්දස් (උදා - මහාබෘහත‍්‍රී)

   අතිච්ඡන්දස් ද වර්ග දෙකකට බෙදේ  

   1. මධ්‍යම වර්ග (52 සිට 76 දක්වා මාත‍්‍රා ඇති)
   2. තෘතීය වර්ග ( 82 සිට 104 දක්වා)

        මහාචාර්ය ශාස්ත‍්‍රී  ඒ ඒ ඡන්්දස් සඳහා අයත් වන මාත‍්‍රා දැක්වීමට පහත දැක්වෙන වගුව ඉදිරිපත් කරයි. මෙහි පාදයක මාත‍්‍රා ගණනය වෛදික ක‍්‍රමයට වේ.

      ඡන්දස්         අතිච්ඡන්දස්                  විච්ඡන්දස්

ගායත‍්‍රී     -  මාත‍්‍රා 24    අතිජගතී    -  මාත‍්‍රා 52  කෘති     - මාත‍්‍රා 80
උෂ්ණික්   -  මාත‍්‍රා 28   ශක්වරී      -  මාත‍්‍රා 56          ප‍්‍රකෘති   -  මාත‍්‍රා 84
අනුෂ්ටුභ්  - මාත‍්‍රා  32   අතිශක්වරී  -  මාත‍්‍රා 60  ආකෘති  -  මාත‍්‍රා 88
බෘහති     -  මාත‍්‍රා  36  අෂ්ටි       -  මාත‍්‍රා 64          විකෘති   -  මාත‍්‍රා 92
පඕක්ති    -  මාත‍්‍රා  40   අත්‍යෂ්ටි    -  මාත‍්‍රා 68          සංකෘති  -  මාත‍්‍රා  96
ත‍්‍රිෂ්ටුභ්    -  මාත‍්‍රා  44ධෘති        -  මාත‍්‍රා  72          අතිකෘති  -  මාත‍්‍රා  100
ජගතී      -  මාත‍්‍රා  48    අතිධෘති     -   මාත‍්‍රා 76  උත්කෘති  -  මාත‍්‍රා  104

                              නැවත ඉහත වගුවේ දැක්වුණ අයුරින් ඡන්දස්හි ගායත‍්‍රී සිට ජගතී දක්වා ද අතිච්ඡන්දස්හි අතිජගති සිට අතිධෘති දක්වා ද විච්ඡන්දස්හි කෘති සිට උත්කෘති දක්වා මාත‍්‍රා ඌන වීම මත පදනම් වෙමින් වර්ග පහකට බෙදේ. ඒ විරාට්, නිකෘත, ශුද්ධ, භූරික, ස්වාරාත් වශයෙනි. මේ අයුරින් ඡුන්දස් වර්ග (7 × 5 = 35) 35කි. අතිච්ඡන්දස් 35කි. විච්ඡන්දස් 35කි. සංකුමතී, කකුද්මතී, නාගී, පිපීලිකාමධ්‍යා, යවමධ්‍යා ආදි අවිධිමත් විශේෂ වෛදික ඡන්දස් කීපයක්  ද වේ. එමෙන්ම භරතමුනිවරයා දිව්‍යගණ, දිව්‍යෙතරගන, දිව්‍යමානුෂගණ යනුවෙන් කීපයක් ද පෙන්වාදෙයි.  ඒවා නැවත වර්ග කෙරේ. ගායත‍්‍රී පටන් ජගතී දක්වා දිව්‍ය ගණ වේ. අතිජගතී පටන් අතිධෘති දිව්‍යෙතරගණ වේ. කෘති පටන් උත්කෘති දක්වා දිව්‍යාමානුෂ වේ. 

මූලිකාංග

                          ඡන්දසේ ප‍්‍රධාන මූලිකාංගය ගණ වේ. ගණ යන්න ගොනුව සමූහය යන අර්ථ ගෙන දෙයි.    (a series” or “a class” or “a group) ව්‍යාකරණානුගත ගණ ක‍්‍රමයක් ද වේ. ඒ පාණිනි ව්‍යාකරණය අනුවයි. ඡන්දස් ගණ ක‍්‍රමය පිංගලනාගගේ විස්මිත නිර්මාණයකි, සම්පාදනයකි.  පිංගල ඡුන්දස් සූත‍්‍රවලට අනුව ගණ 10කි.  ම, ය, ර, ස, ත, ජ, භ, න, ල, ග, වශයෙනි. ඡන්දස් ශාස්ත‍්‍රයට අනුව මේ සියල්ල සංකේතානුරූපව දැක්වේ. මගණයේ පටන් නගණය දක්වා ගණයන්ට සංකේත තුන බැගින් වේ. ලගණය කෙටි බව හගවන එක් සංකේතයකින් ද ග ගණය දීර්ඝ බව හ`ගවන සංකේතයකින් ද යුක්ත වේ. 

මේ අනුව සියල්ල ගුරු නම්                  මගණය වේ                     ͜      ͜    ͜   
ලඝුවක් හා ගුරු දෙකක් වේ නම් ඒ      ය ගණය වේ.                    _   ͜      ͜   
ගුරක් ලඝුවක් හා ගුරක් වේ නම් ඒ       ර ගණය වේ.                    ͜     _    ͜   
ලඝු දෙකක් හා ගුරක් වේ නම් ඒ           සගණය වේ.                   _  _    ͜      
ගුරු දෙකක් හා ලඝුවක් වේ නම් ඒ      ත ගණය වේ.                    ͜    ͜     _
ලඝු ගුරු ලඝු වේ නම් ඒ                        ජ ගණය යි.                    _   ͜      _
ගුරක් හා ලඝු දෙකක් වේ නම් ඒ             භ ගණයයි.                   ͜       _  _
ලඝු තුනක් වේ නම් ඒ                             නගණයයි.                   _    _    _
                               ශ්ලෝක බන්ධනයේ දී පාදාන්ත ලඝුව ඇතැම් විට ගුරක් සේ ද ගණන් ගැනේ. අග්නි පුරාණයේ මේ ගණ අට වෙනත් කෙටි සූත‍්‍රයකින් දැක්වේ. වෘත්තමාලාහි කර්තෘ කවිකර්ණපූර දස ගණයට අමතරව හා ක වශයෙන් ගණ දෙකක් ද සඳහන් කරයි.  මේ වෘත්ත ඡන්දස් පිළිබඳ ගණ වේ. අක්‍ෂර වලින් මැනීම වෘත්ත වේ.

                            වෘත්ත ඡන්දසට අනුව ගණ ගණනය එසේ වන අතර මාත‍්‍රා ඡන්දසට අයත් ගණ 5ක් ද වේ. ආර්යාදි ජාති ඡන්දස්හි භාවිත වන්නේ මේ පඤ්චවිධ මාත‍්‍රා ගණයන් ය.  ඒවා නම්

සර්ව ගුරු ගණය                                                 ͜        ͜    
අන්ත ගුරු ගණය                                                _  _    ͜      
මධ්‍යගුරුගණය                                                   _   ͜       _
ආදිගුරු ගණය                                                    ͜       _  _
සර්ව ලඝු ගණය                                                 _    _    _   _
ගණ පිළිබඳ ශූභාශූභ තත්ත්වයන් ද වන බව කියවේ. ඒ පිළිබඳ සෝරත හිමියන් දක්වන වගුව පහත දැක්වේ. 

ගණනාම ප‍්‍රස්තාර දේවතා මිත‍්‍රදී ඵල ශුභ උදාහරණ
මගණ ͜    ͜    ͜  මගී මිත‍්‍ර ශ‍්‍රී ශුභ ධීශ‍්‍රීස්ත‍්‍රී
යගණ _   ͜    ͜  ජල දාස ආයු ශුභ වරාසා
රගණ ͜    _    ͜  අග්නි ශත‍්‍රැ දාහ අශුභ කාගහා
සගණ _  _    ͜  වායු ශත‍්‍රැ විදේශ ගමන් අශුභ වසුධා
තගණ ͜     ͜     _ ආකාශ උදාසීන ශූන්‍ය අශුභ සාතෙක්ව
ජගණ _   ͜      _ රවි උදාසීන රුජා අශුභ කදාස
භගණ ͜      _  _ චන්ද්‍ර දාස යශස් ශුභ කිංවද
නගන _    _    _ ස්වර්ග මිත‍්‍ර වෘද්ධි ශුභ නභස



                           අශූභ ගණයක් මුලට යෙදුනහොත් එය නිදොස් කිරීම සඳහා දෙවනුව ශුභ ගණයක් යෙදීමෙන් එය ශුද්ධ කළ යුතු වේ. එලෙස යෙදිය යුතු ගණ පිළිවෙළ පිළිබඳ සෝරත හිමියන් පෙන්වාදෙන වගුව පහත දැක්වේ. 

ගණ   මිත‍්‍ර                    දාස          උදාසීන               ශත‍්‍රැ
මිත‍්‍ර   සමෘද්ධ්‍යාදිය වේ ජයාදි වේ    ශූන්‍ය වේ            බන්ධ පීඩා
දාස    සර්වකාර්යසිද්ධි සියලූ ලාභ   ධන නාශ                   ශෝක
උදාසීන ස්වල්පකාර්යසිද්ධි   ප‍්‍රභුත්වය මන්ද ධෛර්ය ස්වජන       වෛර
ශත‍්‍රැ     භ‍්‍රමනාශ                භාර්යා නාශය   සියකුලය වැනසීම          විනාශය

                              අඛිලානන්ද ශර්මා මේ ගණ පිළිබඳ ශුභාශුභ බව වෙනත් ආකාරයකින් දක්වයි. ම, න, ගණ මිත‍්‍ර වේ. භ, ය, භෘත්‍යු වේ. ජ, ර ගණ උදාසීන වේ. ත, ස ගණ නීච වේ යනුවෙනි.  නමුත් ශ‍්‍රී විරාජානන්ද අඛිලානන්දශර්මාගේ ඉහත අදහස සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය සියලල්ට පොදු නොවවන්නක් බවත් ඒ ඒ පුද්ගලයන් ඔවුන් අදහන දේවතාවුන් සම්බන්ධ කරගනිමින් ඒ ඒ ගණවලට වෙනස් අගයන් පවරා ඇති බවත් පෙන්වා දෙයි. නමුත් පිංගලනාගයන් මේ ගණ සම්බන්ධයෙන් කිසිදු දිව්‍යමය සම්බන්ධයක් පවරා නොමැති බව පෙනේ.

යතිය

යතිය ඡන්දොබන්ධ පද්‍යයක විරාමීය සංකේතයයි. යතිය සඳහා සමාන වචන කීපයක් වේ. චිහ්න, අවසාන, විශ‍්‍රාම, විරාම, විරති, ඡේද, අවසිති යනාදිය ඒ අතර වේ.  යතිය නාට්‍ය ශාස්ත‍්‍රයට අනුව නම් වචනයක් තුළ ස්වයංජාත නැවැත්මයි.  විරාම යනු පදාන්ත නැවැත්මයි.  පිංගල දක්වන්නේ යතිය යනු විච්ඡේදය බවයි.  වෘත්තරත්නාකරකරු යතිය විච්ඡේදය ලෙස දක්වයි.  ඡුන්දොමඤ්රිකාර ගණදාස ද විශ‍්‍රාමස්ථානය යතිය බව දක්වයි.  යතිය යනු විශ‍්‍රාමස්ථලයයි.  හලායුධයන් පෙන්වාදෙන්නේ ස්ථල හෙවත් පද්‍යයක වචන කියවන අතර ගන්නා විරාමය යති නම් වන බවයි. ගංගාදාස දක්වන්නේ පාඨකයාගේ දිව විරාම ගැනීමට කැමති තැන යතිය බවයි. ධීරේශ්වරාචාර්ය වෘත්තමඤ්ජරියේ දී හලායුධගේ මතය සනාථකරයි.  මෙහි එන අනෙක් වැදගත් අදහසක් නම් කතුවරයා අවශ්‍ය ස්ථානයේ දී පාඨක කර්ණයට තදින් දැනවීමට අවශ්‍ය ස්ථානයෙහි යතිය තබන බවයි. ඔහු භාෂ්‍යයේදී ද එය තවදුරටත් විස්තර කරයි.   වාමන ද යතිය සඳහා සෑහෙන තරම් කොටසක් වෙන් කොට තිබේ. ආචාර්ය බ‍්‍රහ්මානන්ද ත‍්‍රිපති සිය ඡුන්දෝමඤ්ජරී කෘතියේ හැඳින්වීමේ දී යතිය පිළිගන්නා සහ නොපිළිගන්නා වශයෙන් දෙපක්‍ෂයක් පිළිබඳ සඳහන් කරයි.  ඒ අනුව භර, කෝහල, මාණ්ඩව්‍ය, අශ්වතර, ශෛතව යතිය නොපිළිගන්න කණ්ඩායමට අයත් වන්නාහු වෙති. යතිය පිළිගන්නා සෙසු කණ්ඩායමට වශිෂ්ඨ, කෞණ්ඩිණ්‍ය, කපිල, කම්බලමුනි පිංගලනාග යනාදීහු අයත් වෙත්.

භූත සංඛ්‍යා

ඡන්දසේ දී බොහෝ සෙයින් භාවිත වන්නක් ලෙස භූත සංඛ්‍යා දැකිය හැකි වේ. යම් සංඛ්‍යාත්මක අගයක් දැක්වීමට අවශ්‍ය තැනදී එය සංඛ්‍යාවකින් නොදක්වා ඒ අදාළ සංඛ්‍යාවට සමානව ලොව ඇති වස්තුවක් දැක්වීම මෙහිදී සිදු කෙරේ. නිදසුනක් ලෙස හතර දැක්වීම අවශ්‍ය තැන්හි දී අබ්ධි හෙවත් සාගරය දක්වයි. ලොව සාගර ඇත්තේ හතරක් ම බැවිනි. එලෙස ඒ ඒ සංඛ්‍යා සඳහා ඡුන්දසේ දී භාවිත වන වස්තු පිළිබඳ සටහනක් පහත වගුවේ දැක්වේ.

එක භූමි, වසුධා, භූ, අවනි, ඉන්දු,
දෙක පක්‍ෂ, හස්ත, පාද, නේත‍්‍ර, කර්ණ
තුන ශිවනේත‍්‍ර, වහ්නි, අනල
හතර වේද, අබ්ධි, සමුද්‍ර, අම්බුධි, යුග, අර්ථ
පහ බාණ, ශර
හය රස, තර්ක, ඍතු, රිපු, ගුණ, වේදාංග
හත අශ්ව, මුනි, ඍෂි, 
අට නාග, භොගි, සර්ප
නවය ග‍්‍රහ, අඕක, 
දහය දිශා, දිග්
එකොළහ රුද්‍ර
දොළහ ආදිත්‍ය, මාස, 

දේවතා

ප‍්‍රථම වරට ඍග්වේදයේ ඡන්දස් හතකට අදාළ ව දේවතාවන් හත් දෙනෙකු නම් කොට තිබේ. අග්නි ගායත‍්‍රියට ද ඉන්ද්‍ර ත‍්‍රිෂ්ටුභ්ට ද ආදි වශයෙනි.  අනතුරුව ශෞනක විසින් අත්තිච්ඡුන්දසෙහි දේවතාවා ප‍්‍රජාපති ද විච්ඡුන්දසෙහි දේවතාවා වායු ලෙසින් ද දක්වා තිබේ. තව ද බ‍්‍රහ්ම ඒකපදයන්හි ද පුරුෂ ද්විපදයන්හි ද දේවතාවන් ලෙස දක්වා තිබේ. පිංගල මේ සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ නොකිරීම විශේෂයෙන් දැකිය හැක්කකි.

වර්ණ

ශෞනක ඍග් ප‍්‍රාතිශාඛ්‍යහි දී ඡන්දස් සඳහා වර්ණ පවරා තිබේ. එහිදී පිසඕග, කෘෂ්ණ, නීල, ලෝහිත, ස්වර්ණ පිළිවෙළින් අනුෂ්ටුභ්, බෘහති, පඕක්ති, ත‍්‍රිෂ්ටුභ්, ජගති ඡුන්දස්වලට අයත් කොට තිබේ. පිංගලනාග ද මෙහි ජගතී සම්බන්ධ වර්ණ හැර ඉතිරිය එලෙසින්ම පිළිගනී. ඔහුට අනුව ජගතියට අයත් වර්ණය ගෞර වේ. ප‍්‍රාතිශාඛ්‍යයේ දී අතිච්ඡුන්දසේ වර්ණය ශ්‍යාම බවත්, විච්ඡුන්දසේ වර්ණය ගෞර බවත් දැක්වේ. එමෙන්ම ඒක පදයේ වර්ණය නකුලවර්ණය වේ. ද්විපදයේ වර්ණය බභෘවර්ණය බව දැක්වේ.

ගෝත‍්‍ර

ප‍්‍රධාන ඡන්දස් හතට අග්නිවේශ, කාශ්‍යප, ගෞතම, අඕගීරස, භාර්ගව, කෞශික, වශිෂ්ඨ වශයෙන් ගෝත‍්‍ර පිළිබඳව දැක්වේ.

                            ඡන්දසේ අවයව පිළිබඳව නාට්‍යශාස්ත‍්‍ර ග‍්‍රන්ථයේ දැක්වෙන අදහසට අනුව ඡන්දස හා සම්බන්ධ අවයව 09 කි. එනම් සම්පත්, විරාම, පද, දෛවත, ස්ථාන, අක්‍ෂර, වර්ණ, ස්වර, අධිකවෘත්ත වශයෙනි.

වර්ණ ඡන්දස

වෛදික සංස්කෘතයේ පාදයකට අයත් අක්‍ෂර සංඛ්‍යාව ගණනය කිරීමේන් වෘත්ත පිළිබඳව නිගමනය කළ ද ලෞකික සංස්කෘතයේ දී පාදයක මාත‍්‍ර එනම් ලඝු හා ගුරු ගණනයෙන් වෘත්ත පිළිබඳ නිගමනයකට පැමිණේ. වේදයේ ගණ භේදයක් නොසැලකිණි.  පාදයක අක්‍ෂර කැටි නොහොත් ශබ්ද ගොනු සංඛ්‍යාව කොපමණ දැයි එහිදී සලකා බැලිණි. සංස්කෘතයේ දී පද්‍යයකට පාද 4ක් අවශ්‍ය බව සැලකේ.  සංස්කෘතයෙහි සමවෘත්ත, අර්ධ සමවෘත්ත, විෂම වෘත්ත වශයෙන් වෘත්ත තෙයාකාර වේ.

සමවෘත්ත යනු පාද හතරම සම ලක්‍ෂණ සහිත වෘත්තයයි.  මෙහි වර්ග 26කි. උක්තා, අත්‍යුක්තා, මධ්‍යා, ප‍්‍රතිෂ්ඨා, සුප‍්‍රතිෂ්ඨා, ගායත‍්‍රී, උෂ්ණික්, අනුෂ්ටුභ්, බෘහතී, පඕක්ති, ත‍්‍රිෂ්ටුභ්, ජගතී, අතිජගතී, ශක්වරී, අතිශක්වරී, අෂ්ටී, අත්‍යෂ්ටී, ධෘති, අතිධෘති, කෘති, ප‍්‍රකෘති, ආකෘති, විකෘති, සංකෘති, අතිකෘති, උත්කෘති වශයෙනි. මෙහි උක්තා ඡුන්දසේ පාද හතරටම එක් අක්‍ෂරය බැගින් ද අත්‍යුක්තා ඡුන්දසේ මාත‍්‍රා දෙක බැගින් ද ආදි වශයෙන් පිළිවෙළින් වැඩිවේ. ඒ අනුව අවසාන උත්කෘති ඡුන්දසට අක්‍ෂර 26කි. 26ට වැඩි මාත‍්‍රා ප‍්‍රමාණයක් වේ නම් දණ්ඩක වෘත්ත නමින් ගැනේ. නගණ දෙකක් හා රගණ හතකින් මුල්ම දණ්ඩකය වේ. එය චන්ඩවෘෂ්ටිප‍්‍රපාත දණ්ඩක නමි. මෙයට රගණය බැගින් එක් වෙමින් තවත් දණ්ඩක වේ. ඒ අනුව චණ්ඩවෘෂ්ටි ප‍්‍රපාත, අර්ණ, අර්ණව, ව්‍යාල, ජීමුත, ලීලාකර, උද්දාම, ශඕක, ආරම, සඕග‍්‍රාම, සුරාම, වෛකුණ්ඨ, සොත්කණ්ඨ, සාර, කාසාර, විස්තාර, සංහාර, නීහාර, මන්දාර, කේදාර, සාධාර, සත්කාර, සංස්කාර, මාකන්ද, ගෝවින්ද, සානන්ද, සන්දොහ, නන්ද වශයෙන් එක් එක් රගණය බැගින් වැඩිවීමෙන් නොයෙක් නම් ඇති දණ්ඩක වේ. අන්තිම දණ්ඩකයෙහි පාදයක නගණ දෙකක් හා රගණ තුන්සිය තිස් එකක් වේ. ඒ අනුව එහි එක් පාදයක අක්‍ෂර නවසිය අනූනවයකි. තව ද නගණ දෙකක් හා යගණ හතකින් ප‍්‍රචීතක දණ්ඩකය වේ. පෙර මෙන් යගණය බැගින් වැඩි කිරීමෙන් දණ්ඩක නිපදවිය හැකිය. තව ද නගණ දෙකක් හා ගුරු දෙකක  යන ක‍්‍රමයෙන් සංහවික‍්‍රාන්ත ද, රගණයන්ගෙන්ම බඳනා ලද්දේ මත්තමාතඕගලීලාකර ද, ලඝුවක ගුරක යන ක‍්‍රමයෙන් අනඕගශේඛර ද, ගුරක් ලඝුවක් ක‍්‍රමයෙන් අශෝකමඤ්ජරී ද, සගණයන්ගෙන් ම බැඳ කුසුමස්තබක ද, යගණයන්ගෙන් ම බඳ සංහවික‍්‍රීඩ ද වශයෙන් දණ්ඩක වෘත්ත වේ.  උක්තා පටන් මේ සියල්ල සම වෘත්ත වේ.
අර්ධයක් පමණක් සම නම් ඒ අර්ධ සම වේ. එහිදී එක හා තුන පාදත් දෙක හා හතර පාදත් සමාන වේ.  උපවිත‍්‍ර, ද්‍රැතමධ්‍ය, වේගවතී, ආපාතලිකා, භද්‍රවිරාජ්, කේතුමතී, ලලිතා, ආඛ්‍යානිකී, විපරීතාඛ්‍යානිකී, හරිණප්ලූතා, අපරවක්ත‍්‍ර, පුෂ්පිතාග‍්‍ර, යවමතී වශයෙන් අර්ධසම වෘත්ත වෘත්තරත්නාකරයේ දැක්වේ.

පාද එකිනෙකට විෂම නම් ඒ විෂම වෘත්ත නමි.  පදචතුරූර්ධ්ව, ආපීඩ, කලිකා, ලවලී, අමෘතධාරා ආදි වශයෙන් විෂම වෘත්ත වේ. 
වෘත්තයක් ගමන් විලාසය අනුව නම් කිරීම් ද වේ. ධෘත, මධ්‍යා, විලම්භිත, ධෘතමධ්‍යා, ධෘතවිලම්භිත, මධ්‍ය විලම්භිත වශයෙන් එහිදී හංසයෙක් වැනිව,  සිංහයෙක් වැනිව,  අලියෙක් වැනිව,  ගමන් කරන විලාශය දනවයි
වර්ණ ඡුන්දසට අයත් වෘත්ත කීපයක් මෙතැන් සිට දැක්වේ.

ඉන්ද්‍රවජ‍්‍රා


”ස්‍යාදින්ද්‍රවජ‍්‍රා යදි තෞ ජගෞ ගඃ” 
‘ත’ගණ දෙකක් හා ‘ජ’ගණයක් හා ගුරු දෙකක් වේ නම් ඒ වෘත්තය ත‍්‍රිෂ්ටුභ් ඡුන්දසට අයත් ඉන්ද්‍රවජ‍්‍රා නම් වේ. ඒ සඳහා නිදසුනක් මෙසේ දැක්විය හැකිය.

මිත‍්‍රානි ශත්තෘත්වමිවානයන්තී 
මිත‍්‍රත්ව  මප්‍යර්ථ  වශාච්ච ශත‍්‍රෑන්
නීතිර්න යත්‍යස්මෘතපූර්ව වෘත්තම්
ජන්මාන්ත රම් ජීවි ත  ඒව   පුං  සඃ
͜    ͜    _     ඳ  ͜    ͜    _  ඳ _  ͜     _ ඳ  ͜     ඳ ͜    
   ත          ත        ජ     ගුරු ගුරු

උපජාති

”අනන්තරෝදීරිතලක්‍ෂ්මභාජෞ පාදෞයදීයාවුපජාතයස්තඃ
ඉත්ථං කිලාන්‍යස්වපිමිශ‍්‍රීතාසු වදන්ති ජාතිෂ්විදමේව නාම”

ඉන්ද්‍රවජ‍්‍රා උපේන්ද්‍රවජ‍්‍රා දෙකින් මිශ‍්‍ර වූයේ උපජාති නම් වේ. ඒ සඳහා නිදසුනක් මෙසේ දැක්විය හැකිය.


කෞටිල්‍යධීරජ්ජුනිබද්ධමූර්තිං 
මන්‍යේ ස්ථිරාං මෞර්යනෘපස්‍ය  ලක්‍ෂ් මීම්
             ͜       ͜    _   ඳ  ͜      ͜     _  ඳ _  ͜     _ ඳ    ͜     ඳ ͜    (ඉන්ද්‍රවජ‍්‍රා*
           ත              ත      ජ       ගුරු ගුරු
උපායහස්තෛරපි රාක්‍ෂසේන 
නිකෘෂ්‍ය  ඳමානාමි   ඳව ලක්‍ෂ    ඳයා ඳ  මි 
_   ͜      _ ඳ  ͜      ͜     _ ඳ  _   ͜      _ ඳ  ͜    ඳ  ͜    (උපේන්ද්‍රවජ‍්‍රා*
         ජ            ත         ජ      ගුර  ගුර


වංශස්ථ


  ”ජතෞ තු වංශස්ථ මුදීරිතං ජරෞ” 

ජ, ත, ජ, ර ගණයන්ගෙන් යුක්ත වූයේ නම් ඒ ජගති ඡුන්දසේ වංශස්ථ වෘත්තය යි. නිදසුනක් මේසේ දැක්විය හැකිය.
නෘපෝ’පකෘෂ්ටඃ සචිවාත් තදර්පණඃ
ස්තනංධයෝ,ත්‍යන්තශිශුඃ ස්තනාදිව
අදෘෂ්ටලෝකව්‍යවහාරමූඪධීර්
මුහුර්තමප්‍යුත්සහතේ න වර්තිතුම් 
_   ͜      _  ඳ  ͜      ͜     _ ඳ   _   ͜      _   ඳ  ͜     _    ͜   
            ජ        ත    ජ ර 


ප‍්‍රහර්ෂිණී

”ම්නෞ ජෙ‍්‍රෟ ගස්ත‍්‍රිදසයතිඃ ප‍්‍රහර්ෂිණීයම්”
ම, න, ජ, ර ගණයන්ගෙන් පසු ව ගුරක් වේ නම් ඒ ප‍්‍රහර්ෂීණී වෘත්තය යි. අති ජගති ඡුන්දසට අයත් වේ. සෑම පාදයක ම මාත‍්‍රා 13ක් වේ. පළමු මාත‍්‍රා තුනෙන් හා දහයෙන් යතිය වේ. නිදසුනක් මෙසේයි.

කෞටිල්‍යඃ කුටිලමතිඃ ස ඒෂ යේන
ක්‍රෝධාග්නෞ ප‍්‍රසභමදාහි නන්දවංශඃ
චන්ද්‍රස්‍ය ග‍්‍රහණමිති ශ‍්‍රැතෙඃ සනාම්නෝ
මෞර්යේන්දෝර්ද්විෂදභියෝග ඉත්‍යුපෛති 
        ͜      ͜     ͜    ඳ  _    _    _ ඳ   _   ͜      _  ඳ    ͜     _    ͜     ඳ   ͜         
            ම           න         ජ            ර        ගුරු

රුචිරා


”චතුර්ග‍්‍රෙහෙරිහ රුචිරා ජභස්ජගාඃ” 
ජ, භ, ස, ජ ගණවලින් පසු ව ගුරක් වේ ද, ඒ අතිජගති ඡුන්දසේ රචිරා වෘත්තය යි. හතරෙන් හා නවයෙන් යතිය වේ. නිදසුනක් මෙසේ දැක්විය හැකිය. 

විරුද්ධයෝර්භෘශමිව මන්ත‍්‍රිමුඛ්‍යයෝර්
මහාවනේ වන ගජයෝරිවාන්තරේ
අනිශ්චයාද් ගජවශයේව භීතයා
ගතාගතෛර්ධ‍්‍රැවමිහ ඛිද්‍යතේ ශ‍්‍රියා
           _   ͜      _ ඳ  ͜       _ _ ඳ     _  _    ͜     ඳ   _   ͜      _ ඳ     ͜      
           ජ          භ           ෂ           ජ        ගුරු

වසන්තතිලකා

”උක්තා වසන්ත තිලකා තභජාජගෞගඃ” 

ත, භ, ජ, ජ යන ගණවලින් පසුව ගුරු දෙකක් යෙදීම මෙහි ලක්‍ෂණ වේ. ශක්වරී ඡුන්දසට අයත් වේ.

උල්ලංගයන් මම සමුජ්ජ්වලතඃ ප‍්‍රතාපං
කෝපස්‍ය නන්දකුලකානනධූමකේතෝඃ
සද්‍යඃ පරාත්මපරිමාණවිවේක මූඩඃ
කඃ ශාලභේන විධිනා ලභතාං විනාශම් 
        ͜      ͜     _ ඳ   ͜       _ _  ඳ  _   ͜      _  ඳ  _   ͜      _  ඳ  ͜    ඳ  ͜      
                 ත        භ          ජ         ජ        ගුරු  ගුරු

මාලිනී

”නනමයයයුතේයං මාලිනී භෝගිලෝකෛඃ” 
න, න, ම, ය, ය යන ගණයන්ගෙන් යුක්තව අටකින් හා හතකින් යතිය යෙදෙනුයේ මාලිනී වෘත්තයේ යි. අතිශක්වරී ඡුන්දසට අයත් වේ. නිදසුනක් මෙසේයි.

ජයති ජලදනීලඃ කේශවඃ කේශිඝාතී
ජයති ච ජනදෘෂ්ටේචනද්‍රමාශ්චන්ද්‍රගුප්තඃ
ජයති ච ජයකාර්යේ යාවත් කෘත්වා ච සර්වේ
ප‍්‍රතිහෘතපරපක්‍ෂාර්යේනචාණක්‍යනීතිඃ 
             _    _    _  ඳ   _    _    _  ඳ   ͜      ͜     ͜    ඳ  _   ͜      ͜   ඳ  _   ͜      ͜    
              න           න           ම          ය       ය 

ශිකරිණී

”රෙසෙරුෙද්‍රෙශ්ýන්නා යමනසභලා ගඃ ශිඛරිණී”
ය, ම, න, ස, භ ගණවලින් පසුව ලඝුවක් හා ගුරක් වී හයකින් හා එකොළහකින් යතිය වනුයේ ශිඛරිණී වෘත්තයේ යි. අථ්‍යෂ්ටි ඡුන්දසට අයත් වේ. නිදසුනක් මෙසේයි.

සමුත්ඛාතා නන්දා නව හෘදයශල්‍යා ඉව භුවඃ
කෘතා මෞර්යේ ලක්‍ෂ්මීඃ සරසි නලිනීව ස්ථිරපදා
ද්වයෝඃ සාරං තුල්‍යං ද්විතයමභියුක්තේන මනසා
ඵලං කෝපප‍්‍රීත්යොර්ද්විෂති ච විභක්තං සුහෘදි ච 
_   ͜      ͜    ඳ  ͜      ͜     ͜   ඳ  _    _    _  ඳ_  _   ͜    ඳ   ͜       _ _ ඳ  _ ඳ  ͜      
         ය          ම        න           ස        භ    ලඝු  ගුරු

හරිණී

”රසයුගහෙයෙර්න්සෞ මෙ‍්‍රෟ ස්ලෞ ගෝ යදා හරිණී තදා” 

න, ස, ම, ර, ස ගණ හා ලඝු හා ගුරු යෙදී හයකින් හතරකින් යතිය වේ නම් ඒ අත්‍යෂ්ටි ඡුන්දසේ හරිණී වෘත්තය යි.6න්, 4න්, 7න් යතිය වේ. නිදසුනක් මෙසේ දැක්විය හැකිය.

මම විමෘශතඃ කාර්යේරම්භේ විධේරවිධේයතා
මපි ච කුටිලාං කෞටිල්‍යස්‍ය ප‍්‍රචින්තයතෝ මතිම්
අථ ච විහිතේ තත්කෘත්‍යානාං නිකාමමුපග‍්‍රහේ
කථමිදමිහේත්‍යුන්නිද්‍රස්‍ය ප‍්‍රයාන්ත්‍යනිශං නිශා 
_    _    _  ඳ _  _    ͜     ඳ  ͜      ͜     ͜    ඳ  ͜     _    ͜    ඳ _  _    ͜   ඳ   _ ඳ  ͜      
        න           ස         ම           ර         ස      ලඝු ගුරු

පෘථ්වී


”ජසෞ ජසයලා වසුග‍්‍රහයතිශ්ච පෘථ්වී ගුරුඃ” 

ජ, ස, ජ, ස, ය ගණ හා ලඝු හා ගුරක් යෙදී  8න් හා 9න් යතිය වේ නම් ඒ අත්‍යෂ්ටි ඡුන්දසේ පෘථ්වී වෘත්තයයි. නිදසුනක් මෙසේයි.
කිමෞෂධපථාතිෙගෙරුපහතෝ මහාව්‍යාධිභිඃ
කිමග්නිවිෂකල්පයා නරපතේර්නිරස්තඃ ක‍්‍රැධා
අලභ්‍යමනුරක්තවාන් කිමයමන්‍යනාරීජනං
කිමස්‍ය භවතෝ යථා සුහෘද ඒව නාශෝ’වශඃ 
_   ͜      _  ඳ _  _    ͜    ඳ_   ͜      _ ඳ   _  _    ͜    ඳ   _   ͜      ͜     ඳ _  ඳ ͜      
                ජ           ස        ජ          ස             ය     ලඝු ගුරු

මන්දාක‍්‍රාන්තා

”මන්දාක‍්‍රාන්තා ජලධිෂඩෙගෙර්ම්භෞ නතෞ තාද් ගුරූ චේත්”

ම, භ, න, ත, ත ගණ හා ගුරු දෙකක් වේ නම් ඒ මන්දාක‍්‍රාන්තා නමි. 4න්, 6න්, 16න් යතිය වේ. අත්‍යෂ්ටි ඡුන්දසට අයත් වේ.

නිශ්ත‍්‍රිංශෝ’යං විගතජලදව්‍යෝමසංකාශමූර්තිඃ
යුද්ධශ‍්‍රාද්ධාපුලකිත ඉව ප‍්‍රාප්තසඛ්‍යඃ කරේණ
සත්වෝත්කර්ෂාත් සමරනිකෂේ දෘෂ්ටසාරඃ පෙරෙර්මේ
මිත‍්‍රස්නේහාද්විවශාමධුනා සාහසේ මාං නියුක්තේ 
͜      ͜     ͜    ඳ  ͜       _ _  ඳ  _    _    _  ඳ  ͜      ͜     _  ඳ   ͜      ͜     _  ඳ    ͜    ඳ  ͜     
  භ ගුරු ගුරු

ශාර්දුලවික‍්‍රීඩිත


”සූර්යාශ්වෛර්මසජස්තතා සගුරවඃ ශාර්¥ලවික‍්‍රීඩිතම්” 
ම, ස, ජ, ස, ත, ත ගණ හා ගුරක් වේ නම් ඒ අතිධෘති ඡුන්දසෙහි ශාර්¥ලවික‍්‍රීඩිත වෘත්තය වේ. 

රූපාදීන් විෂයාන් නිරූප්‍ය කරෙණෙර්ෙයෙරාත්මලාභස්ත්වයා
ලබ්ධස්තේෂ්වපි චක්‍ෂුරාදිෂු හතාඃ  ස්වාර්ථාපබෝධක‍්‍රියාඃ
අඕගානි ප‍්‍රසභං ත්‍යජන්ති පටුතාමාඥාවිධේයානි තේ
න්‍යස්තං මූර්ධ්නි පදං තෙථෙව ජරයා තෘෂ්ණෙ මුධා තාම්‍යසි 
͜      ͜     ͜   ඳ  _  _    ͜    ඳ  _   ͜      _  ඳ  _  _    ͜    ඳ   ͜      ͜     _  ඳ  ͜      ͜     _ ඳ    ͜      
ගුරු

සුවදනා

”ඥේයා සප්තාශ්වෂඞ්හිිමිරභනයයුතෞ භ්ලෞ ගඃ සුවදනා” 

ම, ර, භ, න, ය, භ ගණ හා ලඝු ගුරු වේ නම් සුවදනා නමි. කෘති ඡුන්දසට අයත් වේ. හතකින් හතකින් හා හයකින් යති වේ. නිදසුනක් මෙසේ දැක්විය හැකිය.
උත්තුංගාස්තුඕගකූලං ද්‍රැතමදසලිලාඃ ප‍්‍රස්ථන්දිසලිලං
ශ්‍යාමාඃ ශ්‍යාමෝපකණ්ඨද්‍රැමමතිඛරා කල්ලෝලමුකරම්
ස්‍රෝතඃ ඛාතායසීදත්තටමුසරදශනෛරුත්සාදිතතටාඃ
ශෝණං සින්¥රශෝණා මම ගජපතයො,පාස්‍යන්තු ශතශඃ 
͜      ͜     ͜    ඳ  ͜     _    ͜     ඳ  ͜       _ _ ඳ  _    _    _  ඳ  _   ͜      ͜   ඳ ͜       _ _ ඳ _ ඳ  ͜  
    ර භ  ලඝු ගුරු

පුෂ්පිතාග‍්‍රා

”අයුජි නයුගරෙඵතෝ යකාරෝ යුජි ච නජෞ ජරගාශ්ච පුෂ්පිතාග‍්‍රා” 

අර්ධසම වෘත්තයක් වන මෙහි විෂම පාදයන්හි න, න, ර, ය ගණ ද, සම පාදයන්හි න, ජ, ජ, ර ගණ හා ගුරු වේ.

වහති ජලමියං පිනෂ්ටි ගන්ධා
_    _    _ ඳ  _    _    _  ඳ   ͜     _    ͜    ඳ   _   ͜      ͜   
    න

නියමියමුද්ග‍්‍රථතේ ස‍්‍රජො විචිත‍්‍රා
               _    _    _ ඳ _   ͜      _ ඳ _   ͜      _ ඳ  ͜     _    ͜   ඳ  ͜   
    ජ      ජ       ර        ගුරු

මුසලමිදමියං ච පාතකාලේ
_    _    _ ඳ  _    _    _ ඳ    ͜     _    ͜    ඳ   _   ͜      ͜   
නනරය

මුහුරනුයාති කලේන හුංකෘතේන  

              _    _    _ ඳ _   ͜      _ ඳ _   ͜      _ ඳ  ͜     _    ͜     ඳ  ͜      
  ජ     ජ       ර ගුරු


මාත‍්‍රා ඡන්දස්

                                        මාත‍්‍රා ඡන්දසට අනුව ආර්යාදි ජාති වේ. ආර්යා යනු ප‍්‍රථම ජාතියයි. ඒ අනුව යමින් පත්‍යා එකකි. මහාවිපුලා, මුඛවිපුලා, ජගනවිපුලා යයි විපුලා භේද තුනකි. මහාචපලා, මුඛචපලා, ජඝනචපලා භේද තුනකි. ඒ චපලා තුන පෙර කී පත්‍යාව හා චපලා තුන සමග මිශ‍්‍ර වීමෙන් භේද දොළහක් වේ. මුලින් කී පත්‍යා ආදි හතරට මේ දොළහ එක් කිරීමෙන් ආර්යා භේද දාහසයක් වේ.  මෙලෙසින් ගීති, උපගීති, උද්ගීති, ආර්යාගීති, සංගීති, සුගීති, ප‍්‍රගීති, අනුගීති, මඤ්ජුගීති, විගීති, චාරුගීති, වල්ගුගීති, ලලිතා, ප‍්‍රමදා, චන්ද්‍රිකා යන සියල්ල භේද දාහසය බැගින් වේ. තව ද වෛතාලීය, ඖපච්ඡුන්දසික, ආපාතලිකා, දක්‍ෂිනාන්තිකා, උදීච්‍යවෘත්ති, ප‍්‍රාච්‍යවෘත්ති, ප‍්‍රවෘත්තක, අපරාන්තිකා, චාරුභාෂිණී වශයෙන් භේද සහිතව වෛතාලීය ඡුන්දස් ද, වක්ත‍්‍ර, පථ්‍යාවක්ත‍්‍ර, විපරීතපත්‍යාවක්ත‍්‍ර, චපලාවක්ත‍්‍ර, යුග්මවිපුලා, විපුලා, භවි විපුලා, රවිවිපුලා, නවිපුලා, තවිපුලා වශයෙන් භේද සහිතව වක්ත‍්‍ර ඡුන්දස් ද, අචලාධෘති, මාත‍්‍රාසමක, විශ්ලෝක, වානවාසිකා, චිත‍්‍රා, උපචිත‍්‍රා, පාදාකුලක වශයෙන් මාත‍්‍රාසමක ඡුන්දස් ද, ශිඛා, ඛජා, අනඕගක‍්‍රීඩා ආදි වශයෙන් ද මාත‍්‍රා වෘත්ත වේ. ආර්යා ජාතිය පිළිබඳ ලක්‍ෂ්‍ය ලක්‍ෂණ මෙසේයි.

ආර්යා

ලක්‍ෂ්මෛතත් සප්ත ගණා ගෝපෙතාභවති නේහ විෂමේ ජඃ
ෂෂඨෝ,යං නලඝු වා ප‍්‍රථමේර්ධේ නියත මාර්යයායාඃ
ෂෂ්ඨේ ද්වියලාත් පරකේන්ලෙ මුඛච්ච සයති පදනියමාඃ
චරමෙර්ධේ පඤ්චමකේ තස්මා දිහ භවති ෂෂ්ඨෝ ලඃ
ප‍්‍රථමාර්ධයේ ගණ හතක් හා අන්තයෙහි ගුරකි. එහි ප‍්‍රථම, තෘතීය, පඤචම යන විෂමස්ථානයන්හි ජගණය නො වේ. හයවැන්න ජගණයක් හො නගණ හෝ ලඝු වෙයි. ඒ හයවැන්න නගණ ලඝු වූ කල්හි ඒ සවන ගණයාගේ දෙවන ලඝුවෙන් පසුව යතිය වේ. සත්වන ගණය සර්ව ලඝු වූ කල්හි ඒ මුල් ලඝුවෙන් පසුව යතිය වේ. අපරාර්ධයෙහි පස්වන ගණය සර්ව ලඝු වූ කල ඒ මුල් ලඝුවෙන් ප‍්‍රථමව යතිය වේ. දෙවන අර්ධයෙහි හයවැන්න ලඝුවක් පමණක් වේ.

ගුණවත්‍යුපාය        නිලයේස්    ථිතිහේ    තෝ,සා   ධිකේ ත‍්‍රි    වර්ගස්‍ය
_  _   ͜   ඳ   _   ͜      _ ඳ  _  _    ͜    ඳ  _  _    ͜   ඳ    ͜      ͜     ඳ  _   ͜      _ ඳ   ͜      ͜   ඳ  ͜   
               
මද්භව    නනීති      විද්‍යේ  කාර්යා  දාර්යේ ද්‍රැ  තමුපේ     හි 
͜    _ _ ඳ   _   ͜      _ ඳ   ͜      ͜   ඳ  ͜      ͜    ඳ  ͜     ͜    ඳ  _ ඳ   _    _   ͜    ඳ  ͜     

                                 මෙම වර්ගයේ යම් ශ්ලෝකයක පාදද්වයේ තුන්වැනි ගණයට පසුව යතිය යෙදේ නම් එය පත්‍යා නම් වන්නේ ය. මෙයට වෙනස් යති යෙදීම් සහිත වූයේ නම් විපුලා නම් වේ. අර්ධද්වයෙහි ම  ද්විතීය හා චතුර්ථ ගණයෝ ‘ජ’ ගණයෝ වෙත් නම් ඒ චපලා වෘත්තයයි. සිව්වන ගණයේ මධ්‍යයේ යතිය පිහිටයි නම් ඒ විපුලා ආර්යා නම් වේ. අර්ධ දෙකෙහි ම දෙවන සිව්වන ගණ ‘ජ’ගන වීම හා ඒ ගණ ගුරු මධ්‍යගතව සිටීම චපලා ලක්‍ෂණයයි. ආර්යා ශ්ලෝකයක පළමු අර්ධය චපලා ලක්‍ෂණ ද, දෙවන අර්ධය පථ්‍යා ලක්‍ෂණ ද දරයි නම් ඒ මුඛචපලා නම් වේ. මෙයට විරුද්ධ ස්වභාවය වූ පළමු අර්ධය පථ්‍යා ද දෙවෙනි අර්ධය චපලා ද වේ නම් ඒ ජඝනචපලා නම් වේ.

                                             ආර්යා ප‍්‍රථමාර්ධ ලක්‍ෂණ අර්ධද්වයෙහි ම වේ නම් ඒ ගීති ලක්‍ෂණයි. ආර්යා ද්විතීයාර්ධයේ කී ලක්‍ෂණ අර්ධ ද්වයෙහි ම වේ නම් උපගීති නම් වේ. අර්ධ දෙකෙහි ම අර්යා පූර්වාර්ධ ලක්‍ෂණයන්ට තවත් ගුරක් එක් කොට ගණ අටකින් යුක්ත කෙරෙයි නම් ඒ ආර්යා ගීති නම් වේ. 
මෙකී ආර්යා, ගීති, උපගීති, උද්ගීති, ආර්යාගීති යන එක් එක් වෘත්තයට භේද සොළොස බැගින් වේ. ඒ අනුව සියල්ල එක් වූ විට ප‍්‍රභේද 80 කි. මේ පිළිබඳ තවත් ප‍්‍රභේද රාශියක් වේ. මීට ද අමතර ව වෛතාලිය, වක්ත‍්‍ර ආදි ප‍්‍රභේද කිහිපයක් වේ.

ප‍්‍රස්තාරය, නෂ්ටය, උද්දිෂ්ටය, එකද්ව්‍යාදිලගක‍්‍රියාව, සංඛ්‍යානය, අධ්වයෝගය යනුවෙන් ෂට්ප‍්‍රත්‍යයක් වේ.  ප‍්‍රස්තාරය නම් ඡුන්දසක වෘත්ත කෙතෙක් වේදැයි ප‍්‍රස්තාර කර ගන්නා ක‍්‍රමයයි. ඡුන්දසක ඇතිතාක් ලඝුගුරු වින්‍යාසය මෙයින් දත හැකි වේ. නෂ්ටය නම් ගුරු ලඝු නොපෙනීගිය වෘත්තයක ගුරු ලඝු දැන ගැනීමට උපකාර වන ක‍්‍රමයයි. උද්දිෂ්ටය නම් ප‍්‍රස්තාරය දක්වා ඒ වෘත්තය කී වැන්න දැයි දැනගන්නා ක‍්‍රමයයි. ඒකද්ව්‍යාදිලගක‍්‍රියා නම් ඡුන්දසෙහි ලැබෙන ඒකගුරු වෘත්ත එකලඝු වෘත්ත ද්වි ගුරු වෘත්ත, ද්විලඝු වෘත්ත යනාදිය දැනගැනීමට උපකාරී වන ක‍්‍රමයයි. සංඛ්‍යානය නම් ප‍්‍රස්තාර නොකරම ඡුන්දසක වෘත්ත කොපමණ වේදැයි දැනගන්නා ක‍්‍රමයයි. අධ්වයෝගය නම් ඡුන්දසක් ප‍්‍රස්තාර කිරීමට උවමනා භූමි ප‍්‍රමාණය කොපමණ දැයි දැනගන්නා ක‍්‍රමයයි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

ප‍්‍රථමික මූලාශ‍්‍රයයෝ

01.  Aitareya Āraṇyaka, Anandasram Press Granthamala 38, Puna, 1898, Eng.
Translation by A.B. Keith, Oxford, 1909
02.  Aṣṭādhyāyī of Pāṇini (Vols.I-II), ed. by S.C. Basu. Motilal Benarsidass,
Delhi, 1962
03.  Bṛhaddevatā, ed. by A.A. Macdonell, Harvard Oriental Series, Cambridge,
1904, Delhi, 1965
04.  Bṛhatsaṁhitā of Varāhamihira, ed. by Sri Achyutananda Jha,
Chowkhamba Vidhyabhavan, Varanasi -1, 2003
05.  Chāndogyopaniṣad, ed. by Limye, Puna, 1958.
06.  Chandomañjarī of Gaṅgādāsa, ed. by Prof. Gurunatha Vidyanidhi, Chatra Pustakalay, Kolkata, Bengali era 1332.
07.  Chandomañjarī of Gaṅgādāsa, ed. by Dr. Dileep Kumar Kanjilalk, Modern
Book Agency Private Ltd, Calcutta – 12, 1962.
08.  Chandomañjarī of Gaṅgādāsa, ed. by Dr. Brahmananda Tripathi,
Chowkhamba Surabharati Prakashan, Varanasi-221 001, 1992.
09.  Chandomañjarī of Gaṅgādāsa, (with the com. Sidhā of Pt. Parameshwardin
Pandey), ed. by Pt. S.S. Khanduri, Chowkhamba Krishnadas Academy, Varanasi – 221
001, Reprint, Samvat 2061.
10.  Chandoviciti of Patañjali, ed. by Prof. B.R. Sharma in association with
Prof. L.N. Bhatta, Rashtriya Sanskrit Vidyapeetha, Tirupati, 2000.
11.  Chando’nukramaṇī of Śaunaka, Chowkhamba Sanskrit Series Office,
Varanasi, 8thEdn., 1972.
12.  Muṇḍakopaniṣad, ed. by Pt. Durgacharan Sankhya-Vedantatirtha,
Devasahitya Kutir, Kolkata, 1977.
13.  Nāṭyaśāstra of Bharata, (with the com. Abhinavabhārati), ed. by Dr. R.S.
Nagar, Parimal Publications, 1988.
14.  Nāṭyaśāstra of Bharata, ed. by Pt. Kedar Nath, Bharatiya Vidya Prakashan,
1-U.B. Jawarhar Nagar, Bunglow Road, Delhi- 7, 1998.
15.  Nāṭyaśāstra of Bharata, (Pt. II), ed. by Umakanta Devasharma Sastri,
16.  Assamese Trans. By Nityananda Sastri, Axom NatyaSanmilan, Nagaon, Assam, 2006
17.  Nirukta of Yāska (with Durgabhāṣya), ed. by R.G. Bhandarkar (BSPS 85),
Puna, 1942.
18.  Pāṇinīya-śikṣā, ed. by Manamohan Ghosh, Calcutta University, 1938
19.  Pāṇinīya-śikṣā, ed. By Pramodabardhan Kaundinnyayan, Chowkhamba
Vidyabhavan, Varanasi-1, 2004.
20.  Piṅgalacchandaḥsūtra (with the com. of Halāyudha), ed. by Sri Sitanath
Samadhyayi Bhattacharya, Kokkata, Śaka era 1837.
21.  Ṛgveda-saṁhitā (4 Vols.), ed. by F. Max Mūller, Varanasi, 1966.
22.  Śrutabodha of Kālidāsa, ed. by Pt. Brahmasankara Miśra, Chowkhamba
Vidhyabhavan, Varanasi-1
23.  Suvṛttatilaka of Kṣemendra, ed. by Pt. Vrajamohan Jha, Chowkhamba
Sanskrit Series Office, Varanasi-1, 1968.
24.  Vṛttamālā of Kavikarṇapūra (with the com. Bālasubodhinī) ed. by Dr. D.K.
Sharma, New Bharatiya Book Corporation, Delhi-7, 1999.
25.  Vṛttamañjarī of Mahāmahopādhyāya Dhīreśvarācāryya Kaviratna,
Department of History and Antiquarian Studies, Assam,Guwahati, 1961.
26.  Vṛttaratnākara of Pandit Kedārabhaṭṭa, ed. by Prof. Sri Ramachandra Kavi
Bharati, Satyabhāmābāi Pāṇurañg , Bombay,1948.
27.  Vṛttaratnākara of Bhaṭṭakedāra, ed. by Pt. Madhusudhan Sashtri,
Chowkhamba Krishnadas Acadey, Varanasi-1, 2nd Edn., 1994.
28.  Vṛttaratnākara of Bhaṭṭakedāra, ed. by Pt. Vaidya Nāth Śāstrī Varakale,

Chowkhamba Sanskrit Series Office, Varanasi-1, 1962.

ද්වීතීයක මූලාශ‍්‍රයයෝ

29   සෝමාරාම හිමි, ජී. සංස්කෘත සාහිත්‍ය වෛදික යුගය, විද්‍යාලංකාර මුද්‍රණාලය, 1952 
30  සංස්කෘත සාහිත්‍ය ඉතිහාසය (පරි.* ජී එස් බී සේනානායක, ගුණසේන, 1965
31  සෝරත හිමි, වැලිවිටියේ. සරලා ව්‍යාකඛ්‍යා සහිත වෘත්තරත්නාකරය, මහාබෝධි, කොළඹ. 1946
32.  Bhattacharyya, K.C. :Mahāmahopādhyāya Dhīreśvarācāryya, Kamrup
Anusandhan Samittee, Guwahati – 3rd Edn., 1996
33.  Bhattacharyya, S.: Jottings on Sanskrit Metrics, Sanskrit College, Kolkata,
1963
34.  Murty, R.S.: Vedic Prosody, Vohra Publishers & Distributors, Allahabad,
1st Edn., 1988
35.  Sastri, A.C. : Piṅgalacchandaḥsūtra – A Study, University of Calcutta,
Kolkata, 1987



No comments:

Post a Comment